Skip to content

පටුනට යන්න

‘අප කීකරු වන්නේ මනුෂ්‍යයන්ට වඩා දෙවිටය’

‘අප කීකරු වන්නේ මනුෂ්‍යයන්ට වඩා දෙවිටය’

‘අප කීකරු වන්නේ මනුෂ්‍යයන්ට වඩා දෙවිටය’

අවුරුදු 17ක්ව සිටින විට, ඇඩම් එ.ජ. නාට්සි සමූලඝාතන අනුස්මරණ කෞතුකාගාරය අනුග්‍රහයෙන් පැවැත්වූ තරඟයකට සහභාගි වූ අතර ඔහු එම තරඟයේ ජයග්‍රහකයන් තුන්දෙනාගෙන් කෙනෙකු විය. නාට්සි වධ හිංසා යටතේ ඇතමෙකු නිර්භීතව කටයුතු කර තිබූ ආකාරය පෙන්වීම සඳහා තරඟයට සහභාගි වූ 500කට ආසන්න පිරිසක් රචනාවක් හෝ චිත්‍රයක් ඉදිරිපත් කර තිබිණ. ඇඩම් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකි. නාට්සි පාලන සමයේදී තම ආගමට අයිති වූ අය අද්දුටු දුක් පීඩා නිරූපණය කිරීම සඳහා ඔහු කොලාජ් චිත්‍රයක් නිර්මාණය කළේය. ඇඩම් විස්තර කරන පරිදි ඔහුගේ චිත්‍රයෙන් නිරූපණය කෙරෙන්නේ පරාජය හෝ දොම්නස නොව පීඩාකරන්නන් කෲර ලෙස එල්ල කළ ප්‍රහාරවලින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලද ජයග්‍රහණයේ ප්‍රීතියයි. ඔහු දැරියකව චිත්‍රයට නඟා තිබිණ. ඒ මන්ද? “නාට්සි පීඩා යටතේ කුඩා දරුවන් පවා ස්ථිරව සිටි බව පෙන්වීමට” කියා ඇඩම් පවසයි.

නාට්සි පාලනයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් හිට්ලර්ට ආචාර කිරීම හෝ ඔහුගේ දේශපාලනික පක්ෂයට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කළ බව කවුරුත් හොඳින් දන්නා කාරණයකි. ඇඩම්ගේ චිත්‍රයේ දකුණු පැත්තේ ඉහළ කොටසේ ඔවුන්ගේ ස්ථාවරය පෙන්වා ඇත. එහි, 1934 ඔක්තෝබර් 7වන දා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සියලුම සභා විසින් ජර්මානු ආණ්ඩුව වෙතට යවන ලද ලිපියක් උපුටා දක්වා තිබේ. එම ලිපියේ එක් කොටසක මෙසේ සඳහන් කර තිබිණ. “ඔබේ නීතිය දෙවිගේ නීතියට මුළුමනින්ම පටහැනියි. තවද විශ්වාසවන්ත ප්‍රේරිතයන්ගේ ආදර්ශය අනුගමනය කරමින් ‘අප මිනිසුන්ට වඩා දෙවිට කීකරු විය යුතුයි.’ අපේ අදිටන එයයි. (ක්‍රියා 5:29) . . . විශ්වයේ තිබෙන උසස්ම නීතියට අකීකරු වීමට අපට බල කිරීමට ඔබේ ආණ්ඩුවත් එහි නිලධාරීනුත් දරන වෑයම අත් නොහරින නිසා යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව අප ඔහුට කීකරු වන බවද සියලුම පීඩාවන්ගෙන් සහ පීඩාකරන්නන්ගෙන් ඔහු අපව ගලවාගනියි යන පූර්ණ නිසැකකමින් සිටින බවද දැන් ඔබට දන්වන්නට කැමැත්තෙමු.”

තමා සතු ආත්මික උරුමය පිළිබඳව ඇඩම්ට දැනෙන්නේ ආඩම්බරයකි. “සෙසු මනුෂ්‍යයන්ට හානි නොකළ යුතු බවත් මරණයට ගොදුරු වීමට සිදු වුණත් දෙවිට පමණක් නමස්කාර කළ යුතු බවත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් තදින්ම විශ්වාස කළා” කියා ඔහු පවසයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නොසැලෙන ස්ථාවරය ඇඩම්ගේ චිත්‍රයේ තේමාවෙන් පිළිබිඹු වේ. “අපි මනුෂ්‍යයන්ට වඩා දෙවිට කීකරු වන්නෙමු!” යන්න එහි තේමාවයි.