Skip to content

පටුනට යන්න

‘එය මගේ ජීවිතය පරීක්ෂා කර බැලීමට උපකාරයක් වුණා’

‘එය මගේ ජීවිතය පරීක්ෂා කර බැලීමට උපකාරයක් වුණා’

‘එය මගේ ජීවිතය පරීක්ෂා කර බැලීමට උපකාරයක් වුණා’

චෙරපොවිට්ස්හි වෙසෙන මාරියා නම් 18-හැවිරිදි යෞවනියක් යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන පොත සම්බන්ධයෙන් පැවසුවේ එයයි. චෙරපොවිට්ස්වලින් කිලෝමීටර් 400ක් පමණ ඈතින් රුසියාවේ ශා. පීටස්බර්ග් අසල පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ඇය මතු සඳහන ලීවාය.

“මා ගැනත්, මගේ ඉලක්ක හා මා අවට ජනයා ගැනත් වෙනස් දෘෂ්ටියකින් බැලීමට මේ ප්‍රකාශනය මට උපකාර කර තිබෙනවා. මට වැඩියෙන් දැනගන්න ඕනෑ වුණ ප්‍රශ්නවලට මට උත්තර ලැබුණා. පොත කියවගෙන යද්දී, ඒක කොතරම් හොඳ පොතක්ද කියා මට තේරුණා. ඇත්තම කියනවා නම්, මගේ ඇස්වල සතුටු කඳුළු පිරුණා.”

මාරියා මෙසේද ප්‍රකාශ කළාය: “ඒක හරියට අන්ධ වෙලා හිටිය කෙනෙක් එක පාරටම ආලෝකයක් දැකලා ප්‍රීතියෙන් ඉපිළ ගියා වගෙයි. මගේ මුළු ජීවිත කාලයටම මං කියවපු හොඳම පොත මේකයි. ඒක බයිබලය මත පදනම්ව තිබෙන නිසාත්, යෙහෝවා දෙවිගේ උපදෙස් හොඳම ඒවා නිසාත් වෙන කිසිම පොතක් ඒ අහළකින්වත් තියන්න බැහැ.”

යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන පොතෙන් ප්‍රයෝජන ලැබීමට ඔබත් කැමති නම්, මේ සමඟ ඇති කූපනය පුරවා, කූපනයේ තිබෙන ලිපිනයට නැතහොත් මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.

යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු යන පොත මට එවන්න.

□ මාව හමු වී නොමිලේ සපයන නිවාස බයිබල් පාඩමක් පවත්වන්න.