සොබාදහමට එරෙහිව මිනිසා
සොබාදහමට එරෙහිව මිනිසා
“ශාක හා සත්ව විශේෂ වඳ වී යන ප්‍රමාණය වැඩි වී තිබෙන අතර, මෙයට වගකිව යුත්තේ මිනිසාමය.”—සංරක්ෂණවේදී ජේන් ගුඩ්ල්.
මිහිතලය මත වෙසෙන ජීවීන් ක්‍රියාශීලීය. අනික් අතට, ඒවා එකිනෙක මත රඳා සිටින ආකාරයද දැකගත හැක. මිනිසුන් වන අප ජෛව ක්‍රියාවලියේ අනිවාර්ය කොටසකි. ආහාර හා ඖෂධ, අප ආශ්වාස කරන ඔක්සිජන් හා අපේ සිරුරට අවශ්‍ය මූලද්‍රව්‍ය යනාදිය අප ලබාගන්නේ ජෛව ලෝකයෙනි. ලොව පුරා සිටින මිනිසුන් එක දවසකදී ජෛව විශේෂ 40,000කට වඩා වැඩි ගණනක් ප්‍රයෝජනයට ගනී. මිහිතලය මත ඇති ජෛව විශේෂ සියල්ලම එක්ව විස්මිත වූත් සංකීර්ණ වූත් ජෛව ජාලයක් සාදයි.
මෙම සංකීර්ණ ජෛව ජාලය ගැන අධ්‍යයනය කරන විශේෂඥයන් බොහෝදෙනෙකුට හැඟී ගොස් ඇත්තේ එය අනතුරට ලක් වී තිබෙන බවයි! අනතුරට ලක් වී සිටින රයිනෝ, ව්‍යාඝ්‍රයන්, පැන්ඩා හා තල්මසුන් ගැන ඔබ අසා ඇති. ඊළඟ වසර 75 ඇතුළත සත්ව හා ශාක විශේෂවලින් සියයට 50ක් නැති වී යනු ඇතැයි කියා ඇතැම් විද්‍යාඥයෝ පවසති. ස්වාභාවිකව වඳ වී යෑමේ වේගයට වඩා දසදහස් ගුණයක වේගයෙන් ඇතැම් විශේෂ අතුරුදහන් විය හැකියි කියා පර්යේෂකයෝ තම බිය පළ කරති. එක් විශේෂඥයෙකුගේ ගණන් බැලීමකට අනුව සෑම මිනිත්තු 10කට හෝ 20කට වරක් එක් විශේෂයක් තුරන් වී යයි.
ඈත අතීතයේදී විශේෂ වඳ වී යෑමට ප්‍රධාන ලෙස බලපෑවේ ස්වාභාවික හේතු බව විද්‍යාඥයෝ විශ්වාස කරති. නමුත් ඔවුන් පවසන්නේ අද පවතින අර්බුදකාරි තත්වයට ප්‍රධානතම හේතුව ඊට වඩා වෙනස් බවයි. අද විශේෂ වඳ වී යෑමට හේතුව මිනිසුන්ගේ නොයෙක් ක්‍රියාකාරකම්ය. එක් විද්‍යාඥයෙක් මිනිසුන්ව හැඳින්වූයේ “ඝාතක විශේෂය” ලෙසය.
ජෛව විවිධත්වය විශාල වශයෙන් හානියට පත්වීමට හේතුව මිනිස් ක්‍රියාකාරකම්ද? මීට පිළිතුර ඔව් නම්, ඒ කෙසේද? නානාවිධ ජීවීන් නොමැතිව අපට ජීවත් විය හැකිද? ජීවීන් වඳ වී යෑමේ අර්බුදයට තිරසාර විසඳුම් සෙවීම සඳහා යම් පියවර ගෙන තිබේද?
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
WHO
NOAA