Skip to content

පටුනට යන්න

වන කතරේ මැණිකක්

වන කතරේ මැණිකක්

වන කතරේ මැණිකක්

අප්‍රිකාවේ වැසි හිඟ වියළි කාන්තාරවල තිබෙන මැණිකකි—කාන්තාර රෝස. සියුම් හැඩයකට ඇඹරී ගිය අතු ඇති මේ පැළයේ වර්ධනය සිදු වන්නේ ඉතා සෙමින්. තවද මෙය අවුරුදු සියගණනක් පවතින බව පැවසේ. මෙම ගසේ මහත කඳ හා එහි මුල් ජලාශයක් ලෙස මෙහෙයක් ඉටු කරන්නේ, අහිතකර වියළි පරිසරයක වුවත් සශ්‍රීකව වැඩීමට හැකි කරවමිනුයි.

මාංසල ශාකයේ කිරි, මුල් හා බීජවල මාරාන්තික විෂ සාරයක් අඩංගුයි. බීජවලින් ගන්නාවූ සාරය ඊතලවල අගට විෂ කැවීම සඳහා යොදාගන්නා අතර, මසුන් මරන්නන් පහසුවෙන් මාළුන්ව මත් කර හසු කරගැනීමට එහි අතු ජලයට දමයි. ඊට අමතරව, ගොපල්ලන්, තම ඔටුවන්ගේ හා ගවයන්ගේ කිනිතුල්ලන් හා උකුණන් මරා දමන විෂක් සෑදීමට මෙම පැළයේ කොටස් පාවිච්චි කරයි. ගසේ මාරාන්තික ස්වභාවයක් තිබුණත්, වන සතුන් කිසි හානියක් නැතුව එහි කොළ ආහාරයට ගැනීම පුදුම දනවන්නක්.

එහෙත් විෂ සහිත කාන්තාර රෝස, මැණිකක් කියා පැවසිය හැක්කේ කෙසේද? දීප්තිමත් රෝස පැහැය හා තද රතු පැහැය අතර අලංකාර පැහැයන්වලින් හටගන්නා මෙම සියුමැලි කාන්තාර රෝස මල්, එක පොකුරට තිබෙන විට හරිම ලස්සනයි. භූමිය වියළිව, මලානිකව තිබෙන විට, වන කතරේ ඇති මෙම මනහර මැණික්වලින් මල් ගොඩක් පිපෙයි; හිරු එළියෙන් නැහැවී තව තවත් දීප්තිමත් වෙයි.

ඇත්තෙන්ම කාන්තාරයේ එවැනි පුදුමාකාර අලංකාරයක් දැකීම, ‘වනාන්තරයද වියළි දේශයද ප්‍රීති වන, කාන්තාරය ප්‍රීතිමත් වී සෙව්වන්දි මෙන් මල් දරන’ කාලයක් ගැන සිහිගන්වන්නකි. (යෙසායා 35:1) පැමිණෙන්න යන දේවරාජ්‍යයේ පාලනය යටතේ මෙම ප්‍රීතිමත් පොරොන්දුව ඇත්තෙන්ම යථාර්ථයක් බවට පත් වෙයි. ඒ කාලයේදී මුළු පොළොවම “ප්‍රීතිමත්” වන අතර, ලස්සන පාරාදීසයක් පමණක් නොව නමුත් සියලු මනුෂ්‍යවර්ගයා සඳහා සමාදානය පවතින තැනක් බවටත් පත් වේවි.—ගීතාවලිය 37:11, 29; යෙසායා 35:6, 7.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Mary Ann McDonald