Skip to content

පටුනට යන්න

අධ්‍යයනයට දෙයක්!

යෙහෝවාට ළැදි අය පොරොන්දු රකිනවා

යෙහෝවාට ළැදි අය පොරොන්දු රකිනවා

විනිශ්චයකරුවෝ 11:30-40 කියවලා යෙප්තායි, එයාගේ දුවයි පොරොන්දු ඉටු කරපු විදිහ ගැන බලන්න.

අවට පද ගැන හිතන්න. දෙවියන්ට වෙන පොරොන්දු රකින එක ගැන විශ්වාසවන්ත ඊශ්‍රායෙල්වරුට හැඟුණේ කොහොමද? (ගණන්. 30:2) යෙහෝවාව විශ්වාස කරනවා කියලා යෙප්තායි, එයාගේ දුවයි පෙන්නුවේ කොහොමද?—විනි. 11:9-11, 19-24, 36.

ගැඹුරට හාරන්න. යෙප්තා වුණ පොරොන්දුව මොකක්ද? ඒ පොරොන්දුව දෙද්දී එයාගේ මනසේ තිබ්බේ මොකක්ද? (w16.04 7 12¶) ඒ පොරොන්දුව ඉටු කරන්න යෙප්තායි, එයාගේ දුවයි කරපු කැප කිරීම් මොනවාද? (w16.04 7-8 14-16¶) අද ඉන්න ක්‍රිස්තියානීන් දෙන පොරොන්දු මොනවාද?—w17.04 5-8 10-19¶.

පාඩම් අඳුරගන්න. ඔයාගෙන්ම මෙහෙම අහගන්න.

  • ‘කැප වෙද්දී මං වුණ පොරොන්දුව රකින්න මට පුළුවන් කොහොමද?’ (w20.03 13 20¶)

  • ‘යෙහෝවාට තව වැඩියෙන් සේවේ කරන්න මට කරන්න පුළුවන් මොන වගේ කැප කිරීම්ද?’

  • ‘විවාහ වෙලා ඉන්න කෙනාට මං වුණ පොරොන්දුව රකින්න මට උදව් වෙන්නේ මොනවාද?’ (මතෙ. 19:5, 6; එෆී. 5:28-33)