“විශ්වාසය උපදවන්න හා ඇදහිල්ල ශක්තිමත් කරන්න උපකාරයක් ”
“විශ්වාසය උපදවන්න හා ඇදහිල්ල ශක්තිමත් කරන්න උපකාරයක් ”
බයිබලයේ වාර්තාගතව ඇති ඉපැරණි ඉතිහාසය හා අනාගතවාක්‍ය අඩංගු පොතක් වන දානියෙල් පොත මාස කීපයක් තුළ අධ්‍යයනය කිරීම මෑතකදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර බයිබල් අධ්‍යාපන වැඩසටහනට ඇතුළත් කර තිබිණ. මෙම වැඩසටහන අගය කරමින් පෝලන්තයේ සිට එවන ලද ලිපියක කොටසක් පහත දැක්වේ.
“දානියෙල් පොතේ සඳහන් බයිබල් අනාවැකි පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට කලක් තිස්සේ අපිට තිබුණේ ලොකු ආසාවක්. දැන් ඉතින් ඒ ආශාව මුදුන් පත් වෙලා ඉවරයි. දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! යන පොතේ ඇති තර්කානුකූල හා සරල විස්තර කිරීම්, පැහැදිලි භාෂාව හා මනබඳින පින්තූරු නිසා බයිබලය පහසුවෙන් අධ්‍යයනය කිරීමට එය උපකාරයක් වෙලා තිබෙනවා. ඒ විතරක්ම නෙවෙයි මේ පොත මනසට හා හෘදයට කාවදින ආකාරයෙන් කරුණු තේරුම් කර දෙනවා. ඇත්තටම මේ දේ නිසා දෙවිගේ අරමුණු ඔහු නියම කාලයේදී ඉටු කරයි කියන අපේ විශ්වාසය ශක්තිමත් වී තිබෙනවා. ඒ වගේම, මේ උදාර අධ්‍යයනය, අපි තුළ විශ්වාසය උපදවන්න හා ඇදහිල්ල ශක්තිමත් කරන්න උපකාරයක් වී තිබෙනවා.”
වර්තමානයේ පවතින නිෂේධාත්මක ආකල්පයන් නිසා හෝ බයිබල් ඉතිහාසය සම්බන්ධයෙන් කරන අසාධාරණ විවේචනයන් නිසා, කවදා හෝ ඔබ පීඩාවට පත්ව ඇද්ද? එසේ නම්, දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! යන ප්රකාශනය ඔබේ සිත්ගන්න බවත් ඔබේ හදවත උණුසුම් කරන බවත් නිසැකය. මෙම පොත ලබාගැනීමට ඔබ කැමති නම්, පහත තිබෙන කූපනයේ සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න.
□ දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! නමැති පොතේ පිටපතක් මට එවන්න.
□ නොමිලේ සපයන නිවාස බයිබල් පාඩමක් සඳහා කරුණාකර මාව හමු වන්න.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
පර්සියානු බිතු සිතුවම: The Coloured Ornament of All Historical Styles යන පොතෙනි; මහ ඇලෙක්සැන්ඩර්: Roma, Musei Capitolini; සිලින්ඩරය: British Museum අනුග්‍රහයෙන් ගත් ඡායාරූපයකි