අධ්‍යයනයට දෙයක්!
අසාධාරණකම් දරාගන්න
යෝසෙප් අසාධාරණකම් දරාගත්ත විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් දේවල් දැනගන්න උත්පත්ති 37:23-28; 39:17-23 කියවන්න.
සිද්ධියේ වටපිටාව දැනගන්න. අනිත් අය යෝසෙප්ට අසාධාරණ විදිහට සැලකුවේ ඇයි? (උත්. 37:3-11; 39:1, 6-10) යෝසෙප්ට කොච්චර කල් ඒවා දරාගන්න වුණාද? (උත්. 37:2; 41:46) ඒ දේවල් වෙද්දී යෙහෝවා එයා වෙනුවෙන් කළේ මොනවාද, කළේ නැත්තේ මොනවාද?—උත්. 39:2, 21; w23.01 17 13¶.
ගැඹුරට යන්න. පොතිෆර්ගේ බිරිඳ යෝසෙප්ට විරුද්ධව කරපු චෝදනා බොරුයි කියලා යෝසෙප් කිව්වා කියලා බයිබලේ කියන්නේ නැහැ. යෝසෙප් ඒ වෙලාවේ කට පියන් ඉන්න ඇත්තේ ඇයි? ඒ හැම තොරතුරක්ම බයිබලේට ඇතුළත් කරයි කියලා අපිට හිතන්න බැරි ඇයි? ඒ ප්‍රශ්නවලට උත්තර තේරුම්ගන්න මේ බයිබල් පද උදව් වෙන්නේ කොහොමද? (හිතෝ. 20:2; යොහ. 21:25; ක්‍රියා 21:37) ආසාධාරණකම් ඉවසගන්න යෝසෙප්ට උදව් වෙන්න ඇත්තේ මොන වගේ ගුණාංගද?—මීකා 7:7; ලූක් 14:11; යාකො. 1:2, 3.
පාඩම් අඳුරගන්න. මේ ගැන හිතන්න.
-
‘යේසුස්ගේ අනුගාමිකයෙක් නිසා මට මොන වගේ අසාධාරණකම්වලට මූණ දෙන්න වෙයිද?’ (ලූක් 21:12, 16, 17; හෙබ්‍රෙ. 10:33, 34)
-
‘අසාධාරණකම්වලට හොඳින් මූණ දෙන්න මට දැන් ඉඳන්ම කරන්න පුළුවන් මොනවාද?’ (ගීතා. 62:7, 8; 105:17-19; w19.07 2-7)