Skip to content

පටුනට යන්න

කාටත් හොරා මුහුදේ සැරිසරන සීලකැන්තයා

කාටත් හොරා මුහුදේ සැරිසරන සීලකැන්තයා

කාටත් හොරා මුහුදේ සැරිසරන සීලකැන්තයා

කෙන්යාවේ පිබිදෙව්! ලේඛක විසිනි

වර්ෂ 2001 අප්‍රියෙල්වලදී කෙන්යාවේ වෙරළබඩ තීරයට ආසන්නව සීලකැන්ත් මත්ස්‍යයෙකුව (පුහු කටුවෙක්ව) අල්ලාගනු ලැබුවා. a ඌ මීටර් 1.7ක් දිගැති, කිලෝග්‍රෑම් 77ක් බරැති ගැහැනු සතෙක්. තුන් පැත්තකට විහිදෙන වටකුරු හැඩයක් ගන්නා උගේ වලිග වරලෙන් හා සුදු තිත් මෝස්තරයකින් හැඩගැන්වූ උගේ නිල්වන් සිරුරෙන් සීලකැන්ත් මත්ස්‍යයන්ව හඳුනාගත හැකියි.

සීලකැන්තයා බොහෝ කලකට පෙර වඳ වී ගොස් තිබුණායයි කාලයක් පුරා විශ්වාසයක් පැවතුණා. නමුත් 1938දී දකුණු අප්‍රිකානු වෙරළට ආසන්නව සීලකැන්තයෙක්ව අල්ලාගත් පසු එය සත්‍යයක් නොවන බව හෙළි වුණා. මෙය 20වන ශතවර්ෂයේ සත්ව විද්‍යාවේ විශිෂ්ටතම සොයාගැනීම්වලින් එකක්යයි සැලකෙනවා. එම සොයාගැනීමට පෙර සීලකැන්ත් මත්ස්‍යයා ගැන දැන සිටියේ පොසීල වාර්තාවලින් පමණයි. එහෙත් 1938දී සීලකැන්තයාව අල්ලාගත් පසු මොසැම්බික් හා මැඩගස්කර් රටවල් ආශ්‍රිතවද තවත් සීලකැන්තයන්ව දැක තිබෙන අතර, සීලකැන්ත් මත්ස්‍යයන්ගේ තරමක් විශාල රංචු කොමෝරෝ කොදෙව්වලද සොයාගෙන තිබෙනවා.

ගැහැනු සතා බිත්තර ලන්නේ දියේ නොවෙයි. ඇය පැටව් බිහි කරන්නේ ජලාබුජ ක්‍රමයටයි. ඉන් අදහස් කරන්නේ, බිත්තර සංසේචනය වී මව තුළම වැඩෙන අතර ඉන් අනතුරුව පැටව් පණ පිටින්ම බිහි වන බවයි. ඇතැම්විට පැටියා බිත්තරයෙන් පිටතට එන්නේ බිත්තර මුදාහරින මොහොතේදීමයි. ඉකුත් වසරේදී අල්ලාගත් ගැහැනු සතාගේ සිරුර තුළ තිබී ටෙනිස් බෝල තරම් විශාල බිත්තර 17ක්ම සොයාගත්තා!

සීලකැන්ත් වැනි මුහුදු ජීවීන් මැවුම්කරු වන යෙහෝවා දෙවිගේ මැවිල්ල තුළ දක්නට ලැබෙන විවිධත්වයට හා ඔහුගේ ප්‍රඥාවට සාක්ෂි සපයමින් ඔහුට ප්‍රශංසාව ගෙන දෙයි.—ගීතාවලිය 148:7, 12ආ.

[පාදසටහන]

a සීලකැන්ත් යන නම සෑදී තිබෙන්නේ “කොයිලොස්” (පුහු) හා “අකැන්තා” (ඇටකටු) යන ග්‍රීක් වචන දෙකෙන්. එම නමෙන් මත්ස්‍යයාගේ වරලෙහි අස්ථි මනාව විස්තර කෙරෙනවා.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඡායාරූපය හා චිත්‍ර: Ichthyology Department/NATIONAL MUSEUMS OF KENYA