අභියෝග ජයගැනීමට ජනතාවට අත්වැලක්
අභියෝග ජයගැනීමට ජනතාවට අත්වැලක්
ශ්‍රී ලංකාවේ, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට නැඟෙනහිර පළාතේ යෞවන හා මානව සම්පත් සංවර්ධන සමිතියේ ලේකම්ගෙන් ලිපියක් ලැබිණ. පරණ පිබිදෙව්! කලාප කීපයක් ඉල්ලුම් කරමින් ලේකම් මෙසේ පවසා තිබිණ.
“ඔබ මට එවූ සඟරා අධ්‍යාපනික මෙන්ම තොරතුරු බරිත ඒවා බවත්, පෙලඹීමක් ඇති කරවනසුලු මෙන්ම තර්කානුකූල හා ඒත්තුගන්වනසුලු ඒවා බවත්, මටයි මගේ මිතුරන්ටයි වැටහී ගියා. සමහරු වරදවා වටහාගෙන තිබෙන පරිදි, එම සඟරා සැඟවුණු චේතනාවක් ඇතුව ක්‍රිස්තියානි ධර්මය පතුරුවන්නේ නැහැ. මට හැඟෙන්නේ ඒවා ශ්‍රේෂ්ඨ පොත් පත් කියායි.
“පිබිදෙව්! (අලුත් හා පරණ) පිටපත්වලට තිබෙන ඉල්ලුම වැඩි වෙමින් පවතින අතර, ඊළඟ මාස කීපයේදී ඉල්ලුම තව තවත් වැඩි වන බවට ලකුණු තිබෙනවා. ඔබේ සඟරාවල ලිපි තුළින් බාල, මහලු, තරුණ සැමට දැනුම සපයනවා. ලෞකිකත්වය හඹා යන ලොවක අද හා හෙට මුහුණ දීමට සිදු වන අභියෝගවලින් ජයගැනීමට ඒවා සෑමදෙනාටම අත්වැලක්.”
බාල මහලු කොයි කවුරුත් ඉතිහාසයේ කවරදාකවත් මුහුණ නොදුන් අභියෝගවලට දැන් මුහුණ දෙමින් සිටිති. අනාගතයේ කුමක් සිදු වේවිද කියාත්, තමාට පිහිට වන දෙවිකෙනෙකු සිටීද කියාත් බොහෝදෙනෙක් කල්පනා කරමින් සිටිති. ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද? යන විවරණිකාවේ එවැනි ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන ආකාරයෙන් උත්තර සපයයි. මෙහි පිටපතක් ලබාගැනීමට ඔබ කැමති නම්, පහත කූපනය පුරවා එහි සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න.
□ ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද? නමැති විවරණිකාවේ පිටපතක් මට එවන්න.
□ නොමිලේ සපයන නිවාස බයිබල් පාඩමක් සඳහා කරුණාකර මාව හමු වන්න.