Skip to content

පටුනට යන්න

අධ්‍යයනයට යෝජනාවක්!

හොඳ වටපිටාවක් හදාගන්න

හොඳ වටපිටාවක් හදාගන්න

අධ්‍යයනය කරද්දී ඒක තවත් හොඳට කරන්න ඔයා කැමතිද? ඒකට හොඳ වටපිටාවක් හදාගන්න එක ඔයාට උදව් වෙයි. ඒක කරන්න මේ යෝජනා අත්හදා බලන්න.

  • හොඳ තැනක් තෝරගන්න. පුළුවන් නම් හොඳට එළිය තියෙන, පිරිසිදු, පිළිවෙළකට තියෙන තැනක් තෝරගන්න. ඔයාට පුළුවන් මේසයක් ළඟ ඉඳගන්න. එහෙමත් නැත්නම් වත්තේ පහසු තැනකට යන්න.

  • තනියෙන් ඉන්න පුළුවන් තැනක් තෝරගන්න. යේසුස් යාච්ඤා කරන්න ‘උදේ පාන්දරින්ම නැඟිටලා පාළු තැනකට ගියා.’ (මාක් 1:35) කවුරුත්ම නැති තැනක් හොයාගන්න බැරි වුණොත් ඔයා අධ්‍යයනය කරන්න වෙන් කරගෙන තියෙන වෙලාව ගැන ගෙදර ඉන්න අයට කියන්න. නිදහසේ ඒක කරන්න ඔයාට ඉඩ දෙන්න කියලා එයාලාගෙන් ඉල්ලන්න.

  • අවධානය කැඩෙන්න දෙන්න එපා. ඔයා අධ්‍යයනය කරන්න ෆෝන් එකක් ටැබ් එකක් පාවිච්චි කරනවා නම් ඒක ඔයාට බාධාවක් වෙන්නේ නැති විදිහට හදාගන්න. (සයිලන්ට් කරගන්න නැත්නම් එයාප්ලේන් මෝඩ් දාගන්න.) මොනා හරි දෙයක් කරන්න තියෙනවා කියලා මතක් වුණොත් ඒක කොහේ හරි ලියාගෙන පස්සේ කරන්න. එක දිගට අවධානය දෙන්න බැහැ කියලා දැනෙනවා නම් ටිකක් ඇවිදලා එන්න.