දරුවන්ව හික්මවිය යුත්තේ කෙලෙසද?
දරුවන්ව හික්මවිය යුත්තේ කෙලෙසද?
“දරුවන් මොන දේ කළත් ඔවුන්ව ප්‍රශංසාවට ලක් කිරීම ගැටලුවලට මඟ පාදනවා” කියා කැනඩාවේ නැෂනල් පෝස්ට් පුවත්පතේ සඳහන් විය. මෙසේ කිරීමෙන් තම දරුවන්ගේ ආත්ම ගරුත්වය ඉහළ නැංවිය හැකි බව ඇතැම් දෙමව්පියෝ විශ්වාස කරති. කෙසේවෙතත්, මනෝවිද්‍යාඥ රෝයි බෞමිස්ටර් පැවසූ පරිදි, “දරුවා අවංකව යම් සාර්ථකත්වයක් නෙළාගන්නා විට ආත්ම ගරුත්වය ගොඩනංවනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒත් දෙමව්පියන් දරුවන් තුළ වගා කිරීමට වෑයම් කළ යුත්තේ ආත්ම දමනය නමැති ගුණාංගයයි.”
තම දරුවන් වැරැද්දක් කළ විට ඔවුන්ට අවශ්‍ය හික්මවීම දීමට පසුබට වන දෙමව්පියන් ඇත්තෙන්ම තම දරුවන්ට කරන්නේ ලොකු හානියකි. ඇත්තෙන්ම හික්මවීම කියන්නේ උපදෙස් දෙන එක් ක්රමයකි. එකම වරද නැවත නැවත නොකිරීමට දරුවා එමගින් ඉගෙනගනියි. කෙසේවෙතත්, දරුවන්ව කර්කශ ලෙස හික්මවීමෙන් වැළකී සිටීමටත් සුදුසු ප්‍රමාණයට, එනම් සිදු කළ වරදට ගැළපෙන ආකාරයේ හික්මවීමක් දීමටත් දෙමව්පියන් වගබලා ගත යුතුයි. (යෙරෙමියා 46:28, NW) සීමාව ඉක්මවා දරුවන්ව හික්මවීම ගැන ඔවුන් පරෙස්සම් විය යුතුයි. බයිබලයේ පවසන්නේ “පියවරුනි, නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරන්න” කියාය.—කොලොස්සි 3:21.
බයිබලයේ හික්මවීම ගැන කතා කරද්දී එය නිතරම ප්‍රේමය හා මෘදුකම යන ගුණාංගවලට සම්බන්ධ කර ඇත. එය කිසිවිටෙක කෝපය හා කෲරත්වයට සම්බන්ධ නොකරයි. දක්ෂ උපදේශකයෙකු ‘සියල්ලන්ටම කරුණාවන්ත [මෘදු, NW] ඉවසිලිවන්ත තැනැත්තෙකු විය යුතුයි. විරුද්ධවාදීන් සෞම්‍ය ලෙස යහමඟ යැවිය යුතුයි.’ (2 තිමෝති 2:24, 25, නව අනුවාදය) එමනිසා දෙමව්පියන් හික්මවීම දෙද්දී කෝපය හෝ කලකිරීම වැනි හැඟීම් දරුවන් පිටින් යැවීමට එය අවස්ථාවක් කර නොගත යුතුයි. දරුවාට හානියක් කළ හැකි ආකාරයට හික්මවීම බයිබලය කොහෙත්ම අනුමත නොකරයි.
පිටු 192කින් යුත් පවුලේ සන්තෝෂයට රහස යන ප්රකාශනයෙන් ලෝ වටා විශාල පිරිසක් ප්‍රයෝජන ගෙන ඇත. “බිළිඳු අවදියේ පටන් ඔබේ දරුවා පුහුණු කරන්න” සහ “ඔබේ නහඹරයාට සඵල වීමට උපකාර කරන්න” යන පරිච්ඡේද එහි ඇති උපදේශාත්මක පරිච්ඡේද අතරින් දෙකකි. ඔබේ පිටපත ලබාගැනීම සඳහා මේ සමඟ ඇති කූපනය පුරවා එහි සඳහන් ලිපිනයට හෝ 5වන පිටුවේ තිබෙන යෝග්‍ය ලිපිනයකට තැපැල් කරන්න. එම පොතෙහි සඳහන් නිශ්චිත යෝජනා, ගැටලු විසඳීමට හා මැවුම්කරු අරමුණු කළ ආකාරයට සන්තෝෂවත් පවුල් ජීවිතයක් භුක්ති විඳීමට ඔබට උපකාරවත් වන බව නිසැකයි.
□ පවුලේ සන්තෝෂයට රහස යන ප්රකාශනයේ පිටපතක් මට එවන්න.
□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.