කුමක්ද මේ එල් නිනෝව?
කුමක්ද මේ එල් නිනෝව?
පේරුහි ලිමා අසල ඇති සාමාන්‍යයෙන් වියළි ගංගාවක් වන එපුරිමැක් පළමු වතාවට පිටාර ගැලීම නිසා එහි ජීවත් වූ කාමන්ගේ මුළු සේසතම වතුරට ගසාගෙන ගියේය. “මේක මට විතරක් නෙමෙයි, හුඟදෙනෙකුට සිද්ධ වුණා” කියා ඇය විලාප නැඟීය. උතුරට වන විට ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වෙරළ තීරයේ කාන්තාරයක් වන ෂෙකුරාහි එක් ප්‍රදේශයක වර්ග කිලෝමීටර 5,000ක භූමි භාගයක තාවකාලිකව වැවක් තැනෙයි. එය පේරුහි දෙවන විශාලතම වැව ලෙස සලකනු ලැබේ. එමෙන්ම ලොව පුරා සිදු වන ගං වතුර, දරුණු කුණාටු, නියඟ වැනි දේ නිසා වසංගත, ලැව් ගිනි, දේපොළ හානි හා වගා පාළුවීම සහ පාරිසරික හානියද සුළුපටු නොවෙයි. මේ සෑම දෙයකටම හේතුව කුමක්ද? බොහෝදෙනෙක් මේ සියල්ලකටම වගකිව යුත්තේ එල් නිනෝ කියා පවසති. එය 1997 අගභාගයේදී පැසිෆික් සාගරයේ නිවර්තන කලාපය එසේ නැතහොත් සමකය ආශ්‍රිත ප්‍රදේශයෙන් මතු විය. එහි බලපෑම මාස අටක් දක්වා පැවත ඇත.
ඇත්තටම එල් නිනෝ යනු කුමක්ද? එය වර්ධනය වන්නේ කෙසේද? එමෙන්ම එයින් ඇති වන බලපෑම් මෙතරම් ව්‍යාප්ත වන්නේ මන්ද? එමගින් ඇති වන ජීවිත හා දේපොළ හානිය වළක්වාගැනීමට යළිත් එල් නිනෝවක් ඇතිවීමට පෙර නිවැරදිව දැනගත හැකිද?
එය ආරම්භ වන්නේ ජලධාරාවන් උණුසුම් වීමෙන්
“ඇත්තෙන්ම එල් නිනෝවක් යනු පේරු ආශ්‍රිත මුහුදු තීරයේ සෑම වසර දෙකත් හතත් අතර කාලයකට වරක් අසාමාන්‍ය ලෙස උණුසුම් ජල තීරයක් ඇතිවීම” බව නියූස්වීක් සඟරාව පවසයි. එවැනි උණුසුම් වීමක් අවුරුදු සිය ගණනකට වඩා පේරු වෙරළ තීරයේ යාත්‍රා කළ නාවිකයන් අද්දැක තිබේ. මෙම උණුසුම් ජල තීරය සාමාන්‍යයෙන් ඇති වන්නේ නත්තල් කාලයේ නිසා ඔවුන් එය නම් කර ඇත්තේ එල් නිනෝ යනුවෙනි. එනම් ස්පාඤ්ඤ බසින් එහි තේරුම යේසු බිළින්දා යන්නය.
පේරු රටෙහි වෙරළ තීරය අසල ජලය උණුසුම් වීම නිසා එම රටට වැඩි වර්ෂාවක් පතිත වෙයි. කාන්තාරය පවා මලින් බර වී සත්ව ගොවිපොළවල්ද සරුසාර වෙයි. එහෙත් මෙම ප්‍රදේශයේ ඇති වන ධාරානිපාත වැසි හේතුවෙන් ගං වතුර උවදුරට මුහුණ දීමට සිදු වේ. එමගින් සිදු වන එක් විපතක් නම් පෝෂ්‍ය ද්‍රව්‍යවලින් පිරී තිබෙන මුහුදු පත්ලෙහි ඇති ශීත ජලය ඉහළට පැමිණීම මෙම උණුසුම් මතුපිට මුහුදු ජල තීරය නිසා අවහිර වීමය. එමනිසා, මෙම පෝෂ්‍ය ද්‍රව්‍යවලින් යැපෙන ජලජ ජීවීන් සහ සමහර කුරුල්ලෝ කෑම සොයාගෙන වෙනත් ස්ථානවලට සංක්‍රමණය වෙති. එල් නිනෝවේ බලපෑම් පේරු රටට පමණක් නොව ඈත එපිට ස්ථානවලටද බලපායි. a
මෙම බලපෑමට හේතුව සුළං සහ ජලයයි
පේරුහි වෙරළ තීරය අසල සාගරයේ ඇති උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යෑමට හේතුව කුමක්ද? මෙය තේරුම්ගැනීමට වෝකර් චක්‍රය ලෙස b මුලින්ම, ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව අසල බටහිර පැත්තේ මුහුද මතුපිට ජලය හිරු රශ්මියෙන් උණුසුම් වීම නිසා ඇති වන ජල වාෂ්ප ඉහළ නඟියි. මේ හේතුවෙන් ජලය මතුපිට අව පීඩනයක් ඇති වේ. ඉන් පසු මෙම ඉහළ නඟින ජල වාෂ්ප සිසිල් වී එම කලාපයටම වර්ෂාව ලෙස පතිත වේ. වර්ෂාවට පසු ඉහළ වායුගෝලයේ වියළි වායු ධාරාවන් රැඳෙයි. ඉහළ වායුගෝලයේ හමන සුළං මගින් මෙම වියළි වායුව නැඟෙනහිර දිශාවට තල්ලු කරනු ලබයි. එසේ නැඟෙනහිරට ගමන් කරන විට එම වාතය නැවතත් සිසිල් වන අතර ජල වාෂ්පවලින් බර වී පේරු රටට සහ ඉක්වදෝරයට වර්ෂාව ලෙස කඩා හැළේ. මෙම බර වූ වායුව දැන් පවතින්නේ වායුගෝලයේ පහළ මට්ටමකය. එවිට පහත මුහුදු මට්ටමේ ඇති වෙළඳ සුළං ලෙස හඳුන්වන වායු ධාරාවන් බටහිර දෙසට එනම් නැවතත් ඉන්දුනීසියාවට රැගෙන යයි.
හඳුන්වන යෝධ චක්‍රීය ක්‍රියාදාමය සලකා බැලිය යුතුයි. එය ආරම්භ වන්නේ නිවර්තන පැසිෆික් සාගරයේ බටහිර ප්‍රදේශයේ පිහිටි ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව ආශ්‍රිතවය. මෙය නැඟෙනහිර පැසිෆික් සාගරයේ පිහිටි දකුණු අමෙරිකාව දක්වා පුළුල් ප්‍රදේශයක් හරහා වායුගෝලයෙහි ක්‍රියා කරයි.නිවර්තන පැසිෆික් සාගරයේ මතුපිට උෂ්ණත්වයට මෙම වෙළඳ සුළං බලපාන්නේ කෙසේද? “සාමාන්‍යයෙන් මෙම සුළං කුඩා පොකුණුවල මඳ සුළං රැලිවලට සමාන කළ හැකි” බව නියූස්වීක් සඟරාව පවසයි. “මෙම සුළං මගින් බටහිර පැසිෆික් සාගරයේ එනම් ඕස්ට්‍රේලියාව වැනි රටවල් අසලට උණුසුම් ජලය තල්ලු කරයි. එවිට එම ප්‍රදේශවල මුහුද මතුපිට තීරය නැඟෙනහිර පැසිෆික් සාගරයේ ඉක්වදෝරය වැනි රටවල් අසල මුහුදු මට්ටමට වඩා අඩි 2කින් වැඩි වන අතර ෆැරන්හයිට් අංශක 15කින්ද උෂ්ණත්වය වැඩිය.” දැන් නැඟෙනහිර පැසිෆික් සාගර පත්ලෙහි ඇති සිසිල් ජලය පෝෂ්‍ය ද්‍රව්‍යවලින් පිරී ඇත. මෙම පෝෂ්‍යදායි ශීත ජලය ඉහළට මතුවීමට පටන්ගන්නා අතර එය ජලජ ජීවීන්ගේ වර්ධනයට දායක වේ. සාමාන්‍යයෙන් එල් නිනෝවක් නැති වසරවලදී නැඟෙනහිර පැත්තෙහි මුහුද මතුපිට උෂ්ණත්වය බටහිර පැත්තට වඩා වැඩි සිසිලසක් ඇත.
එල් නිනෝවක් ඇතිවීමට බලපාන්නේ වායුගෝලයේ කුමන වෙනස්කම්ද? “මෙයට ප්‍රධාන හේතුව අවුරුදු කීපයකට වරක් වෙළඳ සුළං අඩුවීම හෝ සම්පූර්ණයෙන්ම නැති වී යාමයි. විද්‍යාඥයන්ට මෙම සුළං අඩුවීමට හේතුව තවමත් සොයාගැනීමට නොහැකි වී ඇති” බව නැෂනල් ජියොග්‍රැෆික් සඟරාව සඳහන් කරයි. මෙම සුළං අඩු වන විට ඉන්දුනීසියාව අසල වැඩි වන උණුසුම් ජලය වේගයෙන් නැඟෙනහිරට ගසාගෙන යන
අතර එය පේරු රට සහ නැඟෙනහිර කලාපයේ වෙනත් ස්ථාන තුළ මුහුද මතුපිට උෂ්ණත්වය ඉහළ නංවයි. මෙය වායුගෝලයට බලපෑම් ඇති කරයි. එක් මුලාශ්‍රයක මෙසේ සඳහන් කර ඇත. “මෙම නැඟෙනහිර නිවර්තන පැසිෆික් සාගර උණුසුම් වීම වෝකර් චක්‍රීය රටාව දුර්වල කරයි. ඒ නිසා සාමාන්‍යයෙන් වර්ෂාපතනය ඇති විය යුතු පැසිෆික් සාගරයේ බටහිර පැත්තේ නියඟයක් ඇති වී මෙම වලාකුළු මධ්‍යධරණි හා නැඟෙනහිර කලාපවලට තල්ලු වී එම ප්‍රදේශවල මහා වැසි ඇති වෙයි.” මේ නිසා, පැසිෆික් සාගරයේ සමකයට යාබද සියලුම ප්‍රදේශවල දේශගුණික රටාවට විශාල බලපෑම් ඇති වේ.දිය දහරක ඇති ගල් පරයක් සේ
නිවර්තන පැසිෆික් සාගරයේ ජල ධාරා තුළ පටන්ගත් එල් නිනෝව ඈත එපිට දේශගුණ රටාවන් පවා වෙනස් කළ හැක. එය සිදු වන්නේ වායුගෝලීය චක්‍රීය රටාව උපයෝගි කරගෙනයි. එම ක්‍රියාවලිය දිය දහරක් මැද ඇති ගල් පරයකට සමාන කිරීමට පුළුවන. මන්ද එම ගල් පරයට වදින ජල කඳ නිසා කුඩා දිය රැළි මුළු දිය දහර පුරාම ඇති වෙනවා අපි සැමෝම දැක ඇත. ඊට සමානව නිවර්තන සාගරයේ එල් නිනෝව නිසා ඇති වන ඝන වැහි වලාකුළු ගඟක් මැද තිබෙන ගල් පරයකට සමාන බාධාවක් පමුණුවයි. ඒවායෙහි ගැටෙන සුළං සැතපුම් දහස් ගණනක් එපිට ප්‍රදේශවලට විසිරී ගොස් දේශගුණික රටාවන් තුළ මහත් වෙනස්කම් ඇති කරයි.
මෙම වලාකුළු මාර්ගයෙන් එල් නිනෝ මගින් ඉහළ මුහුදු මට්ටමේ පවතින ජෙට් සුළං ලෙස හඳුන්වන අධි වේගයෙන් හමන සුළංවල දිශාව වෙනස් කරයි. දිශාව වෙනස් වන මෙම අධි සුළං වෙනත් පැතිවල කුණාටුවලට එකතු වී ඒවා වඩාත් ප්‍රබල කර ගොඩබිම වෙතට තල්ලු කරයි. තවත් සමහර කලාපවල දේශගුණ රටාවේ ක්‍රියාකාරිත්වය තුළ උච්චාවචනයන් පවා ඇති විය හැක. උදාහරණයකට එල් නිනෝ වසරකදී උතුරුදිග අමෙරිකාවේ ශීත ඍතුව සාමාන්‍ය වසරට වඩා අඩු වූ අතර සමහර දකුණුදිග අමෙරිකාවේ ප්‍රදේශවල අධි ශීත හා තෙත් කාලයක් තිබුණි.
කොතරම් කාලයකට කලින් මෙය දැනගත හැකිද?
කුණාටුවක් ගැන දැනගත හැකි වන්නේ දින කීපයකට පෙර වුවත් එල් නිනෝවක් ඊට බොහෝ කලකට කලින් දැනගත හැක. මන්ද එල් නිනෝවක් සිදුවීමට පෙර අසාමාන්‍ය කාලගුණ වෙනස්කම් විශාල කලාප තුළ මාස කීපයකට කලින් පෙනෙන නිසා කාලගුණ නිරීක්ෂකයන් නිවැරදිව අනාවැකි පළ කිරීමෙහි සාර්ථකත්වයක් අද්දැක තිබේ.
උදාහරණයකට 1997-1998දී ඇති වූ එල් නිනෝව ගැන අනාවැකි පළ කළේ 1997 මැයි මාසයේදීය. ඒ කියන්නේ එල් නිනෝව මතුවීමට මාස 6කට කලිනි. දැන් නිවර්තන පැසිෆික් සාගරයේ මතුපිට සුළං සහ අඩි 1,600ක ගැඹුර දක්වා සාගර උෂ්ණත්වය මනින උපකරණ 70කට වඩා සවි කර තිබේ. මෙම උපකරණ මගින් ලැබෙන තොරතුරු පරිගණකයට ඇතුල් කිරීමෙන් කාලගුණ අනාවැකි ලබාගත හැක.
එල් නිනෝවක් ගැන කලින් අනතුරු ඇඟවීම, ඇති වන බලපෑම් සමඟ මිනිසුන්ට සාර්ථකව කටයුතු කිරීමට උපකාරවත් වෙයි. උදාහරණයකට 1983දී එල් නිනෝව ගැන පේරුහි අනතුරු ඇඟවීමක් කළ නිසා ගොවියන් පැමිණෙන තෙතමනය සහිත තත්වයට සුදුසු වගාවන් සහ සත්ව පාලනයන් යොදාගන්නා ලදි. මාළු ඇල්ලීමට නොහැකි නිසා උණුසුම් ජලය සමඟ ගසාගෙන එන ඉස්සන් ඇල්ලීමට ධීවරයන් තීරණය කළේය. ඇත්තෙන්ම එල් නිනෝවක් ගැන කලින් නිවැරදිව දැනගැනීමෙන්, විය හැකි ජීවිත හා දේපොළ හානි විශාල වශයෙන් අඩු කරගත හැක.
අපගේ පෘථිවි කාලගුණ රටාව පාලනය කරන ක්‍රියාදාමය පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණවලින් අවුරුදු 3,000කට පෙර පුරාණ ඉශ්‍රායෙල් රජ කෙනෙක් වූ සාලමොන්ගේ දේවානුභාවය ලත් වචනවල නිවැරදිභාවය සනාථ කරයි. ඔහු මෙසේ ලියා ඇත. “සුළඟ දකුණු දිගට ගොස් උතුරට හැරීයන්නේය; සුළඟ නිතරම ඒකේ මාර්ගයෙහි මාරු වෙවී ගොස් ඒකේ වටවූ ගමන්වලට නැවත පැමිණෙන්නේය.” (දේශනාකාරයා 1:6) සුළං ධාරා සහ සාගර ජල ධාරා පිළිබඳ අධ්‍යයනය කිරීම තුළින් කාලගුණ රටා ගැන බොහෝ දෑ නවීන මිනිසා ඉගෙනගෙන ඇත. එමෙන්ම එම දැනුම උපයෝගි කරගෙන එල් නිනෝ වැනි අනතුරු ඇඟවීම් ගැන දෙන උපදෙස් පිළිපැදීමෙන් අපිත් ප්‍රයෝජන ලබන්නෙමු.
[පාදසටහන්වල]
a මීට වෙනස්ව, ලා නිනා (ස්පාඤඤ බසින් “කුඩා දැරිය”) නම් තත්වයක්ද ඇති වේ. එනම්, දකුණු අමෙරිකාවේ බටහිර වෙරළට එහා ජලයේ උෂ්ණත්වය කලින් කලට සිසිල් වීමය. ලා නිනාහි බලපෑම් පවා එල් නිනෝට සමාන දේශගුණ විපර්යාසයන් ඇති කරයි.
b වර්ෂ 1920 ගණන්වලදී බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යාඥයෙකු වූ ශ්‍රීමත් ගිල්බර්ට් වෝකර් විසින් මෙම චක්‍රීය ක්‍රියාදාමය අධ්‍යයනය කරනු ලැබූ නිසා එය වෝකර් චක්‍රය ලෙස හඳුන්වනු ලැබේ.
[15වන පිටුවේ කොටුව]
එල් නිනෝ මගින් ඇති වූ ව්‍යසන
■ 1525: ඉතිහාසයේ පළමු වතාවට පේරු රටෙහි ඇති වූ එල් නිනෝ විපර්යාසය.
■ 1789-93: ඇති වූ එල් නිනෝව මගින් ඉන්දියාවේ මිනිසුන් හයලක්ෂයකට වඩා මියගිය අතර දකුණු අප්‍රිකාවට දරුණු නියඟයක් ඇති විය.
■ 1982-83: මෙම වසරේ සිදුවීම් තුළින් ප්‍රධාන වශයෙන් නිවර්තන කලාපයේ 2,000කට වඩා මිනිසුන් සංඛ්‍යාවක් මරණයට පත් වූ අතර සිදු වූ දේපොළ හානිය අමෙරිකානු ඩොලර් බිලියන 13කට වඩා වැඩි විය.
■ 1990-95: කාලය අතරතුර එක දිගට සිදු වූ එල් නිනෝ සංසිද්ධීන් තුනම ගත් කල මෙය වාර්තා වී ඇති දීර්ඝතම සංසිද්ධිය ලෙස සැලකේ.
■ 1997-98: පළමු වතාවට ඉතාමත් නිවැරදි ලෙස එල් නිනෝවල බලපෑම් වන ගං වතුර සහ නියඟයන් ගැන අනාවැකි පළ කර තිබුණත්, මිනිස් ජීවිත 2,100ක් බිලිගනිමින් ලොව පුරාම සිදු වූ අලාභය අමෙරිකානු ඩොලර් බිලියන 33ක් පමණ විය.
[12, 13වන පිටුවේ රූප සටහන්⁄සිතියම්]
(මුද්‍රිත පිටපත බලන්න)
සාමාන්‍ය
වෝකර් චක්‍රීය රටාව
දැඩි වෙළඳ සුළං
උණුසුම් සාගර ජලය
ශීත සාගර ජලය
එල් නිනෝ
අධි සුළං මාර්ගය වෙනස් කිරීම
වෙළඳ සුළං අඩු වී යෑම
උණුසුම් ජලය නැඟෙනහිරට තල්ලු වීම
සාමාන්‍ය තත්වයට වඩා උණුසුම් හා වියළි වීම
සාමාන්‍ය තත්වයට වඩා ශීත හා තෙත්වීම
[14වන පිටුවේ රූප සටහන්⁄පින්තූර]
(මුද්‍රිත පිටපත බලන්න)
එල් නිනෝ
පෘථිවි ගෝලය මතුපිට ඉහළ රතු පාටින් නිරූපණය කරන්නේ සාමාන්‍ය තත්වයට වඩා ජලයේ උෂ්ණත්වය වැඩිවීමයි
සාමාන්‍ය
උණුසුම් ජලය පැසිෆික් සාගරයේ බටහිර පැත්තේ ඇති විට නැඟෙනහිර පැත්තේ පෝෂණ ද්‍රව්‍යවලින් පිරි ශීතල ජලය ඉහළ නඟියි
එල් නිනෝ
මගින් වෙළඳ සුළං අඩු කරන අතර උණුසුම් ජලය නැඟෙනහිරට තල්ලු වේ. එමනිසා, ශීතල ජලයට මතු පිටට පැමිණීමට බාධා ඇති වේ
[12, 13වන පිටුවේ පින්තූර]
පේරු
ගං වතුරට යට වූ ෂෙකුරා කාන්තාරය
මෙක්සිකෝ
ලින්ඩා චණ්ඩ මාරුතය
කැලිෆෝනියා
මඩ තට්ටු
[හිමිකම් විස්තර]
පිටු 12-3 වමේ සිට දකුණට: Fotografía por Beatrice Velarde; Image produced by Laboratory for Atmospheres, NASA Goddard Space Flight Center; FEMA photo by Dave Gatley