Skip to content

පටුනට යන්න

“මේ ලෝකයේ ස්වභාවය වෙනස් වෙමින් පවතී”

“මේ ලෝකයේ ස්වභාවය වෙනස් වෙමින් පවතී”

එන්න, ඇවිත් ප්‍රසිද්ධ ඇමතුමට කන් දෙන්න

“මේ ලෝකයේ ස්වභාවය වෙනස් වෙමින් පවතී”

මේවා වියවුල්සහගත කාලවල්ය. ලොව කලඹන සිදුවීම් හුස්ම ගන්නා වේගයෙන් සිදු වෙමින් පවතී. ඔබ අවට ලෝකය ඔබට දරාගත නොහැකි වේගයකින් වෙනස් වනවාය කියාත් සිදු වන දේවල් ඔබට හිතාගත නොහැකි තරම් බරක් හා ප්‍රහේලිකාවක්ය කියාත් යම් දිනෙක ඔබට හැඟී තිබෙනවාද?

මිනිස් කාරණා සම්බන්ධයෙන් තියුණු නිරීක්ෂණයක් කර ඇති බයිබලයෙහි ඒ ගැන මෙසේ කියයි. “මේ ලෝකයේ ස්වභාවය වෙනස් වෙමින් පවතී.” (1 කොරින්ති 7:31, NW) එම වචන ලියූ ප්‍රේරිත පාවුල් ලෝක සිදුවීම් සසඳමින් සිටියේ වේදිකා දර්ශනයක වෙනස් වන ජවනිකාවලටය. ඉතිහාසය පුරා ලෝක නායකයන් හා විලාසිතා නිර්මාණකරුවන් ලෝකය නමැති වේදිකාවේ රඟපා ඉවත්ව ගොස් ඇත. පැරැන්නා වෙනුවට නවකයෙක්ද ඔහු වෙනුවට වඩා නවකයෙක්ද ආදි වශයෙන් ඇවිත් ගොස් තිබේ. එහෙත් අපේ කාලයේ විශේෂ සන්ධිස්ථානයක් වූ 1914 සිට එම ක්‍රියාවලියේ වේගය සීඝ්‍රවත් වී ඇත.

එහෙත්, ලෝකය සොලවා තිබෙන ඉතාම මෑතකදී සිදු වූ ගැටලු පවා මිනිස් සංහතියට ශුභාරංචියක් ඉදිරිපත් කරන බව ඔබ දන්නවාද? ඔව්, ලෝකයේ ස්වභාවය ඉතාම ඉක්මනින් හොඳ අතට හැරෙන බවට ඒවා සාක්ෂි දරයි. අපේ කාලයේදී මුහුණ දීමට සිදු වී තිබෙන මෙම දරුණු විපත්ති ගැන බොහෝ කාලයකට පෙර බයිබලය පුරෝකථනය කළේය. මෙම වියවුල්කම් සියල්ලම මිනිස් සමාජය අතුගා දැමීමට පැමිණෙන ප්‍රබලම වෙනසක පෙර නිමිත්තක් පමණි. සිදු වෙන්නාවූ මේ සියලුම කැලඹීම් බියකරු බව පෙනෙන්ට තිබුණත් ලොව වටා සිටින අවංක සිත් ඇත්තන්ට එය හොඳම ශුභාරංචියක් වනු ඇත. මේ ලෝක ස්වභාවය මිනිස් පවුලේ සාමයටත් සන්තෝෂයටත් හේතු වන එකක් බවට පත් වනු ඇත.

මේ වෙනස් වීම් ගැනත් බයිබලයේ ඒ ගැන තවදුරටත් කියන්නේ කුමක්දැයි කියා දැනගන්ටත් ඔබ කැමතිද? මේ මාසයෙන් ඇරඹෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවේ පැවැත්වෙන “මේ ලෝකයේ ස්වභාවය වෙනස් වෙමින් පවතී” නමැති ප්‍රසිද්ධ අනුශාසනාවට පැමිණෙන්ට කියා අපි ඔබට ඉතා උණුසුම් ලෙස ඇරයුම් කරන්නෙමු. මේ සමුළුව ලොව වටා ස්ථාන සිය ගණනකදී පැවැත්වේ. ඔබට ආසන්නම සමුළුව පැවැත්වෙන ස්ථානය දැනගැනීමට ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වන්න. එසේ නැත්නම්, මෙහි සෙසු සඟරාව වන මුරටැඹ සඟරාවේ 2002 පෙබරවාරි 15 කලාපය බලන්න.

[32වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1945දී, පරමාණු බෝම්බයකින් හිරෝෂිමා නගරය විනාශ වී යයි

[හිමිකම් විස්තර]

USAF photo

[32වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1989දී, බර්ලින් තාප්පය බිමට පතිත වෙයි

[හිමිකම් විස්තර]

AP Photo/Lionel Cironneau

[32වන පිටුවේ පින්තූරය]

වර්ෂ 2001දී, ත්‍රස්තවාදීහු නිව් යෝක්හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කරති