Skip to content

පටුනට යන්න

“මම නිතරම හිතුවේ මං විතරයි දුක් විඳින්නේ කියලා”

“මම නිතරම හිතුවේ මං විතරයි දුක් විඳින්නේ කියලා”

“මම නිතරම හිතුවේ මං විතරයි දුක් විඳින්නේ කියලා”

මේ අදහස දැක්වූයේ එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ පදිංචිව සිටින උල්රිකේ නම් දහතුන් හැවිරිදි යෞවනියක් පවුලේ සන්තෝෂයට රහස නමැති පොත සම්බන්ධයෙනි. තවදුරටත් ඇය ලීවේ මෙසේය.

“‘තනි-මාපිය පවුල්වලට සාර්ථක විය හැක!’ කියන පරිච්ඡේදය මම හුඟක් අගේ කරනවා. මොකද ඒක මටම හරි යන විදියටයි ලියලා තිබුණේ. මම දැන් ඉස්සර වගේ නෙවෙයි. තනි දෙමාපියෙක් හැටියට අම්මා අද්දකින ගැටලු තේරුම්ගන්නත් එයාට උදව් කරන්නත් මම හුඟක් උත්සහ කරනවා. මට දැන් අම්මාගේ හැඟීම් හුඟාක් හොඳින් තේරුම්ගන්නත් පුළුවන්. මම නිතරම හිතුවේ මං විතරයි දුක් විඳින්නේ කියලා. දැන් මට එහෙම හිතෙන්නේ නෑ.” ඇය මෙසේ අවසන් කර තිබුණා. “මේ පොත මට ගොඩක් ප්‍රයෝජන වුණා!”

පිටු 192කින් යුත් මේ පොත ලොව නන් දෙස සිටින මිලියන ගණන් ජනතාවට ප්‍රයෝජනවත් වී තිබේ. පවුලේ සන්තෝෂයට රහස නම් පොත පවුලේ සෑම සාමාජිකයෙකුටම එනම් ස්වාමිපුරුෂයන්, භාර්යාවන්, දෙමව්පියන්, දරුවන් හා මහලු දෙමව්පියන්ටද ප්‍රයෝජනවත් වී ඇත. එම පොතේ අඩංගු ප්‍රයෝජනදායක පරිච්ඡේදවල මාතෘකා කිහිපයක් මතු දැක්වේ. “බිළිඳු අවදියේ පටන් ඔබේ දරුවා පුහුණු කරන්න,” “ඔබේ නහඹරයාට සඵල වීමට උපකාර කරන්න,” “ඔබේ පවුල විනාශකාරි බලපෑම්වලින් ආරක්ෂා කරගන්න” හා “ඔබේ පවුල තුළ සාමය පවත්වාගන්න.”

ඔබ මෙම පොතේ පිටපතක් ලබාගැනීමට කැමති නම් මේ සමඟ ඇති කූපනය පුරවා, එහි සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් සුදුසු ලිපිනයකට තැපැල් කර එවන්න. මැවුම්කරු අදහස් කළ ආකාරයට පවුල් ජීවිතයේ සතුට භුක්ති විඳීමට හා ගැටලු විසඳාගැනීමට උපකාරවත් වන යම් විශේෂ යෝජනාද එතුළ ඔබට සොයාගත හැක.

පවුලේ සන්තෝෂයට රහස නමැති පොතෙහි පිටපතක් මට එවන්න.

□ නොමිලේ සපයන නිවාස බයිබල් පාඩමක් සඳහා කරුණාකර මාව හමු වන්න.