Skip to content

පටුනට යන්න

“කැන්ගරු මව් සුරැකුම”—ජීවිත අනතුරේ හෙළන ගැටලුවකට විසඳුම

“කැන්ගරු මව් සුරැකුම”—ජීවිත අනතුරේ හෙළන ගැටලුවකට විසඳුම

“කැන්ගරු මව් සුරැකුම”—ජීවිත අනතුරේ හෙළන ගැටලුවකට විසඳුම

වර්ෂය 1979. ස්ථානය කොලොම්බියාවේ බොගොටාහි රෝහලකි. පරිණතියට කලින් ඉපැදුණු දරුවන්ගෙන් බේරාගත හැකි වූයේ ඉතාම අඩු ප්‍රමාණයක් නිසා ඊට පිළියමක් වශයෙන් කොලොම්බියානු ජාතික වෛද්‍යවරයෙකු අපූරු අදහසක් ඉදිරිපත් කළේය. ඔහු එය හැඳින්වූයේ “කැන්ගරු මව් සුරැකුම” ලෙසයි.

පරිණතියට කලින් ඉපදෙන බිළිඳුන්ගේ ජීවිතය රැකගැනීම වෛද්‍යවරුන්ට අභියෝගයකි. උපතේදී බර අඩු දරුවන්ට නිසි බරක් ලබා දෙන තුරු ඔවුන්ව උණුසුම්ව තබාගැනීම සඳහා බොහෝවිට ඉන්ක්‍යුබේටරයකට බහාලනු ලැබේ. කෙසේවෙතත්, අධිජනගහනය, ඌන සනීපාරක්ෂාව හා වෛද්‍ය සේවකයන් හා උපකරණ අඩුකම නිසා දියුණු වෙමින් පවතින රටවල රෝග බෝවීමේ අන්තරාවක් පවතී.

මේ ගැටලුව අඩු කරගත හැකියයි පෙනෙන්ට තිබෙන ක්‍රමයක් කොලොම්බියානු වෛද්‍යවරයෙකු සොයාගත්තේය. මෙම ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේද? පරිණතියට කලින් බිළිඳෙකු ඉපැදුණු විට, බිළිඳාගේ තත්වය යම් ස්ථාවර මට්ටමකට එන තුරු සාමාන්‍යයෙන් සිදු කෙරෙන ක්‍රියාපටිපාටයම අනුගමනය කෙරේ. මේ අතරතුර, දරු සුරැකුම පිළිබඳ පුහුණුවක් මවට දෙනු ලැබේ. බිළිඳා ප්‍රමාණවත් තරම් සුවයක් ලද විට, මව ජීවමාන ඉන්ක්‍යුබේටරයක් බවට පත් වේ. ඒ කෙසේද? බිළිඳාව ඇගේ ඇඟට හේත්තු කර පියයුරු අතරේ තිරස් අතට තබා ඔතනු ලැබීමෙනි. කැන්ගරුවෙකුගේ උදර මල්ල හා සමානව, එමගින් දරුවාව සුරක්ෂිතවත් උණුසුම්වත් කිරි බීමට පහසු වන ආකාරයටත් තබන්නේය. මේ හේතුවෙන් එම ක්‍රමය බොහෝවිට, කැන්ගරු මව් සුරැකුම ලෙස හඳුන්වනු ලැබේ.

මේ සඳහා මිල අධික උපකරණ අවශ්‍ය නැත. මව ඒ සඳහා සුදුසු හැට්ටයක් හෝ බඳ පටියක් සහිත සාමාන්‍ය ගවුමක් අඳින්නීය. ප්‍රමාණවත් බරක් බිළිඳාට ලැබුණු පසු, මවට හා බිළිඳාට ගෙදර යා හැකිය. එහෙත්, වෛද්‍ය පරීක්ෂණ සඳහා නිතරම රෝහලට නැවත පැමිණිය යුතුය.

මූලික පර්යේෂණ මගින් අඟවන්නේ, කැන්ගරු මව් සුරැකුම ඵලදායක මෙන්ම සුරක්ෂිත එකක් බවයි. තවදුරටත්, මවත් බිළිඳාත් අතර කිට්ටු බැඳීමක් එමගින් ඇති කරවන බවද පෙනෙන්ට තිබේ. එසේනම්, මෙම ක්‍රමය වෙනත් බොහෝ රටවල් මගින්ද ඈඳාගෙන තිබීම පුදුමයට කාරණයක් නොවේ. මෙක්සිකෝවේ, එක දිගටම වෙහෙසෙන මවකට සුදුසු විවේකයක් ලබාගැනීමට හැකි වන පිණිස ඇතැම් නෑයින්ව “කැන්ගරු පියවරු,” “කැන්ගරු ආච්චිලා” හා “කැන්ගරු අක්කලා” වීමට පුහුණු කර තිබේ. මෙක්සිකෝවේ කැන්ගරු මව් සුරැකුම් වැඩසටහනේ පුරෝගාමීව සිටින වෛද්‍ය ග්වාඩලූප් සන්තොස් පිබිදෙව්! සඟරාවට පැවසුවේ මෙසේය. “වර්ෂ 1992 සිට ක්‍රියාත්මක කරලා තියෙන මේ ක්‍රමය කොච්චර ඵලදායකද කියලා අපි හොඳින්ම අද්දැකලා තියෙනවා. මේ නිසා අවශ්‍ය ඉන්ක්‍යුබේටර සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා විතරක් නෙවෙයි රෝහල තුළ ගත කරන්න සිදු වන කාලයත් අඩු වෙලා.”