Skip to content

පටුනට යන්න

යුද්ධයේ අනුග්‍රාහකයෙක්ද? සාමයේ දූතයෙක්ද?

යුද්ධයේ අනුග්‍රාහකයෙක්ද? සාමයේ දූතයෙක්ද?

යුද්ධයේ අනුග්‍රාහකයෙක්ද? සාමයේ දූතයෙක්ද?

ස්වීඩනයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි

සෑම වසරකම මිනිස් සංහතියේ හිතසුව පිණිස විවිධ ක්ෂේත්‍රයන් වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් දුන් පුද්ගලයනට හෝ සංවිධානවලට පිරිනමන ත්‍යාගයකි, නොබෙල් ත්‍යාගය. මේ චාරිත්‍රය ඇරඹුණේ කවදාද? ලෝක සාමය ලුහුබැඳීම හා මෙය බැඳෙන්නේ කෙසේද?

ඔහුගේ නාමය මිනිස් සංහතියේ දියුණුව හා බැඳී පැවතියත්, ධන සම්භාරයකට ඔහු උරුමකම් කීවේ යුධ අවි විකුණාය. ඔහු කවරෙක් වීද? ඔහු ස්වීඩන ජාතික කර්මාන්තකරුවෙක් හා රසායනඥයෙක් වූ අල්ෆ්‍රඩ් බර්නාඩ් නොබෙල්ය. නොබෙල්ගේ මානව හිතවාදී වෑයම් ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරනු ලැබුණද, “මරණයේ වෙළෙන්දෙකු” ලෙසද ඔහුව හඳුන්වනු ලැබ තිබේ. ඒ මන්ද? ඔහු ඩයිනමයිටය සොයාගත් නිසාය. මාරාන්තික පුපුරන ද්‍රව්‍ය නිපදවීම හා විකිණීම හේතුවෙන් ඔහුට තම ජීවිත කාලය තුළදී ධන නිධානයක් පහළ විය.

කෙසේවෙතත්, 1896දී නොබෙල්ගේ මරණයෙන් පසු, විස්මයජනක දෙයක් සොයාගැනුණි. ඔහුගේ අන්තිම කැමති පත්‍රයේ එ.ජ. ඩොලර් දශලක්ෂ 9ක (රුපියල් දශලක්ෂ 828ක) මුදලක් වෙන් කර තිබුණි. වාර්ෂිකව එයට එකතු වන පොළියෙන් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය හා සාමය වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් දුන් අයට ත්‍යාග පිරිනැමීම සඳහා ඔහු එය නියම කර තිබුණි.

පුපුරන ද්‍රව්‍ය වෙළෙන්දෙකු එතරම් ත්‍යාගශීලී අන්දමින් සාම වෑයම් උදෙසා පවා ත්‍යාග පිරිනමන්ට උත්සුක වූයේ මන්ද? මුලින්ම, මෙය බොහෝදෙනෙකුට ව්‍යාකූල කරවන්නක් විය. ජීවිත කාලය පුරා කළ වැඩයේ වූ විනාශකාරි ස්වභාවය නිසා නොබෙල්ගේ හෘදය සාක්ෂිය වද දුන්නායැයි සමහරු සිතූහ. නොබෙල් මුල සිටම වැඩ කළේ සාමය වෙනුවෙන් කියා තවත් සමහරු විශ්වාස කළෝය. ඇත්තෙන්ම, ආයුධ මාරාන්තික වූ තරමට යුද්ධ නැති තත්වයට පත් වේයැයි ඔහු විශ්වාස කළ බව පෙනේ. ඔහු එක් ලේඛිකාවකට පවසා ඇත්තේ, “ඔබේ ආණ්ඩු මගින් යුද්ධය අවසන් කරන්ට මත්තෙන් මගේ කර්මාන්ත ශාලා ඒ වැඩය භාරගන්ට ඉඩ තිබේ” යනුවෙනි. “හමුදාවන් දෙකක් එක මොහොතකින් එකිනෙකාව සහමුලින්ම මරාගත් දවසේදී, සෑම ශිෂ්ට ජාතියක්ම බියෙන් පසුබා තම හමුදා විසුරුවාහරියි කියා මම හිතනවා” යැයිද ඔහු තවදුරටත් පවසා ඇත.

නොබෙල්ගේ අනාවැකිය සැබෑවක් වූවාද? නොබෙල්ගේ මරණයෙන් පසුව ගත වූ සියවස තුළ ඉගෙනගත් පාඩම් මොනවාද?

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“යුද්ධය සදාකාලයටම නැති කර දැමිය හැකි මහත් විනාශකාරි අතිබලයක් නිපදවිය හැකි ද්‍රව්‍යයක් හෝ යන්ත්‍රයක් නිමවන්ට මම කැමතියි”—අල්ෆ්‍රඩ් බර්නාඩ් නොබෙල්

[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Nobel: © Nobelstiftelsen