Skip to content

පටුනට යන්න

අධ්‍යයනයට යෝජනාවක්!

අලුත් දේවල් ඉගෙනගන්න බලාගෙන අධ්‍යයනය කරන්න

අලුත් දේවල් ඉගෙනගන්න බලාගෙන අධ්‍යයනය කරන්න

අධ්‍යයනය කරන්න ලෑස්ති වෙද්දී මෙහෙම හිතන්න. ‘මොනවාද මං මේකෙන් ඉගෙනගන්න යන්නේ?’ හැබැයි ‘මං මෙන්න මේ දේ විතරයි ඉගෙනගන්න යන්නේ’ කියලා හිතාගෙන අධ්‍යයනය කළොත් යෙහෝවා අලුතෙන් අපිට උගන්නන්න යන දේ අපි මඟහැරෙයි. එහෙමනම් යෙහෝවා උගන්නන දේ හරියට අඳුරගන්නේ කොහොමද?

ප්‍රඥාව ඉල්ලලා යාච්ඤා කරන්න. යෙහෝවා අද ඔයාට උගන්නන්න හදන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න ඔහුගෙන් උදව් ඉල්ලන්න. (යාකො. 1:5) ඔයා දැනටමත් දන්න දේ මත්තේම ඉන්න එපා.—හිතෝ. 3:5, 6.

ඔයාට උගන්නන්න බයිබලේට ඉඩ දෙන්න. “දෙවිගේ වදන් ජීවමානය.” (හෙබ්‍රෙ. 4:12) බයිබලේ ජීවමාන නිසා අපි ඒක කියවන හැමපාරම අලුත් දෙයක් අපිට කියලා දෙන්න ඒකට පුළුවන්. හැබැයි ඒ යෙහෝවා උගන්නන දේ තේරුම්ගන්න අපේ හිතේ ආසාවක් තියෙනවා නම් විතරයි.

යෙහෝවා අපි වෙනුවෙන් ලෑස්ති කරලා තියෙන හැම දෙයක්ම අගය කරන්න. යෙහෝවා අපිව පෝෂණය කරන්න ‘ප්‍රණීත ආහාර සහිත විශාල භෝජන සංග්‍රහයක්’ ලෑස්ති කරලා තියෙනවා. (යෙසා. 25:6) ඒකෙන් ඔයා කැමති ඒවා විතරක් තෝරලා බේරලා කන්න එපා. මොකද ඔයා අධ්‍යයනය කරන්න අකමැති ඒවාවලිනුත් ඔයාට ප්‍රයෝජන ගන්න පුළුවන්.