“දස දෙසින්” පාසැලට ඇවිත්
“දස දෙසින්” පාසැලට ඇවිත්
එක්සත් ජනපදයේ වෙසෙන 15 හැවිරිදි එඩෙල්මිරා, පාසැලේදී පිබිදෙව්! සඟරාව බලපෑමෙන් යුක්තව යොදාගැනීමට සමත් වූවාය. ඇය ප්රකාශිතයන්ට මෙසේ ලීවාය.
“සෑම සිකුරාදාවකම කාලීන සිදුවීමක් ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්න අපිට පැවරුමක් තිබෙනවා. මේ වතාවේ මම සිතුවා ඉදිරිපත් කළ යුතු වාර්තාවට කරුණු ටිකක් 2000 මැයි 8 පිබිදෙව්! සඟරාවේ පළ වූ ‘දස දෙසින්’ නමැති විශේෂාංගයෙන් තෝරගන්න. ‘දුම්පානය, පිළිකාවලට හේතුකාරකයක් බව දුම්කොළ සමාගම් පිළිගනී’ යන කොටස සාරාංශ කරලා ඒක මම පංතියේදී ඉදිරිපත් කළා. පංතියේ සිටි ගුරුතුමියයි ළමයිනුයි මම ඉදිරිපත් කරපු දේට හොඳින් ඇහුම්කම් දීගෙන සිටියා. මම මගේ වාර්තාව ඉදිරිපත් කරලා ඉවර වුණ ගමන්ම මිතුරියක් හැමෝම ඉදිරිපිට මගෙන් ඇහුවා, ඒ තොරතුරු හොයාගන්න කාලය ගොඩක් වැය වෙන්න ඇති නේද කියලා. මම කිසි දෙයක් නොකියා පිබිදෙව්! සඟරාව ඇයට දුන්නා. ඇය ඉතා ඕනෑකමින් ඒක කියවන්න පටන්ගත්තා. ටික වේලාවකට පස්සේ ඇය සමඟ ඊළඟ පංතියට සහභාගි වන අපේ සභාවට අයිති පිරිමි ළමයෙක් මට කිව්වා ඔහු පංතියට එනකොටත් ඇය සඟරාව කියවමින් ඉන්නවා දැක්කා කියලා. පස්සේ මිතුරිය මට කිව්වා පිබිදෙව්! හා මුරටැඹ සඟරාවල හැම කලාපයක්ම ඇයට ලබාගන්න ඕනේ කියලා.
“මම ලබපු මේ අද්දැකීම නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වීම ගැන මට ලොකු ආඩම්බරයක් ඇති වුණා. මම මේ සිද්ධියෙන් එක දෙයක් ඉගෙනගත්තා. ඒ තමයි යෙහෝවා ගැන අනිත් අය එක්ක කතා කරන්න අපට ඕනෑ තරම් ප්රස්තාවන් තියෙනවා කියන එක.” එඩෙල්මිරා ලිපිය අවසන් කර තිබුණේ මෙසේය. “මේ සඟරා නිකුත් කරන්න ඔබ දරන වෙහෙස මහන්සියට මම ස්තුතිවන්ත වෙනවා. ‘දස දෙසින්’ විශේෂාංගය දිගටම පළ කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.”