“අවශ්‍ය වන්නේ දෙවි කෙරෙහි මගේ විශ්වාසයයි”
“අවශ්‍ය වන්නේ දෙවි කෙරෙහි මගේ විශ්වාසයයි”
පහත දැක්වෙන්නේ කැනඩාවේ ඇල්බටාහි එඩ්මන්ටන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවක දමා ගොස් තිබූ ලිපියකි.
“හිතවත් පණිවුඩකරු,
“මා මේ ලිපිය ලියන්නේ නොදැනුවත්ම මගේ ජීවිතයට සැබෑ වෙනසක් ඇති කළ පුද්ගලයාට ස්තුති කරන්නයි.
“සති දෙකකට පෙර මගේ ස්වාමිපුරුෂයා සමඟ බහින් බස් වීමක් ඇති වුණා. ඒ අවස්ථාවේදී මම ‘මේක ලොකු ප්‍රශ්නයක්, කොහොම විසඳගන්නද මන්දා’ කියලා කියනකොටම දොරේ සීනුව නාද වුණා. යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් දොර ළඟ! සිද්ධිය ඔහුගෙන් සඟවන්න මම ප්‍රමාද වැඩියි.
“මම දොර ඇරියා. ඒ වේලාවේ මගේ ඔළුව කොච්චර අවුල් වෙලාද කියනවා නම් ඔහු පැවසූ කිසි දෙයක් මට මතක නෑ. ‘දරුවන්’ සහ ‘පවුල’ යන වචන විතරයි මතක. ඊට පස්සේ ඔහු පවුලේ සන්තෝෂයට රහස කියන පොත පෙන්නුවා. ඒ මාතෘකාව දැක්කාම මට හොඳටම ඇඬුණා. පසුව ඔහු කරදර කළා නම් සමාවෙන්න කියලා එම පොත මට දී යන්න ගියා.
“ඇති වුණු සැබෑ වෙනස මොකක්ද? එය තමයි, අපි මොනවද කරන්නේ කියා නොදන්න වේලාවක, අපි ඒ ගැන කරදර වෙන්න අවශ්‍ය නැති බව මට ඒත්තුයෑම. මන්ද දෙවි ඉන්නවා. අවශ්‍ය කරන්නේ ඔහු කෙරෙහි මගේ විශ්වාසය තැබීමයි. එවිට ඔහු අපිට උපකාර කරන්න පණිවුඩකාරයෙක්ව වුණත් එවාවි. ස්තුතියි.”
පවුලේ සන්තෝෂයට රහස නමැති පොතෙන් පවුලේ සියලු සාමාජිකයන්ට ප්‍රයෝජන ලබාගත හැකියි. එහි ඇති උපදෙස් පිරි පරිච්ජේද සමහරක් නම් “ඔබේ පවුල විනාශකාරි බලපෑම්වලින් ආරක්ෂා කරගන්න” “ඔබේ පවුල තුළ සාමය පවත්වාගන්න” සහ “පවුලකට හානි කරන ගැටලු ජයගැනීමට ඔබට හැක” යනාදියයි.
ඔබ පිටපතක් ලබාගැනීමට කැමති නම් මේ සමඟ ඇති කූපනය පුරවා, කූපනයේ ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් සුදුසු ලිපිනයකට තැපැල් කරන්න. මැවුම්කරු අදහස් කළ ආකාරයට විවාහ ජීවිතයෙන් සතුට භුක්ති විඳීමට හා ගැටලු විසඳාගැනීමට යම් විශේෂ යෝජනා ඔබට ලබාගත හැක.
◻ පවුලේ සන්තෝෂයට රහස නමැති පොතෙහි පිටපතක් මට එවන්න.
◻ නොමිලේ සපයන නිවාස බයිබල් පාඩමක් සඳහා කරුණාකර මාව හමු වන්න.