Skip to content

පටුනට යන්න

අමානුෂිකත්වය කවදා කෙසේ කෙළවර වේද?

අමානුෂිකත්වය කවදා කෙසේ කෙළවර වේද?

අමානුෂිකත්වය කවදා කෙසේ කෙළවර වේද?

වහල් මෙහෙකාරකම හා සම්බන්ධ සෝචනීය තත්වය ලොව නන් දෙසින්ම අසන්න ලැබේ. මේ පිළිබඳව පිබිදෙව්! 2000 මාර්තු 8 කලාපයෙහි පැහැදිලිව පෙන්නුම් කෙරිණ. මෙහි එක් කලාපයක්, ඉතාලියේ සමාජ සහයෝගිතා ඇමතිනිය වන ලිවියා ටර්කො අතටද පත් විය. ඇය ඉතාලියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට එවන ලද ලිපියක ඒ ගැන මෙසේ සඳහන් විය.

“වත්මන් වහල් මෙහෙකාරකම කුරිරු ලෙස බලපෑම් ඇති කරන්නේ විශේෂයෙන්ම කාන්තාවන් හා දරුවන්ටය. මෙම අමානුෂික තත්වය නිසා මිලියන ගණන් ජනතාව දුක් විඳිති. මෙම අවදානම් තත්වය මුලිනුපුටා දැමීමට ඉක්මන් පියවර ගත යුතුය.” ඇය තම ලිපිය මෙසේ අවසන් කළාය. “මෙම අසාධාරණය පිටුදැකීමට සැමෝම එකා මෙන් නැඟී සිටිමින් එයට එරෙහිව ජන හඬ නැඟීම අපගේ යුතුකමයි. ඇත්තටම මේ දේ කටින් කියනවාට වඩා, [පිබිදෙව්!] තුළින් බහුතරයක් ජනතාවගේ හෘදවලටම කතා කිරීමට හැකියාවක් ඇත.”

පිබිදෙව්! සඟරාව භාෂා 82කින් පිටපත් මිලියන 20ක් බෙදාහරිනු ලබන අතර, වත්මන් ප්‍රශ්න ගැන පාඨකයන්ව දැනුවත් කිරීමට අමතරව, ඔවුන් අද මුහුණපාන ප්‍රශ්නවලට බයිබලය මත පදනම් විසඳුම්ද සපයනු ලැබේ.

එනමුත් තවත් ප්‍රශ්නයක් ඉතිරිව පවතී. එනම් ඇත්තටම දෙවි කෙනෙකු සිටිනවා නම් ඔහු අහිංසක මනුෂ්‍යයන්ට දුක් විඳීමට ඉඩහැර තිබෙන්නේ මන්ද යන්නයි. ‘සොබාදහම දෙස බලන විට, මැවුම්කරුගේ ප්‍රඥාව පැහැදිලිව දක්නට ලැබුණද, ලෝකය දෙස බලන විට ජනයා කෙරෙහි ඔහුට කිසිදු අනුකම්පාවක් ඇති බවට සාක්ෂි නොමැත්තාක් මෙනි. එසේ නම් මෙවන් මැවුම්කරුවෙකුට ප්‍රේම කිරීමට අපට පුළුවන්ද’ කියා සමහරෙකු ඇසිය හැකිය. එවැනි ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු සැපයීමට ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද? යන විවරණිකාවට හැකිය. ඔබත් එහි පිටපතක් ලබාගැනීමට කැමති නම් මේ සමඟ ඇති කූපනය පුරවා, කූපනයේ සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් සුදුසු ලිපිනයකට එවන්න.

ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද? යන විවරණිකාවේ පිටපතක් මට එවන්න.

□ නොමිලේ සපයන නිවාස බයිබල් පාඩමක් සඳහා කරුණාකර මාව හමු වන්න.