Skip to content

පටුනට යන්න

අධ්‍යයනයට දෙයක්!

පීඩනයක් ආවත් ධෛර්යවන්තව ඉන්න

පීඩනයක් ආවත් ධෛර්යවන්තව ඉන්න

ධෛර්යවන්තව ඉන්න එක ගැන අනාගතවක්තෘ යෙරෙමියාගෙනුයි, නිලධාරියෙක් වුණ ඒබෙද්මෙලෙක්ගෙනුයි ඉගෙනගන්න පුළුවන් දේවල් දැනගන්න යෙරෙමියා 38:1-13 කියවන්න.

සිද්ධියේ වටපිටාව දැනගන්න. යෙහෝවාගේ පණිවිඩය කියන්න යෙරෙමියාට ධෛර්යය ඕන වුණේ ඇයි? (යෙරෙ. 27:12-14; 28:15-17; 37:6-10) පණිවිඩේ ඇහුවාම සෙනඟ මොකද කළේ?—යෙරෙ. 37:15, 16.

ගැඹුරට යන්න. යෙරෙමියාට ආවේ මොන වගේ පීඩනයක්ද? (jr 35-36 20-22¶) අතීතයේදී වතුර එකතු කරලා තියාගන්න හාරපු වළවල් ගැන තොරතුරු හොයන්න. (w11 1/1 19) ඒ වගේ මඩ පිරුණු වළක ඉද්දී යෙරෙමියාට කොහොම දැනෙන්න ඇද්ද? ඒබෙද්මෙලෙක්ට බයක් දැනෙන්න ඇත්තේ මොන වගේ දේවල් ගැනද?—w12 5/1 31 2-3¶.

පාඩම් අඳුරගන්න. මේ ගැන හිතන්න.

  • ‘යෙහෝවා තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ව ආරක්ෂා කරන විදිහ ගැන මේ වාර්තාවෙන් මං ඉගෙනගත්තේ මොනවාද?’ (ගීතා. 97:10; යෙරෙ. 39:15-18)

  • ‘මට ධෛර්යය ඕනෙ මොන වගේ අවස්ථාවලදීද?’

  • ‘පීඩනයකින් ඉන්න වෙලාවට හරි දේ කරන්න ඕන කරන ධෛර්යය තව වැඩි කරගන්න මට පුළුවන් කොහොමද?’ (w11 3/1 30) a

a බයිබලේ අධ්‍යයනය කරන්න පුළුවන් විදි ගැන දැනගන්න 2023 ජූලි ‘මුරටැඹ’ සඟරාවේ “අධ්‍යයනයට යෝජනාවක්!” බලන්න.