Skip to content

පටුනට යන්න

‘ප්‍රයෝජනදායක මෙන්ම අධ්‍යාපනික’ සඟරාවක්

‘ප්‍රයෝජනදායක මෙන්ම අධ්‍යාපනික’ සඟරාවක්

‘ප්‍රයෝජනදායක මෙන්ම අධ්‍යාපනික’ සඟරාවක්

පැපුවා නිව් ගිනියාවේ කඳුකරයේ වෙසෙන 26 හැවිරිදි තරුණයෙක් පිබිදෙව්! සඟරාව විස්තර කළේ එලෙසය.

එම රටේ ශාඛා කාර්යාලයට ඔහු එවා තිබූ ලිපියක මෙසේ පවසා තිබිණ. “ඔබේ සංවිධානය පළ කරන විවිධ විෂයන්ගෙන් යුත් කදිම, සත්‍ය තොරතුරු අඩංගු ප්‍රයෝජනදායක මෙන්ම අධ්‍යාපනික ලිපිවලට මගේ ස්තුති ප්‍රශංසාව පුද කිරීමට කැමැත්තෙමි. මා යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු නොවුවද, පිබිදෙව්! සඟරාවේ පිටපත් කියවීමෙන් ඉමහත් ආස්වාදයක් ලබන අතර, මගේ මිතුරන්ගෙන් නිතරම පාහේ ඒවා ලබාගන්නෙමි. . . . ලිපියක් කියවන සෑම අවස්ථාවකදීම, ඔබේ වටිනා ප්‍රයත්නයන්වලට ස්තුති කරමින් ලිපියක් ලිවීමට සිතේ. එනමුත්, එසේ කිරීමට පෙර, තවත් පිබිදෙව්! සඟරාවක් මා අතට පත් වේ. එබැවින් ලිපියක් ලිවීමට මා හට අවස්ථාවක් නොලැබේ.”

අගයෙන් පිරි හදකින් යුත් මෙම පාඨකයා ලිපිය අවසන් කළේ මෙසේය. “කියවිය හැකි ඕනෑම කෙනෙකුට පිබිදෙව්! සඟරාවෙන් ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැකි බව මම විශ්වාස කරමි. මේ අවස්ථාවේදී, හද පත්ලෙන්ම නැඟෙන ස්තුතිය ඔබට පුද කරමින් මම නතර වෙමි.”

පිබිදෙව්! සඟරාව නොයෙකුත් විෂයන් ගැන තියුණු අවබෝධයක් ලබා දෙයි. කෙසේවෙතත්, එහි ප්‍රධාන අරමුණ වන්නේ, දැන් පවතින ලෝක ක්‍රමය වෙනුවට සාමදායී අලුත් ලොවක් බිහි වන බවට වූ මැවුම්කරුගේ පොරොන්දුව කෙරෙහි නිසැකකමක් ඇති කිරීමය.

දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන පිටු 32කින් යුත් විවරණිකාව දෙවිගේ ඒ අරමුණ ගෙනහැර දක්වන අතර, දෙවිගේ අනුමැතිය ලබාගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව බයිබලයෙන් තොරතුරු සපයා දෙයි. මෙම විවරණිකාවේ පිටපතක් ලබාගැනීමට ඔබ කැමතිද? පහත ඇති කූපනය පුරවා, එම කූපනයෙහි සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට එය තැපැල් කරන්න.

□ දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාවේ පිටපතක් මට එවන්න.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් මා සමඟ පැවැත්වීමට කටයුතු පිළියෙළ කරන්න.