Skip to content

පටුනට යන්න

“අවශ්‍යව තිබූ උපකාරය ලබා දුන්නා”

“අවශ්‍යව තිබූ උපකාරය ලබා දුන්නා”

“අවශ්‍යව තිබූ උපකාරය ලබා දුන්නා”

මෙය ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත සම්බන්ධයෙන් ජපානයේ ඔසාකා නගරයේ සිටි එක්තරා ස්ත්‍රියක් පළ කළ අදහසකි. ඇය මෙසේ ලීවාය.

“බයිබලය හා මැවිල්ල තුළින් මැවුම්කරුව හඳුනාගැනීමට මෙම පොත උපකාර කරයි. තවද මැවිල්ලේ විවිධ අංගයන්වල ක්‍රියාකාරිත්වය ගැන 5වන පරිච්ඡේදය දක්වා හොඳින් පැහැදිලි කර තිබෙන අතර පොළොව යම් නීති රීතිවලට යටත් වන ආකාරයත් එය කොතරම් ක්‍රමවත් ලෙස මවා ඇද්ද කියාත් එහි පෙන්නුම් කරයි. මෙතුළින් හෙළි වන වැදගත් දෙය නම්, මේ සියල්ල පිටුපස බුද්ධිමත් කෙනෙක් සිටින බවයි.

“මැවිල්ලේ පුදුමාකාර ක්‍රියාවලියන් හොඳින් තේරුම්ගැනීම සඳහා තව කරුණු මට අවශ්‍ය වෙලයි තිබුණේ. ඇත්තටම කියන්න කැමතියි මේ පොත මට අවශ්‍යව තිබූ උපකාරය ලබා දුන්නා. ප්‍රෝටීන හා නියුක්ලෙයික් අම්ල අණු එක්ව ක්‍රියා කරන ආකාරය ගැන කියවන විට මෙහි ඇති පූර්ණ නිරවද්‍යතාව සැබවින්ම ආශ්චර්යයක් බව මට හැඟුණා.”

ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත කියවන සෑම කෙනෙකුටම අපි පැමිණියේ කෙසේද හා ජීවිතයේ අරමුණ කුමක්ද යන්න පිළිබඳව ගැඹුරින් සිතන්න අවස්ථාවක් සලසා දෙයි. ඔබත් මෙම පිටු 192කින් යුත් පොතේ පිටපතක් ලබාගැනීමට කැමති නම්, මේ කූපනය පුරවා, එහි සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් සුදුසු ලිපිනයකට තැපැල් කරන්න.

□ ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? නමැති පොතෙහි පිටපතක් එවන්න.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා කරුණාකර මාව හමු වන්න.

[32වන පිටුවේ රූප සටහන]

විස්මිත ලෝකය හා ශරීරයේ සෛලවල සංකීර්ණ ක්‍රියාකාරිත්වය දෙසට මොහොතකට අවධානය යොමු කළ විට, අපට ඇති වන ප්‍රශ්නය නම් මේ දේවල් කෙසේද පැමිණියේ? යන්නය.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

පොතේ පිටකවරය: “මැවිල්ලේ කුලුනු” J. Hester and P. Scowen (AZ State Univ.), NASA