Skip to content

පටුනට යන්න

ඔයාට මතකද?

ඔයාට මතකද?

ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?

කාන්තාවන්ට සලකන්න ඕන විදිහ ගැන යෙහෝවා තියන්නේ මොන වගේ ආදර්ශයක්ද?

ඔහු පුරුෂයන්ටයි, කාන්තාවන්ටයි දෙගොල්ලන්ටම සලකන්නේ එකම විදිහට. ඔහු කාන්තාවන්ට ඇහුම්කන් දෙනවා. එයාලට හැඟෙන විදිහ ගැන ඔහු සැලකිලිමත්. ඔහු භාර දීලා තියෙන වැඩේ එයාලා හොඳට කරයි කියලා ඔහුට විශ්වාසයි.—w24.01, 15-16 පිටු.

එෆීස 5:7 අදාළ කරගන්න පුළුවන් කොහොමද?

පාවුල් කියන්නේ දෙවියන්ගේ ප්‍රමිති රකින එක තව අමාරු කරවන අයව ආශ්‍රය කරන්න එපා කියලයි. ඒ වගේ අයව මූණට මූණ වගේම ඉන්ටර්නෙට් එකෙන්, සෝෂල් මීඩියාවලින් හම්බ වෙනවා.—w24.03, 22-23 පිටු.

අපි පරෙස්සම් වෙන්න ඕනෙ මොන වගේ බොරු කතාවලින්ද?

විශ්වාසවන්තයි කියලා තහවුරු කරගෙන නැති තොරතුරුවලින් අපි පරෙස්සම් වෙන්න ඕනේ. ඒ වගේ එකක් යාළුවෙක්ගෙන්, ඊ-මේල් එකකින්, සත්‍යයට උනන්දුයි කියලා මවාපාන සත්‍යය අත්හැරපු කෙනෙක්ගෙන් ලැබෙන්න පුළුවන්.—w24.04, 12 පිටුව.

සලමොන් රජව සහ යෙහෝවා විනාශ කරපු අයව ඔහු විනිශ්චය කරන විදිහ ගැන අපි දන්නේ, දන්නේ නැත්තේ මොනවාද?

එයාලට නැවත නැඟිටීමක් නැහැ කියලා අපිට හරියටම කියන්න බැහැ. එයාලා ගැන හැම තොරතුරක්ම යෙහෝවා දන්නවා කියලත් ඔහු දයාවන්තයි කියලත් අපි දන්නවා.—w24.05, 3-4 පිටු.

දෙවියන් “පර්වතයක්” කියන්නේ ඇයි? (ද්වි. 32:4)

අපිට යෙහෝවාගේ රැකවරණය ලැබෙනවා. ඔහු විශ්වාසවන්තයි. ඔහු පොරොන්දු ඉටු කරනවා. ඔහුගේ ගතිගුණ, ප්‍රතිපත්ති, අරමුණ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.w24.06, 26-28 පිටු.

අලුත් සභාවකට හුරු වෙන්නේ කොහොමද?

යෙහෝවා මත රැඳිලා ඉන්න. කලින් සභාවත් එක්ක අලුත් එක සසඳන්න එපා. අලුත් සභාවේ දේවල් බැහැලා කරන්න. අලුත් යාළුකම් ඇති කරගන්න.—w24.07, 26-28 පිටු.

මතෙව් 25 තියෙන උදාහරණ තුනෙන් උගන්නන පාඩම් මොනවාද?

එළුවන් සහ බැටළුවන්ගේ උදාහරණෙන් පෙන්නන්නේ විශ්වාසවන්ත වෙන එකේ වැදගත්කම. සූදානමින්, සෝදිසියෙන් ඉන්න එකේ වැදගත්කම තරුණියන්ගෙන් පෙන්නනවා. තලෙන්ත උදාහරණෙන් කාවද්දන්නේ මහන්සි වෙලා වැඩ කරන එකේ වැදගත්කම.—w24.09, 20-24 පිටු.

දේවමාලිගාවේ ප්‍රවේශ ශාලාව කොච්චර උසද?

සමහර පරණ අත්පිටපත්වල 2 ලේකම් 3:4 තියෙන්නේ ඒකේ උස රියන් 120ක් කියලා. තවත් විශ්වාසවන්ත පිටපත්වල තියෙන්නේ රියන් 20යි කියලා. දේවමාලිගාවේ බිත්තිවල ගනකම ගැන හිතද්දී ශාලාවේ උස රියන් 20යි කියලා හිතන්න පුළුවන්.—w24.10, 31 පිටුව.

සහායක සේවකයෙක්ට ඉන්න ඕනෙ “එක බිරිඳක් විතරයි” කියන්නේ ඇයි? (1 තිමෝ. 3:12)

එයා විවාහ වෙලා ඉන්න ඕනෙ එක් කෙනෙක් එක්ක විතරයි. එයා අනාචාරයේ යෙදෙන්නෙවත් වෙන ස්ත්‍රීන්ට ආදර හැඟීම් පෙන්නන්නෙවත් නැහැ.—w24.11, 19 පිටුව.

යොහන් 6:53 කියන්නේ සිහි කිරීමේදී කරන්න ඕන දේවල් ගැන නෙවෙයි කියන්නේ ඇයි?

යොහන් 6:53 තියෙන දේ යේසුස් කිව්වේ ක්‍රි.ව. 32 ගලීලයේ හිටපු, ඔහු ගැන විශ්වාසයක් තිබුණේ නැති යුදෙව්වන්ට. ඒත් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ඔහු හඳුන්වලා දුන්නේ ඊට අවුරුද්දකට පස්සේ යෙරුසලමේදී. එතන හිටියේ ඔහුත් එක්ක දේවරාජ්‍යයේ පාලනයට හවුල් වෙන අය.—w24.12, 10-11 පිටු.