Skip to content

පටුනට යන්න

නෙතට රසඳුනක් වන කුරුලු නිරීක්ෂණය

නෙතට රසඳුනක් වන කුරුලු නිරීක්ෂණය

නෙතට රසඳුනක් වන කුරුලු නිරීක්ෂණය

මිහිපිට වසන සතුන් අතරින් අපව වඩාත් අමන්දානන්දයට පත් කරන්නේ කුරුල්ලන්ය. ඒ නිසා කුරුල්ලන් නැති ලෝකයක් අපට සිතාගන්නවත් බැරි තරම්! උන්ගේ කිචි බිචි නාදය, දෙසවනට මිහිරියාවක් වන ගී නද, නෙතට රසඳුනක් වන විවිධ වර්ණ සහ පියාසර කිරීමේ රටාවන් අපගේ ජීවිතය වඩාත් සුන්දර කිරීමට දායක වෙයි. ඒත් අපි මොහොතකට හෝ නැවතී මෙම සුන්දරත්වය විඳින්න උත්සාහයක් ගන්නවාද? ඔබ තදබදයෙන් යුත් දූවිල්ලෙන් නැහැවුණු නගරයක ජීවත් වෙනවා නම් කුරුල්ලන් ඔබ නෙතට දුර්ලභ දර්ශනයක් විය හැකියි. ඔබ ගම්බද පළාතක ජීවත් වුවත් එය එතරම් නෙතට සමීප දසුනක් නොවන්න පුළුවන්. ඔබ අවට ප්‍රදේශයේ සිටින කුරුල්ලන්ව නිරීක්ෂණය කිරීමට උපකාරවත් වන යෝජනා කිහිපයක් පහත දැක්වේ.

ඔබ කිරීමට අවශ්‍ය වන්නේ, කුරුල්ලන් සඳහා කෑම දැමූ පිඟානක් කවුළුවකින් දැකගත හැකි වන ලෙස ඔබේ නිවසේ පිටුපසට වෙන්න තැබීමයි. දුර දක්නයක් සහ සූම් කාච සහිත කැමරාවක් ඔබ ළඟ තිබිය යුතුයි. තවත් වැදගත් දෙයකි, ඉවසීම! අධි වේගී සේයා පටි (high-speed film) ඇති තරම් ළඟ තබාගන්නත් අමතක කරන්න එපා. එමෙන්ම කුරුල්ලන්ව හඳුනාගැනීමේදී කුරුලු නිරීක්ෂණ පිළිබඳව හොඳින් විස්තර සපයා ඇති උපදෙස් පොතක් ළඟ තබාගන්න. ඉන් පසු ඔබ සමීපයට එන කුරුල්ලන්ගේ සුන්දරත්වය නරඹන්න, මිහිරි නාදයට සවන් දෙන්න, සතුටක් අත් විඳින්න!