පිරිමින් කාන්තාවන්ට ගුටි බැට දෙන්නේ ඇයි?
පිරිමින් කාන්තාවන්ට ගුටි බැට දෙන්නේ ඇයි?
කාන්තාවක් වෙනත් අපරාධකරුවෙකුගේ අතින් මරණයට පත් වෙනවාට වඩා තමාගේම කලත්‍රයාගේ අතින් මරණයට පත්වීමේ අවදානම වැඩි බව සමහර ප්‍රවීණයන්ගේ මතයයි. පුරුෂයන්ගෙන් කාන්තාවන්ට වන වධ හිංසා නතර කිරීමට හැකි ක්‍රම ගැන සෙවීමට බොහෝ අධ්‍යයනයන් කර තිබෙනවා. භාර්යාවකට පහර දෙන්නේ කොයි වගේ පුරුෂයෙක්ද? ඔහුගේ ළමා කාලය කෙබඳුද? ආදරය හා විවාහය අතර ගත කළ කාලයේදී ඔහුගේ හැසිරීම දරුණුද? ඔහු වෛද්‍ය උපකාර ලබාගැනීමට කැමතිද?
බැට දෙන සියලුම පුරුෂයන්ගේ ගතිලක්ෂණ එක හා සමාන නොවන බව ප්‍රවීණයන් සොයාගෙන තිබෙනවා. මෙම ගතිලක්ෂණවල අන්ත දෙකක් තිබෙනවා. එක අන්තයකින් සමහර පුරුෂයන්ගේ සැහැසියාව ඉඳ හිට හෝ එසේත් නැතිනම් මුළු ජීවිත කාලයටම එක වරක් පමණක් සිදු වන සැහැසියාවක් වෙන්න පුළුවන්. මේ අය අවි ආයුධ භාවිතා නොකරන අතර භාර්යාවට නිතර වධ හිංසා කරන්නන් හැටියට ප්‍රකට නැහැ. සැහැසික ක්‍රියා ඔහුට ආවේණික වූ ගතිලක්ෂණයක් නොවෙයි. නමුත් සමහරවිට මෙවැනි දේකට පෙලඹෙන්නේ බාහිර හේතු නිසයි. ඊළඟ අන්තයේ පුරුෂයන් නිතර නිතර භාර්යාවට පහර දෙන අතර සැහැසියාව ඔවුන් තුළ නිදන්ගතව පවතින ගතිලක්ෂණයක් වෙයි. ඔවුන් තුළ මේ සම්බන්ධව පසුතැවිල්ලේ සේයාවක්වත් නොමැති තරම්ය.
මෙම පහර දීම් විවිධ ආකාර වූ පමණින්ම එකක් අනෙකට වඩා දරුණු හෝ දරුණු නැහැයි කියා සිතීම වැරදියි. ඕනෑම ආකාරයේ ශාරීරික පීඩාවක් හානිකරයි. එයින් ජීවිතයට හානියක් සිදු විය හැකියි. පිළිගත යුතු සත්‍යය නම් සැහැසියාව නිතර සිදු කරන පුද්ගලයා හා කලාතුරකින් සැහැසික ක්‍රියා කරන පුද්ගලයා යන මේ දෙදෙනාම කරන්නේ එකම වරදයි. ඒ නිසා මෙම සැහැසියාවන් නිදහසට කාරණා නොවෙයි. මොනම ආකාරයේ පහර දීමක්වත් “අනුමත” කළ නොහැකි බව සක්සුදක් සේ පැහැදිලියි. ජීවිත කාලය පුරා තම භාර්යාව ආදරයෙන් රැකබලා ගැනීමට පොරොන්දු වන ස්වාමිපුරුෂයා ඇයට ශාරීරිකව වධ හිංසා කරන්නේ කුමන හේතු නිසාද?
පවුල් පසුබිම
භාර්යාවන්ට වධ හිංසා දෙන බොහෝ පුරුෂයන් ඇති දැඩි වෙලා තිබෙන්නේ එවැනි වධ හිංසා කරන පවුල් පසුබිමකයි. පුරුෂයන් එලෙස වධ හිංසා කිරීමට හේතු වන දේ සොයා බැලීමට, අවුරුදු විස්සක පමණ කාලයක් ගත කළ මයිකල් ග්‍රෝච් පැවසුවේ “මෙම පුරුෂයන් බොහෝදෙනෙකු හැදුණු වැඩුණු ගෙදර පරිසරය කොතරම් දරුණුද කියනවා නම් එය හරියට පුංචි ‘යුධ පිටියක්’ වගෙයි” කියායි. “ළදරු හා යෞවන විය ගෙවී තිබෙන්නේ ඉතා වෛරයෙන් පිරුණු මිත්‍රශීලී නොවන පරිසරයකයි. කායිකව හා මානසිකව කරන වධ හිංසා මෙවැනි පරිසරවල සලකන්නේ ‘සාමාන්‍ය දෙයක්’ හැටියටයි.” එක් ප්‍රවීණයෙකුට අනුව මේ වාගේ පරිසරයක ඇති දැඩි වන පිරිමි දරුවෙක් “කුඩා කාලයේ සිටම ගැහැනුන්ට වෛරයෙන් හා අනාදරයෙන් සලකන්න තම පියාගේ ආදර්ශයෙන් ඉගෙනගන්නවා. එවැනි දරුවෙක් හිතන්නේ පිරිමියෙක් ගැහැනුන් කෙරෙහි ආධිපත්‍යය දැරිය යුතු බවයි. මෙය කළ හැකි හොඳම ක්‍රමය ලෙස ඔහු සලකන්නේ ඔවුන්ව බියගැන්වීම, රිදවීම හා අවමන් කිරීමයි. ඒත් සමඟම ඔහු දන්නවා පියාගේ අනුමැතිය ලබන්නට නම් ඔහුත් අනිවාර්යයෙන්ම පියාගේ ක්‍රියාකලාපය අනුකරණය කළ යුතු බව.”
හිතෝපදේශ 22:6; කොලොස්සි 3:21) කෙසේවෙතත්, පිරිමියෙක්ගේ පවුල් පසුබිම නිසා මෙවැනි පහර දීම් කරනවා කීම නිදහසට කාරණයක් නොවෙයි. නමුත් මෙම ක්‍රියාවලින් කෙනෙකුගේ සැහැසික ස්වභාවයේ ආරම්භය අනාවරණය කරගත හැකියි.
බයිබලය පැහැදිලිව පෙන්නුම් කරන්නේ දෙමව්පියන්ගේ හැසිරීම් රටාව දරුවන් කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති කරන බවයි. මෙය හොඳ ගුණාංග හෝ නරක ගුණාංග වර්ධනය කිරීමට හේතු වෙයි. (සංස්කෘතික බලපෑම
සමහර රටවල්වල, කාන්තාවන්ට පහර දීම සාමාන්‍ය දෙයක් හා එය වැරැද්දක් නොවන බවට පොදුවේ පිළිගනියි. එක්සත් ජාතීන්ගේ තොරතුරු වාර්තාවක කියැවුණේ “ස්වාමිපුරුෂයෙකුට තම භාර්යාවට පහර දීමට හෝ එසේ කරන බවට තර්ජනය කිරීමට අයිතියක් තිබෙන බව සමහර සමාජවල තරයේ විශ්වාස කරනවා” කියායි.
සමහර රටවල මෙවැනි වධ හිංසා හෙළාදකින නමුත් බොහෝ පුරුෂයන් මෙම සැහැසික ක්‍රියාවල නිරත වෙනවා. සමහර පුරුෂයන් මේ සම්බන්ධව දරන අසාධාරණ ආකල්පය හරිම පුදුමයි. දකුණු අප්‍රිකාවේ වීක්ලි මේල් ඇන්ඩ් ගාර්ඩියන් නම් ප්‍රවෘත්ති පත්‍රයට අනුව, කේප් පෙනින්සියුලාහි කළ අධ්‍යයනයකින් හෙළි වූයේ තම භාර්යාවන්ට වධ හිංසා නොකරනවායයි කියා සිටි බොහෝ පුරුෂයන් කාන්තාවකට පහර දීම වරදක් නොවන බවත් එය සැහැසික ක්‍රියාවක් නොවන බවත් විශ්වාස කරනවාය යන්නයි.
මෙවැනි විකෘති මත, අදහස් දරන්න ඔවුන් ආරම්භ කරන්නේ ළමා කාලයේ සිටයි. උදාහරණයකට බ්‍රිතාන්‍යයේ කළ සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 11යි 12යි අතර පිරිමි දරුවන්ගෙන් සියයට හැත්තෑපහක්ම පවසා ඇත්තේ පිරිමියෙකු කුපිත වූ අවස්ථාවක ගැහැනියකට පහර දීමේහි වරදක් නැති බවයි.
කොහෙත්ම අනුමත නොකරයි
ඉහත කරුණු පහර දීම්වලට තුඩු දෙන හේතු අවධානයට ලක් කළත් සැහැසියාව කිසිසේත් අනුමත එපීස 5:28, 29.
කරන්නේ නැහැ. විවාහ කලත්‍රයාට පහර දීම දෙවි සලකන්නේ බලවත් පාපයක් ලෙසයි. දේවවචනය වන බයිබලයේ සඳහන් වන්නේ “එසේම පුරුෂයන් විසින්ද තමුන්ගේ භාර්යාවන්ට තමුන්ගේම ශරීරවලට මෙන් ප්‍රේමකටයුතුය. තමාගේ භාර්යාවට ප්‍රේමකරන තැනැත්තේ තමාටම ප්‍රේමකරන්නේය. කිසිවෙක් කිසිකලක තමාගේම මාංසයට වෛරකළේ නැත. [ක්‍රිස්තුස්] සභාව ගැන කරන්නාක්මෙන් එකිනෙකා තම තමාගේ මාංසය පෝෂණයකොට රක්ෂාකරගන්නෝය” කියායි.—“අන්තිම කාලයේදී” මනුෂ්‍යයන් “වධ හිංසා දෙන,” “කුරිරු,” “ජන්ම ස්නේහයක් නැති” අය වන බව බයිබලය බොහෝ කාලයකට පෙර පුරෝකථනය කර තිබුණා. (2 තිමෝති 3:1-3, The New English Bible) මෙතරම් වධ හිංසා පැතිර පැවතීමට එක හේතුවක් නම් ඉහත සඳහන් අනාවැකිය ඉටු වන කාලවකවානුවේ අප ජීවත් වීමයි. නමුත් මෙවැනි ශාරීරික වධ හිංසාවලට මුහුණ දෙන අයට උපකාර කළ හැක්කේ කෙසේද? එවැනි පීඩාකරන්නන්ට ඔවුන්ගේ හැසිරීම් රටාව වෙනස් කරගැනීමට මඟක් ඇද්ද?
[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“තම භාර්යාවට පහර දෙන තැනැත්තා නාඳුනන කෙනෙකුට පහර දුන් අපරාධකරුවෙකු හා සමානය.”—පිරිමින් කාන්තාවන්ට බැට දෙන විට
[20වන පිටුවේ කොටුව]
ලෝවටා රජයන පුරුෂ මාන්නය
කාන්තාවන් පහත් කොට සලකන පුරුෂ මාන්නයෙන් ඔළුව උදුම්මාගත් පිරිමින් මුළු ලෝකෙටම තර්ජනයක්. පහත වාර්තාවලින් මේ බව තහවුරු වෙනවා.
ඊජිප්තුව: ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ මාස තුනක් පුරා කළ අධ්‍යයනයකට අනුව කාන්තාවන් අනතුරට පත් වන ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ ගෘහස්ථ සැහැසියාවයි. ප්‍රාදේශීය පැමිණිලි මධ්‍යස්ථානයට ගොස් කාන්තාවන් කරන පැමිණිලිවලින් 27.9%ක්ම ගෘහස්ථ සැහැසියාව හා සම්බන්ධයි.—හතරවන ලෝක කාන්තා සම්මේලනයේ 5වන සාරාංශය.
තායිලන්තය: බැංකොක් නගරයට ආසන්න විශාලතම නගරයේ විවාහක කාන්තාවන්ගෙන් 50%ක් නිතිපතා සැහැසියාවට ලක් වෙනවා.—පැසිෆික් සාගරය ආශ්‍රිත ප්‍රදේශවල කාන්තා සෞඛ්‍ය ආයතනය.
හොංකොං: “පුරුෂයන්ගෙන් පහර ලබන බව පවසන කාන්තාවන්ගේ ගණන පසුගිය අවුරුද්දට වඩා 40%ක වැඩිවීමක් පෙන්නුම් කරයි.”—සවුත් චයිනා මෝනිං පෝස්ට්, 2000 ජූලි 21.
ජපානය: වර්ෂ 1995දී ආරක්ෂාකාරි නවාතැන් සොයන කාන්තාවන්ගේ සංඛ්‍යාව 4,843ක් වූ අතර 1998දී එය 6,340ක් දක්වා වැඩි වී තිබෙනවා. “මෙම කාන්තාවන්ගෙන් තුනෙන් එකක්ම කියා සිටියේ තමන් ආරක්ෂාකාරි නවාතැන් සෙවීමට හේතුව පුරුෂයන්ගේ සැහැසික ක්‍රියා බවයි.”—ද ජැපෑන් ටයිම්ස්, 2000 සැප්තැම්බර් 10.
බ්‍රිතාන්‍යය: “සෑම තත්පර හයකදීම බ්‍රිතාන්‍යයේ නිවසක ලිංගික අතවරයක්, පහර දීමක් හෝ පිහි ඇනීමක් සිදු වෙයි.” ස්කොට්ලන්ඩ් යාර්ඩ් වාර්තාවකට අනුව “සෑම දවසකම ගෘහස්ථ සැහැසියාව ගැන පැමිණිලි කරන දුරකථන ඇමතුම් 1,300ක් ලැබෙන අතර අවුරුද්දකට ඇමතුම් 5,70,000කට වැඩියෙන් ලැබෙයි. මේ පැමිණිලිවලින් 81%ක් පිරිමින්ගෙන් හිරිහැර විඳින කාන්තාවන්ගෙනුයි.”—ද ටයිම්ස්, 2000 ඔක්තෝබර් 25.
පෙරූ: පොලීසියට වාර්තා වන අපරාධවලින් 70%ක්ම පිරිමින්ගෙන් බැට කන කාන්තාවන් හා සම්බන්ධයි.—පැසිෆික් සාගරය ආශ්‍රිත ප්‍රදේශවල කාන්තා සෞඛ්‍ය ආයතනය.
රුසියාව: “ගෘහස්ථ සැහැසියාව නිසා එක අවුරුද්දක් ඇතුළත රුසියානු කාන්තාවන් 14,500ක් ස්වාමිපුරුෂයන් විසින් ඝාතනය කර ඇති අතර තවත් 56,400ක් පමණ ආබාධිතයන් බවට පත් වී හෝ බරපතළ ලෙස තුවාල ලබා තිබෙනවා.”—ද ගාර්ඩියන්.
චීනය: ජිංලුං පවුල් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය චෙන් යෙයුං පැවසුවේ, “එය නාගරික ප්‍රදේශ තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වෙන අලුත් ප්‍රශ්නයක්” කියායි. “අද පවතින ගෘහස්ථ සැහැසියාව අසල්වැසියන්ගේ මැදිහත් වීමෙන් පවා සමතයකට පත් කළ නොහැකියි.”—ද ගාර්ඩියන්.
නිකරගුවාව: “කාන්තාවන්ට සිදු වන සැහැසියාව නිකරගුවාවේ ශීඝ්‍රයෙන් ඉහළ යයි. එක් සමීක්ෂණයක පෙන්නුම් කළේ ගිය අවුරුද්දේ පමණක් නිකරගුවාවේ කාන්තාවන්ගෙන් 52%ක්ම තම පුරුෂයන්ගේ හිංසා පීඩාවලට ලක් වූ බවයි.”—බී.බී.සී. ප්‍රවෘත්ති.
[21වන පිටුවේ කොටුව]
තුඩු දිය හැකි හේතු සාධක
අමෙරිකාවේ රෝඩ් දූපතේ විශ්වවිද්‍යාලයේ රිචඩ් ජේ. ජෙල්ස් කළ අධ්‍යයනයකට අනුව ගෙදරදී පුරුෂයාගෙන් සිදු වන ශාරීරික හා මානසික සැහැසියාවට තුඩු දිය හැකි සාධක පහත දැක්වෙනවා.
1. මීට කලින් ගෘහස්ථ සැහැසියාවට හවුල් වී තිබීම.
2. රැකියා විරහිතභාවය.
3. අඩුම වශයෙන් අවුරුද්දකට වතාවක්වත් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම.
4. පියා මවට පහර දීම ඔහු ගෙදරදී දැක තිබීම.
5. විවාහ නොවී එකට ජීවත් වීම.
6. අඩු වැටුප් සහිත රැකියාවක් කිරීම.
7. සමාජයේ පිළිගත් මට්ටමක අධ්‍යාපනයක් නොතිබීම.
8. ඔහුගේ වයස අවුරුදු 18ත් 30ත් අතර වීම.
9. ගෙදරදී මව හෝ පියා සැහැසික ලෙස දරුවන් සමඟ කටයුතු කර තිබීම.
10. දරිද්‍රතා මට්ටමට වඩා අඩු ආදායමක් ලැබීම.
11. ස්වාමිපුරුෂයා හා භාර්යාව වෙනස් සංස්කෘතික පසුබිම්වලට අයත් වීම.
[21වන පිටුවේ පින්තූරය]
ගෘහස්ථ සැහැසියාව දරුවන්ට භයානක ලෙස බලපෑම් කළ හැකියි