Skip to content

පටුනට යන්න

පිබිදෙව්! නිසා ඔහුගේ ජීවිතය රැකේ

පිබිදෙව්! නිසා ඔහුගේ ජීවිතය රැකේ

පිබිදෙව්! නිසා ඔහුගේ ජීවිතය රැකේ

“හැමදාම මගේ පවුලේ අයට බරක් වෙන්න මට ඕන වුණේ නැහැ. ඒ නිසා මම දිවි නහගන්න තීරණය කළා.” එසේ ලියන්නේ නේපාලයේ කෙනෙකි. ඔහු තවදුරටත් මෙසේ පැවසීය. “මම කඹයක් ලෑස්ති කරගෙන තැනයි, දිනයයි තීරණය කළා. ඒත් ඒ දවසට සතියකට කලින් මට 2000 පෙබරවාරි 22 (ඉංග්‍රීසියෙන්) පිබිදෙව්! කලාපය ලැබුණා.”

“දිවි නසාගැනීමට විශේෂයෙන්ම ගොදුරු වන්නේ කවුද?” යන මාතෘකාවෙන් යුත් එම කලාපයේ ලිපි මාලාවක් පළ කර තිබුණි. ඔහු මෙසේ ලියයි. “මම චිත්ත ධෛර්යය ඇති කරගෙන ඒක අරගෙන කියවන්න පටන්ගත්තා. දිවි නසාගැනීමට හේතු වන ප්‍රධාන කරුණු දහය පිළිබඳ පැහැදිලි කිරීම මගේ හිතට ගැඹුරින් කාවැදුණා. මගේ මනස වෙනස් කරගන්න හිත දුන්නා.” ඔහු අවසානයේදී පැවසුවේ මෙසේය. “ඕගොල්ලෝ මා වෙනුවෙන් කළ දේට ස්තුති කරන්නේ කොහොමද කියලා මට හිතාගන්නවත් බැහැ. මේ ලිපිය නිසා මගේ ජීවිතය රැකුණා.”

අදදින දිවි නසාගැනීමේ සංඛ්‍යාව ඉහළ යෑමට බොහෝ කාරණා හේතු වී ඇත. ඉන් එක් හේතුවක් නම් බොහෝදෙනෙකුට ජීවිතයට අරමුණක් නැතැයි කියා හැඟීමය. ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද? යන විවරණිකාව වඩාත් හොඳ ජීවිතයක් ඇත්තෙන්ම බලාපොරොත්තු විය හැකිය යන කාරණය අවබෝධ කරගැනීමට බහුතරයකට උපකාර කර තිබේ. මේ සමඟ ඇති කූපනය පුරවා එහි සඳහන් ලිපිනයට හෝ 5වන පිටුවේ සඳහන් සුදුසු ලිපිනයකට තැපැල් කිරීමෙන් ඔබටත් පිටපතක් ලබාගත හැක.

□ ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද? යන විවරණිකාවේ පිටපතක් මට එවන්න.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.