Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

ආදරය බිඳී ගිය විවාහයන් මගේ යුගදිවියේ ගමන් මඟ වෙනතකට හැරී තිබුණා. මායි, මහත්තයයි අතරේ තිබුණ ආදරය බිඳී ගිහින් අන්තිමේදී අපි දෙන්නා එක වහලක් යට දෙතැනක තනි වුණා. සමහර අවස්ථාවලදී මම දික්කසාද වෙන්නත් කල්පනා කළා. ඒත් “දෙදරා ගිය විවාහයකට පිළියමක් ඇද්ද?” (2001 ජනවාරි 8) යන ලිපි මාලාවට ස්තුතිවන්ත වෙන්න අපේ ආදරයට යළිත් ජීවයක් ලැබී තිබෙනවා.

ඊ. ආර්., ස්පාඤ්ඤය

මම ක්‍රිස්තියානි බිරිඳක් වුණත් පහුගිය අවුරුද්දේ මගේ විවාහයට කණකොකා හඬන්න පටන්ගත්තා. මගේ මහත්තයයි මමයි අපි එකිනෙකාව කොයිතරම් වේදනාවට පත් කළාද කියනවා නම් ආපහු අපි දෙන්නා අතරේ බැඳීමක් ඇති කරගන්න බැරි තරම් විරසක වුණා. නමුත් මම මේ ලිපි කියෙව්වහම ‘අත්නාරින්න!’ කියලා යෙහෝවා මට කියනවා වගෙයි හැඟුණේ. ඒ නිසා අපි දෙන්නා අතරේ ඒ කාලේදී තිබුණ හද බැඳි ආදරය යළි ඇති කරගන්න මා තුළ පෙලඹීමක් ඇති වුණා. දැනටමත් මට ඔහුගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබෙනවා. මම මේ ලිපි සැරෙන් සැරේ කියවනවා.

එන්. එච්., ජපානය

මෑතකදී බව්තීස්ම වුණු මට මගේ නොඇදහිලිවන්ත භාර්යාවගේ විරුද්ධවාදිකම්වලට මූණ දෙන්න සිද්ධ වුණා. මගේ විවාහය සාර්ථක කරගන්නේ කොහොමද කියා සොයා බලන්න ඔබේ ලිපි මට උපකාරවත් වී තිබෙනවා. ඒවා ලැබුණේ නියම වෙලාවටයි.

ඩබ්. එස්., ඕස්ට්‍රේලියාව

මම ප්‍රීතිමත් යුගදිවියක් ගත කරන නිසා මේ ලිපි කියවන්න ගත්තේ අනිත් අයට උපකාර කරන්න ඒවා ප්‍රයෝජනවත් වෙයි යන බලාපොරොත්තුවෙනුයි. නමුත් ලිපිමාලාවේ මුල පටන්ම මගේම විවාහ බැම්ම ශක්තිමත් කරගන්න පුළුවන් ප්‍රායෝගික කරුණු අඩංගු වෙලා තිබුණා.

එම්. ඩී., ඉතාලිය

මගේ සභාවේ ක්‍රිස්තියානි සහෝදරියක් මට කිව්වා, ඇගේ නොඇදහිලිවන්ත සැමියා එක්ක අඬදබර ඇති වෙලා ඒ දෙන්නට වෙන් වෙන්න සිද්ධ වුණා කියලා. ටික කාලෙකට පස්සේ ඇය මට කිව්වා තත්වය හුඟක් හොඳ අතට හැරිලා තියෙනවා කියලා. ඈ මේ ලිපි “ආශාවෙන් කියවා” තිබුණු අතර ප්‍රශ්නය නිරාකරණය කරගන්න ඒවා බෙහෙවින් උපකාර වී තිබෙනවා. අදහස් හුවමාරුව පිළිබඳව දී තිබූ විස්තර විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වුණු බව ඇය පැවසුවා. ඇයයි ඇගේ සැමියයි දැන් ආපහු එක් වෙලා ඉන්නවා.

එන්. එස්., කැනඩාව

තුන්දිවාදය “ඇත්තටම කවුද කතා කරන්නේ?” (2001 ජනවාරි 8) යන ලිපිය කියවීමෙන් මම ව්‍යාකූල වුණා. මේ ක්‍රමයම නේද ඒවව මුළා කිරීමට සාතන් යොදාගත්තේ? ක්‍රිස්තියානියෙකු තුළ මුළා කිරීම හා වංචාව නොතිබිය යුතුයි.

බී. එච්., එක්සත් ජනපදය

යම් ආකාරයකින් සාතන් ඒවව මුළා කළත්, එය සැබවින්ම තුන්දිවාදයේ ක්‍රමයක් විය නොහැකියි. මන්ද එම දක්ෂතාවය සඳහා විශේෂ ක්‍රමයකට හුස්ම ගැනීම හා කටහඬ පාලනය කිරීමේ තාක්ෂණයන් ඇතුළත් වන නිසයි. එපමණක්ද නොව සාතන් ආත්ම මැවිල්ලක්. විනෝදය සඳහා තුන්දිවාදය යොදාගැනීම සම්බන්ධයෙන් ශුද්ධ ලියවිලි තුළ විරෝධතාවක් පළ කොට නැත. සාමාන්‍යයෙන්, නපුරු අදහසින් යමෙකුව මුළා කිරීමට හෝ සමහරු බයිබල් කාලවලදී කර ඇත්තාක් මෙන් ආත්ම බන්ධන ක්‍රියාවක් සඳහා හෝ එවැනි දක්ෂතාවක් යොදාගැනීම වැරදි ක්‍රියාවක්. (යෙසායා 8:19)—සංස්.

තුන්දිවාදයේ ක්‍රම අත්හදා බැලීමෙන් මමත් සන්තෝෂයක් ලබන අතර ක්‍රිස්තියානි එකමුතු හමුවලදී එලෙස කර පෙන්නා තිබෙනවා. ලිපියේ පෙන්වා ඇති පරිදි, හඬවල් පැමිණෙන දිශාව නිශ්චය කරගැනීමට මිනිස් සවනට තිබෙන්නේ අඩු හැකියාවකි. එහෙත්, පුදුමයට කාරණයක් නම්, මේ සම්බන්ධයෙන් සත්වයෙකුව මෝඩ කිරීමට නොහැකි වීමයි. මගේ බල්ලට කතා කරන්න මම මගේ රූකඩ බෝනික්කව පාවිච්චි කළොත් ඌ බලන්නේ බෝනික්කා දිහා නෙවෙයි මා දිහායි. යෙහෝවා සත්වයන්ට දී තිබෙන්නේ හුඟක් සංවේදී කන්.

එල්. ආර්., එක්සත් ජනපදය

මුඩු බල්ලා මම ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැති ලිපි මුලින්ම කියවන්න මම පුරුද්දක් ඇති කරගෙන තිබුණා. මම බල්ලන්ට එතරම් කැමැත්තක් දැක්වුවේ නැති නිසා ජනවාරි 8 (ඉංග්‍රීසියෙන්) කලාපයේ “ඔබට සොලොඉට්සුඉන්ට්ලි මුණගැසී තිබෙනවාද?” යන ලිපිය මම මුලින්ම කියෙව්වා. ලිපිය කියවලා ඉවර වෙනකොට මට ඒ වගේ බල්ලෙක් ඕනෙ කියන හැඟීම ඇති වුණා! ඒත් ඒක කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනෙ කියන එක එවෙලේම මට වැටහුණා. කොහොමනමුත්, මට එක දෙයක් කියන්න තියෙනවා. වසර 40ක් පුරා ඔබේ සඟරා කියවීමෙන් මට කවදාකවත් කලකිරීමක් ඇති වෙලා නැති බව පැවසිය යුතුයි. හුඟක් වෙලාවට, ඒ තරම් ආසාවක් නැතුව කියවන්න පටන්ගන්න ලිපි කියවා අවසන් කරන්නේ හරිම ආසාවකිනුයි.

ඩී. ඩබ්., එක්සත් ජනපදය