Skip to content

පටුනට යන්න

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

(මෙහි පිළිතුරු සඳහා දී ඇති බයිබල් පද සෝදිසි කළ හැකි අතර, පිළිතුරු ලැයිස්තුව පිටු අංක 14හි සපයා තිබෙනවා. අමතර සොයා බැලීම් සඳහා Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය [ඉංග්‍රීසියෙන්, it] නමැති පොත භාවිත කළ හැකියි.)

1. යෙහෝවාගේ සේවකයන් පෞද්ගලිකව තම කාලය, ශ්‍රමය වැනි ඕනෑම යමක් පිරිනමද්දී හෝ සත්ව පූජාවක් නැත්නම් අස්වැන්නෙන් යමක් පිරිනමද්දී ඔහු ඔවුන්ගෙන් අපේක්ෂා කළේ කුමක්ද? (හිතෝපදේශ 3:9)

2. ව්‍යවස්ථාවට අනුව, අවියක් ලෙස පාවිච්චි කිරීමට ඉඩ ඇති කෘෂි උපකරණය කුමක්ද? (නික්මයාම 21:18, NW)

3. දාවිත් රජ දේවමාළිගය ඉදි කිරීමට සැලසුම් කරද්දී විදේශිකයන්ට දුන් පැවරුම කුමක්ද? (1 ලේකම් 22:2)

4. එම්මාවුස් නම් ගමට යන අතරතුරේදී, යේසුස් යෙරුසලමෙහි සිදු වූ සිද්ධීන් නොදැන සිටි බව පෙනෙන්න තිබූ නිසා විදේශිකයෙක් වෙන්න ඇතැයි කියා සිතුවේ කවුද? (ලූක් 24:18)

5. ඔහු සමහරවිට නෝවාගේ බාලම පුත්‍රයා වෙන්න ඇති. නමුත් ඔහුගේ නම නිතරම සඳහන් වන්නේ දෙවනියටයි. ඔහු කවුද? (උත්පත්ති 5:32)

6. ලිවීමට හා ව්‍යවස්ථාව ගැන ඉගැන්වීමට විශිෂ්ට හැකියාවක් තිබුණු ආරොන්ගෙන් පැවතෙන පූජකයා කවුද? (නෙහෙමියා 8:13)

7. ද්විතීය කථාව 21:20, 21ට [NW] අනුව, ඉතා මුරණ්ඩු පුත්‍රයෙකුව ගල් ගසා මරා දැමීමට හේතු වුණේ ඔහු කළ කුමන ක්‍රියාවන්ද?

8. යුදෙව්වරුන්ගේ ආගමික දින දර්ශනයේ අටවන මාසය වන බූල් මාසයේදී සිදු වූ, ඉශ්‍රායෙල්වරුන්ගේ නමස්කාරය හා සම්බන්ධ හාත්පසින්ම වෙනස් සිද්ධීන් දෙකක් සඳහන් කරන්න. (1 රාජාවලිය 6:38; 12:26-33)

9. එදිනෙදා ජීවිතයේ සාමාන්‍යයෙන් භාවිත කරන කුමන ද්‍රව්‍යයද ස්ථාවරත්වයේ හා සදාකාලිත්වයේ ලකුණක් වුණේ? (ගණන් කථාව 18:19)

10. අකීකරු පුත්‍රයාගේ උපමාවේ වැඩිමහල් පුත්‍රයා නිවසට පැමිණෙන විට ඔහුට ඇසුණු නුහුරු නුපුරුදු හඬ කුමක්ද? (ලූක් 15:25)

11. සත්වෙනි දේවදූතයා දෙවිගේ උදහස නමැති පාත්‍රය වැගිරෙව්වේ කොතැනටද? (එළිදරව් 16:17)

12. පර්සියාවේ අහෂ්වේරොෂ් රජුගේ අධිරාජ්‍යයේ නැඟෙනහිර දේශ සීමාව කුමක්ද? (එස්තර් 1:1)

13. යොහන් දුටු දර්ශනයේ යෙහෝවාගේ සිංහාසනය වටේ තිබූ සිංහාසනවල වාඩි වී සිටියේ කවුද? (එළිදරව් 4:4)

14. පරම්පරාගත සම්ප්‍රදායන්වලට වහල් වූ ඵරිසිවරුන්ව යේසුස් හැඳින්වූයේ කෙසේද? (මතෙව් 15:14)

15. මෝසෙස්ගේ කාලයේ පටන් මිනිසුන් මධ්‍යධරණිය හැඳින්වූයේ කෙසේද? (ගණන් කථාව 34:6)

16. පිලිප් රථයට ළඟා වෙද්දී එතියෝපිය නපුංසකයා කරමින් සිටියේ කුමක්ද? (ක්‍රියා 8:28)

17. හෙබ්‍රෙව් වහලුන් තම ස්වාමියාගෙන් නිදහස්ව යන්න අකමැති බව කියා සිටියහොත් ස්වාමියාට කරන්න සිදු වූයේ කුමක්ද? (නික්මයාම 21:6)

18. මරණාසන්න තත්වයක සිටි ඉශ්‍රායෙලිතයාව යහපත් සමාරියයා ගෙන ගියේ කොහාටද? (ලූක් 10:34)

19. යූදා රාජ්‍යය ධර්මිෂ්ඨකමින් පාලනය කළ ප්‍රථම රජ කවුද? (1 රාජාවලිය 15:11)

20. මණ්ඩපය සෑදීමේදී එහි ප්‍රධාන කර්මාන්තකරු මෙන්ම ගොඩනැඟිලිකරු වූයේ කවුද? ඔහුගේ ප්‍රධාන සහායක කවුද? (නික්මයාම 31:2-6)

21. යේසුස් ක්‍රිස්තියානි සභාව තුළ හෙබවූ මූලිකත්වය හා ඔහු දැක්වූ ප්‍රේමනීය සැලකිල්ල සමාන කළේ කවරෙකුගේ වගකීමකටද? (එපීස 5:22, 23; එළිදරව් 21:2)

22. අතීනසයේ ඇරියෝපගයේදී පාවුල් කළ වාදය අසා ඇදහිලිවන්තයෙක් බවට පත් වූ ස්ත්‍රිය කවුද? (ක්‍රියා 17:33, 34)

23. ආණ්ඩුකාර පෙස්තුස් හඬනඟා පැවසුවේ ‘බොහෝ උගත්කම’ නිසා පාවුල්ට කුමක් සිදු වී ඇති බවද? (ක්‍රියා 26:24)

24. යේසුස් ප්‍රීතිඝෝෂා මැද යෙරුසලමට පැමිණියේ කුමන සත්වයා පිටද? (යොහන් 12:14, 15)

ඔබේ පිළිතුරු පරීක්ෂා කර බලන්න

1. ප්‍රථම ඵල

2. උදැල්ල

3. ගල් කැපීම

4. ක්ලෙයෝපස්

5. හාම්

6. එස්රා

7. කෑදරකම හා බේබදුකම

8. සාලමොන් යෙරුසලමේ දේවමාළිගය ගොඩනැඟීම නිම කළා; යෙරුසලමෙන් හා එහි පැවැත්වෙන මංගල්‍යවලින් සෙනඟගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා යෙරොබොවම් මුරණ්ඩු ලෙස එය උතුරු රාජ්‍යයේ මංගල්‍යයන් පවත්වන මාසයක් බවට පත් කළා

9. ලුණු

10. ඔහුට ‘තූර්ය නාදයත් නැටීමේ හඬත්’ ඇසුණා

11. ‘ආකාශයට’

12. ඉන්දියාව

13. වැඩිමහල්ලන් විසිහතරදෙනෙක්

14. ‘අන්ධ මඟපෙන්වන්නන්’ ලෙස

15. මහ මුහුද

16. ඔහු අනාගතවක්තෘ යෙසායාගේ පොත කියවමින් සිටියා

17. විදින කටුවකින් ඔහුගේ කන සිදුරු කළා

18. තානායමකට

19. ආසා

20. බෙශලෙල්, ඔහොලියාබ්

21. ස්වාමිපුරුෂයෙකුගේ

22. දමරිස්

23. ඔහු උමතු වී ඇති බව

24. කොටළු පැටවෙකු පිට