Skip to content

පටුනට යන්න

සමාජයට යෝග්‍ය ලෙස ඔබේ දරුවා හදාවඩා ගන්නේ කෙසේද?

සමාජයට යෝග්‍ය ලෙස ඔබේ දරුවා හදාවඩා ගන්නේ කෙසේද?

සමාජයට යෝග්‍ය ලෙස ඔබේ දරුවා හදාවඩා ගන්නේ කෙසේද?

“දෙමව්පියන් තම දරුවන්ට ආදරය හා හික්මවීම නොමදව ලබා දෙනවා නම් දරුවන් ආත්මදමනය හා ආත්මගරුත්වය ඉගෙනගන්න යනවා.” මෙසේ පවසන්නේ කැනඩාවේ මොන්ට්‍රියල්හි ද ගැසට් නම් ප්‍රවෘත්ති පත්‍රයයි. මීට ඇතුළත් වන්නේ කුමක්ද? මොන්ට්‍රියල් සායනයේ මනෝවිද්‍යාඥයෙකු වන කොන්ස්ටන්ස් ලැලිනෙක් පවසන පරිදි, දරුවන්ට ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් යම් සීමාවන් පැහැදිලිව පෙන්වා දීම ඉතා වැදගත්ය.

ලැලිනෙක් තවදුරටත් මෙසේ පවසයි. “තම ක්‍රියාවල ප්‍රතිඵල අද්දැකීමට දරුවන්ට ඉඩ දෙන්නේ නැත්නම්, අපි කරන්නේ ඔවුන්ට දේවල් අවබෝධ කරගන්න තිබෙන අවස්ථා නැති කර දමන එකයි.” දරුවන් කරන සෑම දෙයක්ම දිහා නිහඬව බලා සිටීම හෝ ඊට අවසර දීම ඔවුන්ගේ වර්ධනයට අහිතකර ලෙස බලපෑ හැකියි.

“නුඹලාගේ වචනය: එසේය, එසේය කියාද; නැත, නැත කියාද වේවා.” (මතෙව් 5:37, ඇල අකුරු අපේය.) දරුවන් ඇතිදැඩි කිරීම ගැන බයිබලයේ සඳහන් මෙම කාලෝචිත අවවාදය අද අපට කොතරම් හොඳින් ගැළපේද! ඔබ දරුවන්ට යම්කිසි නීතියක් පැනවීමේදී එම නීතිය සාධාරණ බවත්, ස්ථිර දෙයක් මෙන්ම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් බවත් ඔබේ කතාවෙන් හා ක්‍රියාවෙන් දරුවන්ට තහවුරු වීම අවශ්‍යයි. මෙමගින් දෙමව්පියන් පනවන නීති සහ ඔවුන් අපේක්ෂා කරන දේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි කාරණයක් සනාථ වෙයි. එනම් මනුෂ්‍යයන් “වපුරන දේම කපා ගන්නේය” යනුයි. (ගලාති 6:7; රෝම 2:6) දරුවන්ට ප්‍රේමනීය හා බලපෑමෙන් යුත් හික්මවීමක් දීමේ පරමාර්ථය වන්නේ, නීතිවලට යටත් වීමටත්, කලකිරීම්වලට සාර්ථකව මුහුණ දීමටත්, ක්ෂණිකව තමන්ව පිනවාගැනීමෙන් වැළකීමටත් ඔවුන්ට ඉගැන්වීමය. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඔබේ දරුවා උසස් ගතිගුණවලින් යුත්, මනා පෞරුෂත්වයකින් හෙබි, සමාජයට යෝග්‍ය ලෙස හැඩගැසුණු පුද්ගලයෙකු වීමයි.

දෙවි, දෙමව්පියන්ට අවවාද කරන්නේ දරුවන්ව ප්‍රේමනීය ලෙස හික්මවන්න කියායි. වැඩි විස්තර දැනගැනීම සඳහා පවුලේ සන්තෝෂයට රහස යන පොත කියවන්න. පිටු 192කින් යුත් මෙම පොත ලබාගැනීමට ඔබත් කැමති නම්, පහත තිබෙන කූපනයේ සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න.

පවුලේ සන්තෝෂයට රහස නමැති පොතෙහි පිටපතක් මට එවන්න.

නොමිලේ සපයන නිවාස බයිබල් පාඩමක් සඳහා කරුණාකර මාව හමු වන්න.