Skip to content

පටුනට යන්න

දරුවන් රැකබලා ගැනීමේ අභියෝගය

දරුවන් රැකබලා ගැනීමේ අභියෝගය

දරුවන් රැකබලා ගැනීමේ අභියෝගය

බ්‍රිතාන්‍යය අපරදිග පිහිටි සමෘද්ධිමත් රටකි. එහෙත්, සෑම වසරකම එහි දරුවන් 1,00,000කට වැඩි සංඛ්‍යාවක් තම නිවෙස්වලින් පැන යන බවට ගණන් බලා ඇත. මෙය කලින් සිතූ සංඛ්‍යාව මෙන් දෙගුණයකි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, හතෙන් එකක් ප්‍රචණ්ඩත්වයෙන් හෝ ලිංගික හිරිහැරවලින් වේදනා විඳිති.

“තමන්ව අත්හැර හා ප්‍රතික්ෂේප කර ඇති බව දරුවන්ට දැනෙන විට එකම විසඳුම පැන යෑම බව ඔවුන්ට පෙනිය හැකියි” කියා ළමා සමාජයේ ප්‍රධාන විධායක ඉයන් ස්පාක්ස් පවසයි. එමෙන්ම “රජමැදුරක සිටියත්, පැල්පතක සිටියත් පංති භේදයකින් තොරව දරුවන් නිවසෙන් පැන යෑම සිදුවීමට ඉඩ කඩ ඇතැයි” කියාද ඔහු තවදුරටත් පවසයි.

දරුවන් රැකබලා ගැනීම හා පුහුණු කිරීම බැරෑරුම් වගකීමකි. ඒ සඳහා උපකාරය ලැබිය හැක්කේ කොතැනින්ද? පවුලේ සන්තෝෂයට රහස නමැති ප්‍රකාශනය සකස් කර තිබෙන්නේ ඒ සඳහාය. එහි පරිච්ඡේද 16ක් අඩංගුය. “බිළිඳු අවදියේ පටන් ඔබේ දරුවා පුහුණු කරන්න,” “ඔබේ නහඹරයාට සඵල වීමට උපකාර කරන්න” සහ “ඔබේ පවුල විනාශකාරි බලපෑම්වලින් ආරක්ෂා කරගන්න” යනු ඒවායින් සමහරකි. පොතේ පරිච්ඡේද 16යේම ප්‍රායෝගික උපදෙස් අඩංගු වන අතර විශේෂයෙන්ම අපේ ඥානයට වඩා ශ්‍රේෂ්ඨ ප්‍රඥාවේ මූලාශ්‍රයක් වන බයිබලයේ දැනුම එහි අඩංගු වේ.

මේ සමඟ ඇති කූපනය පුරවා එහි සඳහන් ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් සුදුසු ලිපිනයකට තැපැල් කිරීමෙන් ඔබටත් පවුලේ සන්තෝෂයට රහස යන ප්‍රකාශනයේ පිටපතක් ලබාගන්න පුළුවන්.

□ පවුලේ සන්තෝෂයට රහස යන පොතේ පිටපතක් මට එවන්න.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.