Skip to content

පටුනට යන්න

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

(මෙම පැනයන්ට පිළිතුරු සෙවීම සඳහා දී ඇති බයිබල් පද යොදාගත හැකි අතර, අදාළ පිළිතුරු 19වන පිටුවෙහි සපයා තිබේ. අමතර තොරතුරු සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (it) නමැති පොත [සිංහලෙන් පළ වී නැත] භාවිත කළ හැකියි.)

1. යේසුස්ගේ අනුගාමිකයන්ව ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලබන විට ඔවුන්ට ලැබෙන්නේ කුමක්ද? (හෙබ්‍රෙව් 3:1) ක්‍රිස්තුස් සමඟ රජකම් කිරීම හා පූජකයන් වීම සඳහා වූ “ස්වර්ගීය කැඳවීම”

2. යෙහෝවා හොෂෙයාගේ බිරිඳ වූ ගොමෙර්ගේ දෙවෙනි පුතාට ලෝ-අම්මී වැනි අශුභවාදී නමක් දුන්නේ මන්ද? (හොෂෙයා 1:9) තමා නොඇදහිලිකාර ඉශ්‍රායෙල් ජාතිය ප්‍රතික්ෂේප කළ බව ඇඟවීමටයි

3. යාකොබ් පවසන පරිදි දිව්‍ය ප්‍රඥාව ඇති කෙනෙකු තුළ මුලින්ම වර්ධනය වන්නේ කුමන ගුණාංගයද? (යාකොබ් 3:17, NW) සුචරිතවත් බව නැතහොත් නිර්මල හදවතක්

4. තමා සිහිනෙන් දුටු පිළිමයේ අර්ථය දානියෙල් වටහා දුන් විගසම නෙබුකද්නෙශර් කළේ කුමක්ද? (දානියෙල් 2:46, 47) ඔහු දණින් වැටී දානියෙල්ට ආචාර කරමින් යෙහෝවාට ප්‍රශංසාව දුන්නා

5. මණ්ඩපය සඳහාත් පූජකයන්ගේ වස්ත්‍ර සඳහාත් භාවිතා කළ රෙදිපිළි වැඩියෙන්ම සායම් කරනු ලැබුවේ කුමන වර්ණවලින්ද? (නික්මයාම 28:6) නිල්, රත්නිල් හා රතු

6. අසරණව, තනිව සිටි මොහොතකදී තමන් කුමන පක්ෂීන්ට සමානයි කියාද ගීතිකාකරු පැවසුවේ? (ගීතාවලිය 102:6) කරවැල් කොකෙකුට හා බකමූණෙකුට

7. යේසුස් පැවසූ ආකාරයට, “ජීවනයට යන මඟ, [NW]” සොයාගැනීමට නම් ඇතුල් විය යුත්තේ කුමන දොරටුවෙන්ද? (මතෙව් 7:13, 14) ‘පටු දොරටුවෙන්’

8. දෙවිගේ ආඥා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පැවසීමේදී, මෝසෙස් තම මුහුණ වසාගත්තේ ඇයි? (නික්මයාම 34:35) දෙවි ඔහු සමඟ කතා කළ පසු ඔහුගේ මුහුණෙන් දීප්තිමත් ආලෝකයක් විහිදුණු නිසයි

9. අමාසා කලින් අබ්සලොම්ට එකතු වී දාවිත්ට විරුද්ධව කටයුතු කර තිබුණත්, දාවිත් යෝවාබ් වෙනුවට ඔහුව හමුදාපති වශයෙන් පත් කළේ මන්ද? (2 සාමුවෙල් 19:13) ඔහු තමාගේ “ඇට සහ මාංසය” වූ නිසයි

10. පාළුකරයේදී ඉශ්‍රායෙල්වරුන්ට ආශ්චර්යමත් ලෙස ආහාර වශයෙන් ලැබුණු මන්නා සමඟ පොළොවට පතිත වූ තවත් දෙයක් නම් කරන්න. (ගණන් කථාව 11:9) පිනි

11. රෝම ආණ්ඩුවට ද්‍රෝහීව යමක් පැවසීමට යේසුස්ව පෙලඹවීමට ඵරිසිවරුන් වෑයම් කළේ කෙසේද? (මතෙව් 22:15-21) “කායිසර්ට ආදායම් [බදු] දීම යුතුද අයුතුද” කියා ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන්

12. යොඛෙබෙද් ඇගේ තුන් මසැති “ශෝභමාන” දරුවාව සඟවාගනිමින් ඔහුගේ ජීවිතය බේරාගත්තේ කෙසේද? (නික්මයාම 2:2-10) දරුවාව පන්වලින් සෑදූ පෙට්ටියක දමා ඵාරාවෝගේ දියණියට සම්බ වන ලෙස එය නයිල් ගං ඉවුර අසල තැබීමෙන්

13. යම් උස් ස්ථාන තුනකට ගොස් කුමක් කිරීමටද බාලාම් බාලාක්ට අණ කළේ? (ගණන් කථාව 23:1, 14, 29) පූජාසන සතක් ඉදි කර ගොන් සත්දෙනෙක් හා බැටළුවන් සත්දෙනෙක් ඒවා මත ඔප්පු කිරීමට

14. ෂූෂන් බලකොටුවේදී යුදෙව්වන් විසින් හාමාන්ගේ පුතුන් කීදෙනෙකුව මරණයට පත් කරනු ලැබුවාද? (එස්තර් 9:12) දසදෙනෙක්ව

15. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී යේසුස්ගේ ගෝලයන් යෙරුසලමේ රැස් වූ විට සිදු වූ ආශ්චර්යවත් දේ කුමක්ද? (ක්‍රියා 2:2-6) සුළං හමන්නාක් මෙන් ශබ්දයක් ස්වර්ගයෙන් ඇසුණා. සෑම ගෝලයෙකුගේම හිස පිට “ගිනි වැනිවූ දිව්” දිස් වූ අතර ඔවුන් ශුද්ධාත්මයෙන් පූර්ණව අන්‍ය භාෂා කතා කිරීමට පටන්ගත්තා

16. දාවිත් ඔවුන් සමඟ ආහාර ගැනීම සඳහා නොපැමිණීමට හේතුව වශයෙන් යොනාතාන් සාවුල්ට පැවසුවේ කුමක්ද? (1 සාමුවෙල් 20:6) පවුලේ අය සමඟ වසරක් වසරක් පාසා බෙත්ලෙහෙමට ගොස් ඔප්පු කළ යුතු පූජාව ඉදිරිපත් කිරීමට දාවිත් ගොස් ඇති බව ඔහු පැවසුවා

17. එළිදරව් පොතේ පළමුවෙනි දර්ශනයෙන් යොහන් මුලින්ම දුටුවේ කුමක්ද? (එළිදරව් 1:12) රන් පහන් රුක් සතක්

18. “මහත් සමූහය” පවසන ආකාරයට, දෙවිටත් බැටළුපැටවාටත් අයිති වන්නේ කුමක්ද? (එළිදරව් 7:9, 10) ගැළවීම

19. පාවුල් පැවසූ ආකාරයට, මෝසෙස්ගේ ව්‍යවස්ථාව දෙනු ලැබුවේ කුමක් සඳහාද? එය මනුෂ්‍යයන් අතට පත් වූයේ කොහොමද? (ගලාති 3:19) “අපරාධ” ප්‍රකාශ වන පිණිසයි. එය “දේවදූතයන් ලවා මැදහත්කාරයෙකුගේ අතින් නියමකරවනු [ලැබුවා]”

20. ඉශ්‍රායෙල්වරුන් කෑමට නොගත යුතු වූ දේවල් දෙකක් නම් කරන්න. (ලෙවි කථාව 3:17) තෙල් සහ රුධිරය

21. බයිබල් වාර්තාවට අනුව දෙවිගේ නම මුලින්ම භාවිත කළේ කවුද? (උත්පත්ති 4:1) ඒව

22. දිගටම තම ස්වාමියාට යටත් වී සිටීමට කැමැත්තෙන් ඉදිරිපත් වූ වහලෙකුට සිදු කළේ කුමක්ද? (ද්විතීය කථාව 15:17) විදින කටුවකින් ඔහුගේ කන විදීම

23. එස්රා, බබිලෝනියාවේ අහවා ගඟ අසල උපවාසයක් පැවැත්වීමට තීරණය කළේ ඇයි? (එස්රා 8:21) යළි යෙරුසලම වෙතට ගමන් කරන්නන් යෙහෝවා ඉදිරියේ යටහත් වන පිණිස හා ඔහුගෙන් “සඵලවත් ගමනක්” ඉල්ලා සිටින පිණිසයි