Skip to content

පටුනට යන්න

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

(පහත දක්වා ඇති ප්‍රශ්නවලට එහි සඳහන් කර ඇති බයිබල් පදවලින් පිළිතුරු සොයාගත හැකි අතර, පිළිතුරු මේ සමඟ සපයා ඇත. අමතර කරුණු සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන “ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය” [ඉංග්‍රීසියෙන්, it] නමැති පොත බලන්න.)

1. පේතෘස් පැවසූ පරිදි, දෙවිගේ මහත් කරුණාව ලබන්න නම් යමෙකු තුළ තිබිය යුත්තේ කුමන ගුණාංගයද? (1 පේතෘස් 5:5) “යටහත් පහත් මනස [NW]” හෙවත් යටහත්කම

2. ඉශ්‍රායෙල්හි පස්වන රජ වූ සිම්රිගේ දවස් හතේ පාලනයෙන් පසු, සිහසුන අත් කරගැනීමට අවුරුදු හතරක් පුරා සිවිල් යුද්ධයේ නියැලුණු මනුෂ්‍යයෝ දෙදෙනා කවරහුද? (1 රාජාවලිය 16:21) තිබ්නී හා ඔම්රී

3. ඉශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වීමට භය වූයේ මන්ද? (ගණන් කථාව 13:28, 31-33; ද්විතීය කථාව 1:28) දේශයේ වැසියන් “බොහෝ උස මහත” බලසම්පන්න අය වූ නිසාය

4. හෙබ්‍රෙව්වරුන්ගේ විශාලතම මිනුම් ඒකකය හා වටිනාම මුදල් ඒකකය වූයේ කුමක්ද? (එස්රා 8:26) තලෙන්තය

5. පීලික්ස් පාවුල්ව ගෙන්වාගැනීම සඳහා කළේ කුමන මවාපෑමක්ද? ඔහුගේ යටි සිතේ තිබුණේ කුමක්ද? (ක්‍රියා 24:24-26) “ක්‍රිස්තුස් [යේසුස්] කෙරෙහි ඇත්තාවූ ඇදහිල්ල” ගැන ඇහුම්කන් දීමට කැමති බව පෙන්වීම; අල්ලසක් ලබාගැනීම

6. යේසුස්, තමාව මෙන්ම තමාගේ ගෝලයන්ව හැඳින්වූයේ කෙසේද? (මතෙව් 5:14; යොහන් 8:12) “ලෝකයේ ආලෝකය” යනුවෙනි

7. යේසුස්ට පමණක් සීමා වූ, ඔහුගේ අනුගාමිකයන්ට කිසිවිටෙකත් දිය නොහැකි පදවි නාමය කුමක්ද? (මතෙව් 23:10) නායකයා

8. බලලෝභීකමට හා කැපීපෙනෙන්ට තිබෙන ආශාවට යොමු දැක්වීම සඳහා යාකොබ් භාවිත කළ වචනය කුමක්ද? (යාකොබ් 4:1) “තෘෂ්ණාව”

9. පර්සියාවේ ෂූෂන්හි රජමාළිගාව තැනීමට බහුලව භාවිත කර තිබූ ද්‍රව්‍යය කුමක්ද? (එස්තර් 1:6) රතු, සුදු, කහ හා කළු පාට ගල්

10. යොහන් සඳහන් කළ ආකාරයට, ‘පියාණන්ගෙන් නොවන,’ ලෝකයට අයිති දේවල් තුන නම් කරන්න. (1 යොහන් 2:16, NW) “මාංසයේ තෘෂ්ණාව,” “ඇස්වල තෘෂ්ණාව” හා “පුහු ආටෝපය”

11. ක්‍රිස්තියානියෙකුගේ ආත්මික යුධ ආයුධ කට්ටලය පිළිබඳව පාවුල් දුන් විස්තරයට අනුව ගැළවීම නියෝජනය කරන්නේ කුමන අංගයද? (එපීස 6:17) ආරක්ෂක තොප්පිය

12. යෙහෝවාට වඩා තම පුතුන්ට ගෞරවය දැක්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසුලුවේ කවුද? (1 සාමුවෙල් 2:27-29) උත්තම පූජක ඒලී

13. හෙබ්‍රෙව් අකාරාදියේ පස්වන අක්ෂරය නම් කරන්න. (ගීතාවලිය 111:3, NW) හ්

14. සාලමොන් දේවමාළිගාව ගොඩනැඟීම ආරම්භ කළේ කුමන මාසයේද? (1 රාජාවලිය 6:1) ශීව්

15. පාවුල්ව යෙරුසලමේදී අත්අඩංගුවට ගන්නා බවට අනාවැකි පළ කළ අනාගතවක්තෘ කවුද? (ක්‍රියා 21:10, 11) අගබස්