Skip to content

පටුනට යන්න

ඖෂධ භාවිතයේදී කල්පනාකාරි වන්න

ඖෂධ භාවිතයේදී කල්පනාකාරි වන්න

ඖෂධ භාවිතයේදී කල්පනාකාරි වන්න

දකුණු අප්‍රිකාවේ පිබිදෙව්! ලේඛක විසින්

ඔබේ වෛද්‍යවරයා ඔබට ඖෂධ නිර්දේශ කරන්නේ තම වෛද්‍ය දැනුම හා අද්දැකීම් අනුවයි. එසේ කිරීමේදී ඔහු රෝග නිර්ණයද සැලකිල්ලට ගනී. ඔහු එසේ කරන්නේ ඔබේ යහපත උදෙසා බවට කිසිම සැකයක් නැත. ඒ කෙසේවෙතත්, තමාට සුවසෙත සැලසීමේ පූර්ණ වගකීම තිබෙන්නේ වෛද්‍යවරයා මතයි කියා රෝගියා නොසිතිය යුතුයි. තමා ගන්නා බෙහෙත් පිළිබඳව රෝගියාද වගකීම භාරගත යුතු වේ.

වෛද්‍ය නිර්දේශයක් අනුව ඖෂධ ගැනීමේදී, වෛද්‍යවරයෙකු විසින් දෙන ලද මෙම ප්‍රායෝගික උපදෙස් සිතට ගන්න.

● ඕනෑම ඖෂධයකින් අතුරු ආබාධ ඇති වේ. එමනිසා ඔබට නියම කර ඇති ඖෂධය කුමක්ද කියාත් එයින් ඇති විය හැකි අතුරු ආබාධ මොනවාද කියාත් දැනගැනීමට ඔබට පූර්ණ අයිතියක් ඇත. ඔබේ වෛද්‍යවරයා ඔබට එම තොරතුරු දැනුම් දී නැත්නම් නොවරදවාම ඔහුගෙන් ඒ ගැන විමසන්න. බොහෝ අවස්ථාවලදී ඖෂධයකින් ඇති වන අතුරු ආබාධවලට වඩා එයින් වන යහපත වැඩිය. කෙසේවුවත්, ඒ සම්බන්ධයෙන් බුද්ධිමත් තීරණයක් ගැනීමට නම් ඔබ දැනුවත් විය යුතුයි.

● යම් ඖෂධයකින් ඇති වන බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එමනිසා ඖෂධයක් ඔබට බලපාන්නේ කෙසේද කියා වෛද්‍යවරයාට නිශ්චිතවම පැවසිය නොහැක. බලාපොරොත්තු නොවූ අතුරු ආබාධ ඇති වුවොත් ඔබේ වෛද්‍යවරයාව විගස හමු වන්න.

● කොතරම් කාලයකට ඖෂධය ගැනීමට සිදු වෙයිද කියාත් එය ඇබ්බැහි කරවනසුලු එකක් විය හැකිද කියාත් විමසා බලන්න.

● ඔබට සුවයක් දැනෙන නිසා හෝ වෙනයම් හේතුවක් නිසා හෝ හිතුමතේට බෙහෙත් නතර කිරීමෙන් වළකින්න. නියම කළ කාලයට පෙර බෙහෙත් නැවැත්වීමෙන් රෝගය උග්‍ර අතට හැරිය හැක. එමනිසා තීරණයක් ගැනීමට පෙර ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් පතන්න.

● වෛද්‍ය නිර්දේශයකට අනුව ගත යුතු ඖෂධ හිතුමතේට ගැනීමෙන් වළකින්න. එවැනි ඖෂධ භාවිත කළ යුත්තේ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ පමණි.