Skip to content

පටුනට යන්න

තමාටම කියලවත් පිටපතක් තියාගන්න බැහැ

තමාටම කියලවත් පිටපතක් තියාගන්න බැහැ

තමාටම කියලවත් පිටපතක් තියාගන්න බැහැ

ස්ලොවේනියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ව්‍යාපාරිකයෙකුගෙන් ලිපියක් ලැබුණා. එහි මෙසේ කියා තිබුණා:

“අත් නෑර මට පිබිදෙව්! හා මුරටැඹ සඟරා එවීම ගැන මං ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ගමන් බිමන් යන කොටත්, ව්‍යාපාරික රැස්වීම්වලට කලිනුත් මං ඒවා කියවනවා.

“ඔයගොල්ලන්ගේ සඟරාවල සඳහන් කර තියෙන මේ ප්‍රකාශන ටික එවන්න පුළුවන් නම් මං හරි සන්තෝෂ වෙනවා. ඒවා තමයි, ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?, ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද? හා සියලුම ජනයා සඳහා පොතක්.

“මං ගොඩක් කැමති වෙනවා මේ හැම ප්‍රකාශනයකින්ම පිටපත් දෙක බැගින් එවනවා නම්. ඒකට හේතුව මං ගමන් කරන හැම වතාවකම වගේ ඕගොල්ලන්ගේ ප්‍රකාශනයක් අතට ගත්ත ගමන්ම තව කවුරු හරි මං කියවන්නේ මොනවාද කියලා බලන්න උත්සාහ කරන නිසයි. ගෙදර පුස්තකාලයේ ඒවා තියාගන්න මං කොච්චර ආස වුණත් ඒක කරන්න බැහැ. එයාට මගේ පිටපත දෙන්නම වෙනවා.”

ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද? යන පිටු 32කින් යුත් විවරණිකාව කියවීමෙන් ඔබත් බොහෝ ප්‍රයෝජන ලබාගනී කියා අපට විශ්වාසයි. අපගේ මැවුම්කරුට ශ්‍රේෂ්ඨ අරමුණක් තිබෙන බවත් මේ අරමුණ මෑතකදී ඉටු වෙන්න යන බවත් මෙම ප්‍රකාශනයෙන් දැනගත හැකි වෙයි. කූපනයේ සඳහන් කර තිබෙන ලිපිනයට හෝ සඟරාවේ පස්වන පිටුවේ ලැයිස්තුගත කර තිබෙන යෝග්‍ය ලිපිනයකට, කූපනය පුරවා තැපැල් කිරීමෙන් මෙයින් පිටපතක් ඔබටත් ලබාගත හැකියි.

ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද? නමැති විවරණිකාවෙන් පිටපතක් මට එවන්න. කුමන භාෂාවද කියා සඳහන් කරන්න.

□ කරුණාකර නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමුවීමට කෙනෙක්ව එවන්න.