Skip to content

පටුනට යන්න

‘අපි ජීවත් වෙන ලෝකයේ සැබෑ වෙනසක්’

‘අපි ජීවත් වෙන ලෝකයේ සැබෑ වෙනසක්’

‘අපි ජීවත් වෙන ලෝකයේ සැබෑ වෙනසක්’

පසුගිය අගෝස්තු මාසයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් මොස්කව් නුවර සමුළුවක් පැවැත්වීමට සැලසුම් කළේය. එහෙත් එය පැවැත්වීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් ගත් උත්සාහය බොහෝදෙනෙකුගේ සැලකිල්ලට යොමු විය. මේ ගැන කනිෂ්ඨ අන්ඩ්‍රියෙ සොලොටොව් 1999 අගෝස්තු 21වනදා පළ වූ මොස්කව් ටයිම්ස් නමැති පුවත්පතේ මෙසේ වාර්තා කළේය. “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුව මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මෙහි අධිකාරින් කිසිම විරෝධතාවක් දැක්වූයේ නැහැ කියා එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ව්ලඩිමීර් කොසර්යෙව් පැවසුවා. [සමුළුව පැවැත්වීමට අවසර නොදීම සඳහා] නියෝගය පැනෙව්වේ කවුද කියා තමාවත් දන්නේ නැහැ කියා ඔහු පැවසුවා.”

මෙය සිදු වී සතියකට පසුව මොස්කව් ටයිම්ස්හි පළ වූ ලිපියක ඉහත සඳහන් වාර්තාව “කිසිවෙකුගේ පැත්තක් නොගෙන” ලියා තිබෙන බව දක්වමින් පාඨකයෙක් එම පුවත්පත පැසසුමට ලක් කළේය. එම වාර්තාව “ඇත්තෙන්ම පාඨකයන්ගේ අවධානයට ලක් විය යුතු” වාර්තාවක් කියා ඔහු පැවසුවේය. ඔහු තවදුරටත් මෙසේ අදහස් පළ කළේය. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ වාර්ෂික සමුළුව පැවැත්වීම සඳහා කටයුතු පිළියෙළ කිරීමේදී මුහුණ දුන් අතිමහත් දුෂ්කරතා ගැන ඔබ පළ කළ මෙම වාර්තාව [ඔවුන්ට] සිදු වූ අයුක්තිය මැනවින් [අනාවරණය කළා].”

පසුව, මෙම ලිපිය ලියූ තැනැත්තා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන මෙසේ අදහස් දැක්වූවේය. “ඔවුන් ලෝකයේ සෑම තැනකම ප්‍රසිද්ධයි. (දැන් රුසියාවේද ඔවුන් ප්‍රසිද්ධයි.) . . . මිනිසුන් සමඟ සාමයෙන් කල්ගත කරන කාරුණික මෙන්ම නිහතමානී අය හැටියට නම් දරා සිටින ඔවුන් කාටවත් හිරිහැරයක් කරන්නේ නැහැ. ඕතඩොක්ස්, ක්‍රිස්තියානි, මුස්ලිම් හා බෞද්ධ යන කුමන ආගමක සිටියත් අනිත් අය සමඟ සැමවිටම සාමකාමීව ජීවත් වෙන්න ඔවුන් උත්සාහ දරනවා. ඔවුන් අතර අල්ලස්ගන්නන් නැහැ. බේබද්දන් හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් නැහැ. මීට හේතුව ඉතාමත් සරලයි. ඔවුන් කරන කියන සෑම දෙයකදීම බයිබලය මත පදනම් වූ ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව කටයුතු කිරීමට ඔවුන් වෑයම් කරනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් වගේ මේ ලෝකයේ සිටින සෑම කෙනෙක්ම බයිබලයේ කියන විදිහට ජීවත් වෙන්න අඩුම තරමින් උත්සහයක්වත් ගන්නවා නම්, අපේ මේ නපුරු ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් වේවි.”

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන පවසා තිබෙන ඉහත සඳහන් විස්තරය නිවැරදියි කියා ඔවුන්ගේ වැඩකටයුතු පරීක්ෂණයට ලක් කර තිබෙන නිලධාරීහු පිළිගනිති. රුසියාවේ සාන්ත පීටස්බර්ග්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අලංකාර එක්රැස්වීම් ශාලාව සාදන්න එවන් නිලධාරින්ගෙන් අවසර ලැබිණ. පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් 18වනදා මෙම එක්රැස්වීම් ශාලාව කැප කිරීමේ උත්සවයට පැමිණ සිටිය 2,257දෙනාගෙන් ශාලාව පිරී තිබිණ. මීට අමතරව, තවත් 2,228දෙනෙක් සාන්ත පීටස්බර්ග්හි පිහිටි රාජ්‍ය ශාලාවල සිට හා ඊට නුදුරින් සෝල්නියෙච්නොයෙහි පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සිට මෙම වැඩසටහනට සවන් දුන්හ.