Skip to content

පටුනට යන්න

මරු කැඳවන බිම් බෝම්බ!

මරු කැඳවන බිම් බෝම්බ!

මරු කැඳවන බිම් බෝම්බ!

“දැනට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා, ඒ කියන්නේ මං පොඩි කාලේ මගේ යාළුවන් එක්ක අපේ ගේ ගාව සෙල්ලම් කරන්න ගියා. එක පාරටම ලොකු පිපිරීමක් ඇති වුණා . . . ඒකෙන් මගේ දකුණු කකුල මට නැති වුණා. . . . අනේ මට ආයෙ කකුල් දෙකම ලැබෙනවා නම්!”—12 වියැති සොං කෝසල්, කාම්බෝජය.

සෑම දිනකටම 70දෙනෙක් පමණ බිම් බෝම්බ නිසා බරපතළ ලෙස තුවාල ලබති, එසේ නැතහොත් මරු දකිති. වැඩියෙන්ම ගොදුරු වන්නේ අවි සන්නද්ධ සෙබළුන් නොවේ. වැඩිදෙනා සාමාන්‍ය ජනතාවය. තම ගව රැළවල් බලාගන්නා මිනිසුන්, ජලය සොයා යන ස්ත්‍රීන් සහ සෙල්ලම් කරන අහිංසක දරු දැරියන් ඔවුන් අතර වේ. නිදසුනකට, කවරයේ දක්නට ලැබෙන අට හැවිරිදි රුකියාව ආබාධිත තත්වයට පත් කළ බිම් බෝම්බය ඇගේ සහෝදරයන් තිදෙනා සහ ඇගේ නැන්දාව බිලිගත්තේය.

සාමාන්‍යයෙන් බිම් බෝම්බයක් වළලා වසර 50ක් ඉක්මවූ පසුත් පුපුරා යෑමෙන් ජීවිත අහිමි කිරීමේ හැකියාව එහි ගැබ්ව පවතී. ද ඩිෆෙන්ස් මොනිටර් නමැති ජර්නලයට අනුව, “ගැටුමක් අතරතුරේදී මිනිසුන් මැරුණද, ඉන් අනතුරුව මැරෙන පිරිස වැඩි බවට සාක්ෂි ඇත. මෙම පුදුම දනවන යථාර්ථයට එකම හේතුව බිම් බෝම්බය නමැති අවියයි.” ලොව පුරා බිම් බෝම්බ කීයක් වැළලී ඇද්ද කියා කවුරුත්ම දන්නේ නැත. සමහරු එම සංඛ්‍යාව මිලියන 60ක් කියා ගණන් බලති. බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළවල් දියත් කරනු ලබන බව ඇත්තය. එනමුත්, 1997 තරම් මෑතක පළ වූ එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, “ඉවත් කරන සෑම බිම් බෝම්බයක් වෙනුවට, තවත් 20ක් වළලනු ලැබේ. මේ අනුව 1994දී 1,00,000ක් පමණ ඉවත් කළද, තවත් මිලියන දෙකක් වළලනු ලැබීය.”

වත්මන් හමුදාපතිවරුන් බිම් බෝම්බවලට මෙතරම් මනාපයක් දක්වන්නේ මන්ද? මෙය සමාජයට සහ ආර්ථිකයට බලපාන්නේ කෙසේද? ඉන් යන්තමින් හෝ දිවි රැකගන්නා අයට එය බලපාන්නේ කෙසේද? බිම් බෝම්බවලින් නිදහස් ලොවක් අපට බලාපොරොත්තු විය හැකිද?

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© ICRC/David Higgs

Copyright Nic Dunlop/Panos Pictures