Skip to content

පටුනට යන්න

අසාමාන්‍ය මිනිපිට්ටනියක්

අසාමාන්‍ය මිනිපිට්ටනියක්

අසාමාන්‍ය මිනිපිට්ටනියක්

ඉක්වදෝරයේ පිබිදෙව්! වාර්තාකරුගෙන්

ඉක්වදෝරයේ අගනුවර වන කීටෝහි උතුරු ප්‍රදේශයක් වූ ඉබාරා නගරයේ අග්‍රගණයේ මිනිපිට්ටනියක් දැකගත හැක. එය නම් කර ඇත්තේ එල් සෙමෙන්ටෙරියො ඩෙ ලොස් පෝබ්‍රෙස් (දුප්පතුන්ගේ මිනිපිට්ටනිය) යනුවෙනි. එහි ඇති සුවිශේෂත්වය කුමක්ද? එනම් වොච් ටවර් සමිතියේ ප්‍රකාශනවල ඇති චිත්‍ර එම තාප්පයේ පිට පැත්තේ විශාල කර පින්තාරු කොට තිබීමයි. a මැද ඇති චිත්‍රයෙන් නිරූපණය කරන්නේ එළිදරව්ව එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! යන පොතේ 7වන පිටුවේ සඳහන් යොහන්ගේ චිත්‍රයයි. යොහන්ගේ චිත්‍රයට ඉහළින් ස්පාඤ්ඤ භාෂාවෙන් “දෙවිගේ රාජ්‍යය යනු ධර්මිෂ්ඨකම, සමාදානය හා ප්‍රීතියයි. රෝම 14:17” යන බයිබල් පාඨය ලියා ඇත. වම් පැත්තේ මතෙව් 11:28හි සඳහන් ‘වෙහෙස වෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි’ යන්නද නව ලෝක පරිවර්තනයෙන් උපුටා දක්වා ඇත. දෙවිගේ වචනය වෙත මනුෂ්‍යයන්ව යොමු කිරීමට මෙම මිනිපිට්ටනි තාප්පය උපකාර කරන බවට කිසිම සැකයක් නෑ.

[පාදසටහන]

a වොච් ටවර් ප්‍රකාශනවලින් යම් විස්තරයක් හෝ චිත්‍රයක් උපුටාගැනීමට පෙර නීතිමය පියවරක් වශයෙන් Watch Tower Bible and Tract Society of Pennsylvania යන්නෙන් අවසර ගැනීම අවශ්‍යයි.