Skip to content

පටුනට යන්න

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

(මෙහි සඳහන් කර ඇති බයිබල් පදවලින් පහත දක්වා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත හැකි අතර, පිළිතුරු පිටු අංක 23හි සපයා ඇත. අමතර කරුණු සඳහා Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත “ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය” [ඉංග්‍රීසියෙන්] නමැති පොත බලන්න).

1. මෝසෙස් සිටි වාසස්ථානය හා ශුද්ධ මණ්ඩපය පාළුකරයේදී හැඳින්වූයේ කුමන නමකින්ද? (නික්මයාම 33:7; 39:40) “සම්මුඛවීමේ කූඩාරම”

2. පුරාණයේ පුදුම හතෙන් එකක් ලෙස සැලකූ අර්තෙමිස්ගේ දේවාලය පිහිටා තිබුණේ කොහේද? (ක්‍රියා 19:26, 27) එපීසයේ

3. බබිලෝනියේ දිසාපති නිලයට වඩා මඳක් පහත් නිලය හැඳින්වූයේ කුමන නමකින්ද? (දානියෙල් 2:48) අධිපතියා

4. මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව ලෙවීවරුන්ට දුන් කොටස කුමක්ද? එමෙන්ම එය දුන්නේ ඇයි? (ද්විතීය කථාව 26:12) දසයෙන් කොටස. එය දීමට හේතුව වූයේ දේශයේ ඔවුන්ට කිසිම උරුමයක් දී නොතිබීමයි. ඒ වෙනුවට ඔවුන් ශුද්ධස්ථානයේ සේවය කිරීමට කැප වී සිටියේය.

5. යේසුස්ගේ මිත්තණියක් බවට පත් වූ කලින් ගණිකාවක්ව සිටි ස්ත්‍රිය කවුද? (මතෙව් 1:5) රාහබ්

6. පාවුල්ට අකිලා හා ප්‍රිස්කිලා හමු වූයේ කුමන නගරයේදීද? (ක්‍රියා 18:1-3) කොරින්තියේදී

7. ක්‍රිස්තියානි ස්ත්‍රියකට පේතෘස් නිර්දේශ කළේ කුමනාකාරයේ ‘අලංකාරයක්’ ඇතුව සිටීමටද? (1 පේතෘස් 3:3, 4) “මෘදුවූ නිශ්චලවූ ගතිය” ඇතුව සිටීමට

8. දැන් පවතින ක්‍රමයට අවසානයක් ගෙන ඒමට කලින් නිම කළ යුතු කාර්යය කුමක්ද? (මතෙව් 24:14) ‘රාජ්‍යයේ ශුභාරංචිය’ ලොව මුළුල්ලේ ප්‍රකාශ කිරීම

9. කායිසර් යන නාමයට සමාන රාජකීය පදවිය කුමක්ද? අධිරාජ්‍යයා

10. “නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ට” ක්‍රිස්තියානියෙකුට උපකාරවත් වන ආත්මික යුධායුද කට්ටලයේ ඇති වැදගත්ම ආයුධය කුමක්ද? (එපීස 6:16) “ඇදහිල්ල නමැති පලිහ”

11. පුරාණ කාලයේ නැව් යාත්‍රා කරවීම සඳහා උපකාරවත් වූයේ මොනවාද? (එසකියෙල් 27:6, 7, NW, 29) රුවල් හා හබල්

12. ජලගැල්මට පෙර මනුෂ්‍යයන්ගේ ආහාර වේලවලට අයත් නොවූයේ කවරක්ද? (උත්පත්ති 9:3, 4) සත්ව මාංස

13. නෝවා තමා සෑදූ නැව තුළට ජලය කාන්දු වීම වැළැක්වීම සඳහා යොදාගත් ද්‍රව්‍යය කුමක්ද? (උත්පත්ති 6:14) කීල්

14. රාජ්‍යයේ වචනය යටපත් කළ හැකි හා “ඵල නොදරන” තත්වයට පත් කළ හැකි “රැවටිලිකාර” දෙය ලෙස යේසුස් හැඳින්වූ දෙය කුමක්ද? (මතෙව් 13:22) ‘වස්තුව’

15. ‘සත්‍යයට කීකරු වීම’ තුළින් තමන්ගේ ආත්ම පිරිසිදු කරගැනීමෙන් අත් වන ප්‍රතිඵලය ලෙස පේතෘස් ගෙනහැර දැක්වූයේ කුමක්ද? (1පේතෘස් 1:22) ‘සහෝදරයන්ට අවංකකමින් ප්‍රේම කිරීමට’ හැකිවීම

16. පාවුල් තම දෙවන මිෂනාරි ගමනේ යෙදී සිටියදී ‘ආසියාවේ වචනය කියා දෙන්ට ශුද්ධාත්මය විසින් තහනම් කරනු ලැබූ’ විට ඔහු ගමන් කළේ කුමන ප්‍රදේශ හරහාද? (ක්‍රියා 16:6) “පිරිගිය හා ගලාතිය පළාත මැදින්”

17. “පුත්‍රයා” යන තේරුම ගෙන දෙන හෙබ්‍රෙව් උපසර්ගය කුමක්ද? (උත්පත්ති 35:18) බෙන්

18. දේවමාළිගයේදී සුවඳ දුම් ඔප්පු කරමින් උඩඟු ලෙස ක්‍රියා කළ අවස්ථාවේදී උස්සියා රජුට සිදු වූයේ කුමක්ද? (2 ලේකම් 26:19-21) යෙහෝවා ඔහුට කුෂ්ඨ රෝගයකින් පහර දුන්නේය

19. අනාගතවක්තෘවරයෙකු ඇඳිය යුතු වස්ත්‍රය සාමාන්‍යයෙන් නිමවා තිබුණේ කුමකින්ද? (2රාජාවලිය1:8; මතෙව් 3:4) ඔටුරෝම හා එළුරෝමවලින්

20. තිබෙන සාක්ෂි අනුව පාවුල්ව මරණයට පත් කිරීමට අණ දුන්නේ කුමන කායිසර්ද? නීරෝ

21. දෙවිගේ නම භාවිත කළ පළමු පුද්ගලයා ලෙස නිශ්චිත වශයෙන් සඳහන් කර ඇත්තේ කාවද? (උත්පත්ති 4:1) ඒව