Skip to content

පටුනට යන්න

“මට ඔබේ සඟරා නොකියවා ඉන්නම බෑ”

“මට ඔබේ සඟරා නොකියවා ඉන්නම බෑ”

“මට ඔබේ සඟරා නොකියවා ඉන්නම බෑ”

මෑතකදී ජර්මනියේ වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයට පැමිණි ලිපියක කොටසක් පහත දැක්වේ.

“මට ඔබේ සඟරා නොකියවා ඉන්නම බෑ කියා සඳහන් කරන්න මම කැමතියි. සාමාන්‍යයෙන් සෑම අවුරුද්දකම නිවාඩුවක් ගත කරන්න යනකොට සිදු වන දේ මේ අවුරුද්දෙත් සුපුරුදු පරිදි සිදු වුණා. මෙදා සැරේ නිවාඩුව මුහුදු වෙරළේ ගත කරද්දී නිවාඩු පාඩුවේ කියවන්න අවස්ථාවක් හම්බ වෙන නිසා, මෑතකදී නිකුත් කළ සඟරා දෙක කොහොමහරි අරන් යන්න මම තීරණය කළා.

“නමුත් යන්න කලින් මම නිකමට වගේ සඟරාවේ පටුන බැලුවා. මට ආස හිතුණා ජීවිත කතාව ඒ වෙලාවෙම කියවන්න. ඊට පස්සේ අනෙක් ලිපි කියවන්නත් ලොකු ආසාවක් ඇති වුණා. එක පාරටම මට මතක් වුණා, ආ! මම සඟරාව අරං තියාගත්තේ නිවාඩුවට ගෙනියලා කියවන්නනේ කියලා. කමක් නෑ, තව එක ලිපියක් කියවනවා කියලා මම හිතුවා. ඊට පස්සේ “දස දෙසින්” ලිපියත් කියෙව්වා. ඒ ලිපියෙන් අලුත් තොරතුරු ගොඩක් මට දැනගන්න ලැබුණා. අන්තිමේදී මොකද වුණේ කියලා දන්නවද? මට මුහුදු වෙරළට ගිහිල්ලා නිවාඩු පාඩුවේ කියවන්න එක ලිපියක්වත් ඉතුරු වුණේ නෑ.”

පිබිදෙවි! සඟරාව භාෂා 82කින්, පිටපත් 2,03,00,000ක් මුද්‍රණය වන නිසා එය කොතරම් ජනප්‍රිය වී ඇද්දැයි පැහැදිලිව පෙනෙන්ට තිබේ. එයින් දෙන පණිවිඩය ශුභවාදී නිසා එය කියවීමට පාඨකයන් කැමැත්තක් දක්වයි. සෑම කලාපයකම කියවීමට තිබෙන “පිබිදෙව්! ප්‍රකාශ කිරීමට හේතුව” නම් කොටසෙහි පැහැදිලි කරන්නේ, එමගින් “සාමකාමී එමෙන්ම සුරක්ෂිත නව ලොවක් බිහි කිරීමට වූ මැවුම්කරුගේ පොරොන්දුව කෙරෙහි නිසැකභාවය ගොඩනංවයි” කියාය.

නමුත් බොහෝදෙනෙකු මෙසේ අසයි. “දෙවි මෙතරම් කාලයක් දුක් විඳීමට ඉඩහැර තිබෙන්නේ මන්ද?” එම ප්‍රශ්නයට ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද? යන විවරණිකාව පිළිතුරු සපයයි. ඔබේ පිටපත වෙන් කරවාගැනීමට, කරුණාකර මෙම කූපනය පුරවා මෙහි ඇති ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට එවන්න.

ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද? යන විවරණිකාව මා වෙත එවන්න.

◻ කරුණාකර නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමුවීමට කෙනෙකුව එවන්න.