අපේ අපූරු මහා ධමනිය
අපේ අපූරු මහා ධමනිය
මහා ධමනිය විද්‍යාඥයන් විසින් විස්තර කර ඇත්තේ ජලනල පද්ධතියක ඇති ඉතා සංකීර්ණ “පයිප්පයක්” වශයෙනි. කෙසේවෙතත්, එය පෙර සිතුවාටත් වඩා සියුම් ලෙස සකස් කර ඇති බව දැන් සොයාගෙන ඇත. බැලූ බැල්මට මහා ධමනිය වක්‍රාකාර කුඩ මිටක හැඩය ගනී. නමුත් එම සමාන කිරීම සියයට සියයක්ම නිවැරදි නොවේ. මන්ද මහා ධමනියේ වක්‍රය ත්‍රිමාන හැඩයක් ගනී. එය පැතලි පෘෂ්ඨයක් මත තැබුවොත් සාමාන්‍ය වක්‍රයක් මෙන් පෘෂ්ඨය මත රඳවා තබාගත නොහැක. මන්ද එය පහළ සිට උඩ අතට වක් ගැසී එක පාරටම පෘෂ්ඨයෙන් ඉවතට ගොස් ඉහළට ඇදී යයි.
එය මෙලෙස නිර්මාණය කර ඇත්තේ මන්ද? සාමාන්‍යයෙන් ගඟක් වක් ගැසුණු විට ජලය ගමන් කරන්නේ වක් හැඩයටයි. ඒත් රුධිරය මහා ධමනිය ඔස්සේ ගමන් කරන්නේ වක් හැඩයට නොවේ. ඒ වෙනුවට එය ගමන් කරන්නේ දඟරයක්, එසේත් නැත්නම් සුළියක් ආකාරයෙනි. සාමාන්‍යයෙන් ගඟක් වක්‍රාකාරව ගමන් කරන විට එහි ඉවුරු දෙක ඔස්සේ ජලය ගලා යන්නේ එකම වේගයකින් නොවේ. පිටට නෙරා ඇති ගඟේ ඉහළ ඉවුර දිගේ ජලය ගමන් කරන්නේ ඉතා වේගයෙනි. ඇතැම් අවස්ථාවලදී ගං ඉවුරත් සෝදා පාළුවට ලක් කරමිනුයි එය ගලා යන්නේ. ඒත් පහළ ඉවුර දිගේ ජලය ගලා යන්නේ තරමක් සෙමිනි. මේ නිසා පහළ ඉවුරේ මණ්ඩි, කුණු රොඩු ආදිය තැන්පත් වීමටද ඉඩ තිබේ. රුධිරය මහා ධමනිය ඔස්සේ මෙලෙස ගමන් කළා නම් ධමනි වක්‍රයේ ඇතුල් බිත්තියෙහි යම් යම් ද්‍රව්‍ය තැන්පත් වන බවට නිසැකය. එයින් හානිකර ප්‍රතිඵල අත් විය හැක. නමුත් රුධිරය මහා ධමනියේ වක්‍රය හරහා ගමන් කරන්නේ දඟරාකාරව නිසා එය සෑහෙන දුරට එකම වේගයකින් ගමන් කරයි. මෙලෙස, රුධිරය ධමනි බිත්තිවල එක සමානව ගෑවී ගමන් කරන අතර, හානිකර ලෙස විවිධ ද්‍රව්‍ය තැන්පත් වීමේ ගැටලුව එයින් බොහෝදුරට මඟහැරේ.
මොනතරම් පුදුමාකාර නිර්මාණයක්ද! බයිබලයේ ගීතිකාකරු “මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි” කියා පැවසුවේ හොඳ හේතු ඇතුවය.—ගීතාවලිය 139:14.
[19වන පිටුවේ රූප සටහන]
(මුද්‍රිත පිටපත බලන්න)
මහා ධමනිය
[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
පිටු 19, 28-30හි පසුතලයෙහි දක්නට ඇති රුධිර සෛලය: Lennart Nilsson