“සියලු ජාතීන්ට සත්‍යය උගන්වමින් සිටින්නේ කවුද?”
එන්න, ප්‍රසිද්ධ කථාවට නොමිලේ සවන් දෙන්න
“සියලු ජාතීන්ට සත්‍යය උගන්වමින් සිටින්නේ කවුද?”
“පරම සත්‍යය කිසිවෙකුට සොයාගත නොහැකියි” කියා බිෂොප්වරයෙක් වරක් පැවසුවේය. එම අදහස නිවැරදිද? පරම සත්‍යයට යම් ආරම්භයක් තිබේද? ලෝකයේ සිටින සෑම කෙනෙකුම සත්‍යය කතා කරන කාලයක් ඒවිද?
අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන “දෙවිගේ වචනය උගන්වන්නෝ” නමැති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ තෙදින දිස්ත්‍රික් සමුළුවේදී ඉහත සඳහන් මාතෘකාවෙන් යුත් ප්‍රසිද්ධ කථාව ඉදිරිපත් කරනු ඇත. ලොව පුරා රටවල් 150ක පවත්වනු ලබන සමුළු 2,000ක පමණ තිබෙන විශේෂාංගයක් ලෙස එම ප්‍රසිද්ධ කථාව ඉදිරිපත් කෙරේ.
මෙම ප්‍රසිද්ධ කථාවේදී මතු දැක්වෙන ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරනු ඇත. සත්‍යය මුලින්ම ඇති වූයේ කොතැනද? සත්‍යය අනාවරණය කෙරෙන්නේ කෙසේද? සත්‍යය අනාවරණය කරන ප්‍රධානතම පොත කුමක්ද?
මෙම වැදගත් කථාවට සවන් දීම සඳහා 2001 අගෝස්තු 3-5 දක්වා දිනවල කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සමුළුවට පැමිණෙන්න ඔබට හැකියි. ඔබ ශ්‍රී ලංකාවේ පදිංචි වී සිටින කෙනෙකු නොවේ නම්, ඔබට ළඟම ස්ථානය දැනගැනීම සඳහා ඔබ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වන්න. නැත්නම්, මේ සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න.