Skip to content

පටුනට යන්න

බයිබලෙන් අදහසක්!

ජීවිත පූජාව දෙන්න කලින් පව්වලට සමාව ලැබුණේ කොහොමද?

ජීවිත පූජාව දෙන්න කලින් පව්වලට සමාව ලැබුණේ කොහොමද?

අපේ වැරදිවලට සමාව ලබාගන්න තියෙන එකම මාර්ගය තමයි යේසුස්ගේ ජීවිත පූජාව. (එෆී. 1:7) හැබැයි බයිබලේ කියනවා “අතීතයේදී” ඒ කියන්නේ යේසුස් ජීවිතේ පූජා කරන්න කලින් ‘දෙවියන්ගේ ධර්මිෂ්ඨකම පැහැදිලි වූයේ ඔහු ඉවසිලිවන්තව ක්‍රියා කරමින් මිනිසුන් කළ පාපවලට සමාව දීමෙනි’ කියලා. (රෝම 3:25) ඒත් යුක්තිය සම්බන්ධයෙන් දෙවියන් ඇති කරපු ප්‍රමිතිය කඩන්නේ නැතුව ඔහු කොහොමද ජීවිත පූජාව දෙන්නත් කලින් මිනිස්සුන්ට සමාව දුන්නේ?

යෙහෝවා දෙවියන් පොරොන්දු වුණා “පැවත එන තැනැත්තා” මාර්ගයෙන් මිනිස්සුන්ව ගලවාගන්නවා කියලා. ඒ දේ තීරණය කරපු වෙලාවේ ඉඳන්ම ඔහු ජීවිත පූජාව සැලකුවේ ඒ වෙද්දීත් පූජා කරලා ඉවර දෙයක් විදිහට. (උත්. 3:15; 22:18) දෙවියන්ට ස්ථිර විශ්වාසයක් තිබුණා ඔහු නියම කරලා තියෙන කාලේදී යේසුස් ජීවිතේ පූජා කරයි කියලා. (ගලා. 4:4; හෙබ්‍රෙ. 10:7-10) යේසුස් මේ පොළොවේ ඉද්දී ඒ කියන්නේ ඔහු තමන්ගේ ජීවිතේ පූජා කරන්නත් කලින් ඔහු ගැන විශ්වාසය තියපු අයගේ පව්වලට සමාව දෙන්න ඔහුට අධිකාරිය තිබුණා. මොකද ඔහු දැනන් හිටියා අනාගතයේදී ඔහු පූජා කරන ඔහුගේ ජීවිතෙන් කොහොමටත් එයාලට සමාව ලැබෙනවා කියලා.—මතෙ. 9:2-6.