Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

බිම් බෝම්බ “බිම් බෝම්බ―පිළියමක් නැද්ද?” (2000 මැයි 8) යන ලිපි පෙළ මම හුඟක් අගය කළා. සෑම අවුරුද්දකම බිම් බෝම්බ නිසා අහිංසක ජනයා එතරම් විශාල සංඛ්‍යාවක් මිය යෑම මොනතරම් අපරාධයක්ද!

ඊ. යූ., ෆින්ලන්තය

මිනිසා තමන්ගේම වර්ගයාට හානි කිරීමට කෲර ආයුධ භාවිත කරන හැටි කියවද්දී මට පුදුම දුකක් ඇති වුණා. දෙවි මිනිස් කාරණාවලට මැදිහත් වී පොළොවෙන් දුෂ්ටකම තුරන් කරන එක කොයිතරම් යුක්තිසහගතද!

ජී. එස්., බ්‍රසීලය

මෙම ලිපි පෙළ බැරෑරුම් ප්‍රශ්නයක් පිළිබඳව මහජනයාව දැනුවත් කිරීමට සමත් වුණා. මුල් පිටුවේ ඡායාරූපය, ලිපිය කියවීමට මිනිසුන් තුළ පෙලඹීමක් ඇති කිරීමේදී විශේෂ කාර්යයක් ඉටු කළා කියා පැවසිය හැකියි.

ආර්. එච්., එක්සත් ජනපදය

රුධිර ප්‍රවේශන රහිත ප්‍රතිකාර ක්‍රම “ආයි දෙකෙන් එකක් නෑ ඔයා නම් මැරෙනවා!” (2000 මැයි 8) යන ලිපිය කියවද්දී මට මතක් වුණේ මගේ තාත්තාගේ අද්දැකීමයි. දැන් අවුරුදු කිහිපයකට කලින් කාර් එක එළවගෙන යද්දී ඔහුට ආඝාතයක් ඇති වුණා. ඒ වෙලාවේ වාහනය අනිත් පැත්තට පෙරලිලා තාත්තාට සිහි නැතිව ගියා. ඔහුට නැවත සිහිය ආවාට පස්සේ දොස්තර රුධිර ප්‍රවේශනයක් ගන්නම කියා ඔහුට බල කළා. තාත්තා බැහැයි කිව්වාම දොස්තර කිව්වේ “ලේ ගත්තේ නැත්නම් ඔයා මැරෙයි” කියලයි. හැබැයි තාත්තා ඔහුගේ තීරණය වෙනස් කළේ නැහැ. ඊට පහුවදා දොස්තර ඇවිත් “ඔයාට කොහොමද?” කියා තාත්තාගෙන් ඇහුවා. තාත්තා උත්තර දුන්නේ “මම තවමත් මැරුණේ නැහැ” කියලයි. තාත්තා තවමත් ජීවතුන් අතරේ. තවමත් ඔහු හැකි උපරිමයෙන් යෙහෝවාට සේවය කරනවා.

ටී. එම්., එක්සත් ජනපදය

මගේ ලේවල හුඟක් දුර්ලභ ගණයේ පිළිකාවක් තියෙනවා. මට එහෙම පිළිකාවක් තියෙනවයි කියලා දැනගත්ත අලුත මගේ දොස්තර කිව්වේ, මම එක දිගටම ලේ ගන්න පටන්ගත්තේ නැත්නම් මාස හයකින් මාව මැරෙයි කියලයි. ඒ 1991! පස්සේ මං රුධිරය පිළිබඳ මගේ විශ්වාසයට ගරු කරන දොස්තර කෙනෙක් ගාවට ගියා. ඔහුගේ අධීක්ෂණය යටතේ සතිපතා මට දැන් රුධිරය වඩවන එරිත්‍රොපොයටින් නමැති බෙහෙත විදිනවා.

ඊ. ජී., එක්සත් ජනපදය

මම වෛද්‍යවරයෙක්. මට ලිඈන් කාර්ලින්ස්කිගේ කතාව කියවන්න ලැබුණා. රෝහල් සේවකයන් එයාට සලකපු ආකාරය ගැන කියෙව්වාම මට පුදුම හිතුණා. [එයා රුධිර ප්‍රවේශනයක් ප්‍රතික්ෂේප කළ නිසා], සැත්කමෙන් පසු එයාට හරියට සාත්තු නොකරපු එක හරිම අමානුෂික ක්‍රියාවක්. මෙච්චර පටු අදහස් තියෙන මිනිස්සු ඉන්නවයි කියලා මට හිතාගන්නවත් බැහැ!

සී. සී., එක්සත් ජනපදය

බලාපොරොත්තු සුන්වීමට මුහුණ දීම මම මානසිකව බිඳ වැටිලයි ඉන්නේ. ඒ නිසා “බයිබලයේ දෘෂ්ටිකෝණය: බලාපොරොත්තු සුන් වෙද්දී කළ හැකි දේ” (2000 මැයි 8) කියන ලිපිය දැක්ක ගමන්ම මම ඒක කියවන්න පටන්ගත්තා. ඒ ලිපියේ කියලා තිබුණ විදිහට, අපට අනුකම්පාවෙන් සවන් දෙන කෙනෙකුට කතා කිරීමෙන් දිරිගැන්වීමක් ලබාගන්න පුළුවන් කියලා මමත් අද්දැකලා තියෙනවා. මේ වටිනා ලිපිය සඳහා මගේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමතියි.

ඒ. ඩී., ලිතුවේනියාව

ලැක්ටෝස් අසාත්මිකතාව මගේ බිරිඳ වේදනාකාරි රෝග ලක්ෂණ කිහිපයකට මුහුණ දුන්න නිසා අපි දොස්තර ගාවට ගියා. දොස්තර කිව්වේ එයාට ලැක්ටෝස් අසාත්මිකතාව තියෙනවා ඇති කියලයි. මම කවදාවත් ඒ වගේ ලෙඩක් ගැන අහලා තිබුණේ නැහැ. ඒ හින්දා “ලැක්ටෝස් අසාත්මිකතාව―එය ඔබට තිබිය හැකිද?” (2000 මැයි 8) කියන ලිපිය අපිට හුඟක් ප්‍රයෝජනවත් වුණා. ඒ වැදගත් තොරතුරු ලැබුණේ නියම වෙලාවටයි.

ඊ. පී., එක්සත් ජනපදය

බ්‍රසීලය “පන්තනාල්―පුදුම දනවන අභය භූමියක්” (1999 සැප්තැම්බර් 8 ඉංග්‍රීසි කලාපය) කියන ලිපිය මට කියවන්න ලැබුණා. ඊට පස්සේ, යෙහෝවාගේ ඒ මවිතකර මැවිලි ඇස් දෙකෙන්ම දැකගන්න මට ලොකු ආශාවක් ඇති වුණා. ඒ හින්දා නංගියි මායි බ්‍රසීලයට යන්න තීරණය කළා. එහෙට යන්න සති දෙකකට කලින් “විවිධත්වයෙන් පිරි දේශයේ අසාමාන්‍ය ඉතිහාසය” (2000 මැයි 8) කියන ලිපියත් කියවන්න ලැබුණා! බ්‍රසීලයේ දැකබලා ගන්න පුළුවන් හොඳම තැන් ඒකේ සඳහන් කර තිබුණා. ඇත්තෙන්ම ඒ ලිපිය හොඳ සංචාරක අත්පොතක්!

ඊ. වී., එංගලන්තය

කුරුල්ලන් හා සිරකරුවන් මම කිහිප වතාවක්ම කුරුලු පැටවුන්ව ඇති කර පසුව උන්ව නිදහස් කරලා තියෙනවා. ඒ නිසා “කුරුල්ලෙක් සිරකරුවෙකුට උගන්වයි” (2000 මැයි 8) යන ලිපිය මගේ සිත්ගත්තා. යෙහෝවාගේ කුඩා මැවිල්ලකින් පවා අපට කොච්චර දේවල් ඉගෙනගන්න පුළුවන්ද කියලා ඒක මට මතක් කර දුන්නා.

ඊ. ඩී., එක්සත් ජනපදය