Skip to content

පටුනට යන්න

විද්‍යාවයි ආගමයි ගැටුමක!

විද්‍යාවයි ආගමයි ගැටුමක!

විද්‍යාවයි ආගමයි ගැටුමක!

“ඇත්තටම ආගම කියන්නේ මිනිස් චින්තනය තුළ හටගත් බෝවනසුලු රෝගයක්ද?”—ජීව විද්‍යාඥ රිචඩ් ඩෝකින්ස්.

ආගම හා විද්‍යාව අතර පහ කළ නොහැකි බද්ධ වෛරයක් ඇති බවට ඇතැම්විට උපකල්පනය කෙරේ. ඇතැමුන්ගේ මතය පරිදි, එම දෙපාර්ශ්වය අතර පවතින ගැටුම කොතරම් ප්‍රබලද කිවහොත්, එක පාර්ශ්වයකට ජයක් අත් වන්නේ දෙපාර්ශ්වයෙන් එකකට මරු පහරක් එල්ල වී අන්ත පරාජයකට ලක් වුවහොත් පමණි.

මේ දෙපාර්ශ්වයෙන් එක් පැත්තක සිටින්නේ විද්‍යාඥයන් කිහිපදෙනෙකි. ඒ අතරින් එක් අයෙකි රසායනික විද්‍යාඥ පීටර් ඇට්කින්ස්. ආගම සහ විද්‍යාව අතර එකඟතාවක් ඇති කිරීම “සිදු කළ නොහැක්කක්” බව ඔහු මෙන්ම වෙනත් අයද තරයේ විශ්වාස කරති. “(යම් දෙයක් බිහිවීමට එසේ නැතහොත් සියල්ල බිහි කිරීමට) මුල් වූ හේතුකාරකය දෙවි කෙනෙකු බව පිළිගැනීම අන්ත මෝඩකමක්” බව ඇට්කින්ස්ගේ අදහස වේ.

මීට ප්‍රතිවිරුද්ධව සිටින්නේ ආගම දහමට ඉතා ලැදි කණ්ඩායමකි. විද්‍යාව ඇදහිල්ල නමැති සංකල්පය විනාශ කර දැමීමට හේතු වී ඇති බවට ඔවුහු චෝදනා නඟති. මෙවැනි පුද්ගලයන් තරයේ කියා සිටින්නේ නූතන ව්‍යවහාරික විද්‍යාව මුළාවක් බවය. හෙළි කරන තොරතුරුවල සත්‍යතාවක් තිබුණත්, එම තොරතුරු අර්ථකථනය කරන ආකාරය ආගම දහමට ලැදිව සිටින සැදැහැවතුන්ගේ විශ්වාසය අඩපණ කරවයි. නිදසුනකට ජීව විද්‍යාඥ විලියම් ප්‍රෝවීන් ඩාවින්වාදය ගැන අදහස් දක්වමින් “ඉන් හරි වැරැද්ද තීරණය කිරීමට කිසිදු පදනමක් නොදෙන බවත් ජීවිතයේ අර්ථය පිළිබඳ කිසිදු පැහැදිලි විස්තරයක් නොදෙන බවත්” පවසයි.

කෙසේවෙතත්, මෙම දෙපාර්ශ්වය අතර පවතින ගැටුමට යම් තාක් දුරට හේතු වී ඇත්තේ දෙපාර්ශ්වයෙන්ම බොරු හෝ ඔප්පු කළ නොහැකි අදහස් පළවීමය. සියවස් ගණනාවක් පුරා ආගමික නායකයන් මිථ්‍යා දෘෂ්ටික ප්‍රබන්ධ කථා සහ බොරු ඉගැන්වීම් උගන්වා ඇත. මේවා නූතන විද්‍යාත්මක සොයාගැනීම්වලට පටහැනිව දිවෙන අතර දේවානුභාවයෙන් ලියන ලද ශුද්ධ ලියවිල්ල මත පදනම් වී නොමැත. නිදසුනකට, ගැලීලියෝ පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වන බවට නිවැරදි ලෙස නිගමනය කළ නිසා රෝමානු කතෝලික සභාව විසින් ඔහුව හෙළා දකින ලදි. ගැලීලියෝ පැවසූ මතය ඇත්තටම බයිබලයට පටහැනි නොවේ. එහෙත්, එවකට කතෝලික සභාව ඉගැන්වූ දෙයට එය පටහැනි දෙයක් විය. එලෙසින්ම විද්‍යාඥයන්ද කිසිවිටෙකත් ඔප්පු කළ නොහැකි මතයක් ලොවට හඳුන්වා දී ඇත. එය නම්, දෙවිකෙනෙකුගේ මැදිහත් වීමක් නොමැතිව ජීවය අජීව පදාර්ථවලින් පරිණාමය වූ බවට තිබෙන මතයයි. මේ සම්බන්ධයෙන් විද්‍යාඥයන්ද දෝෂාරෝපණයට ලක් විය යුතුය. මන්ද ඔවුන් ආගමික පදනමක් ඇති ඇදහිල්ල එකහෙළාම විද්‍යාවට එකඟ නොවන යමක් ලෙස සමච්චලයට ලක් කරන නිසාය.

එසේ නම්, ආගම සහ විද්‍යාව අතර පවතින මෙම ගැටුම සමථයකට පත් කළ හැකිද? පුළුවන. ඇත්තෙන්ම ඔප්පු කරන ලද විද්‍යාව සහ සැබෑ ආගම අතර ගැටුමක් නොමැත. ඒ වෙනුවට ඒ දෙපාර්ශ්වයම එකම මඟක පා නඟමින් සිටියි.

[2, 3වන පිටුවේ පින්තූරය]

ගැලීලියෝ ඉගැන්වූයේ විද්‍යාවට එකඟ සත්‍යතාවන්ය. එනිසා කතෝලික සභාව විසින් ඔහුව හෙළා දකින ලදි