Skip to content

පටුනට යන්න

‘මතකයෙන් ඈත් වී සිටි යේසුස්ව යළි මතකයට ආවා’

‘මතකයෙන් ඈත් වී සිටි යේසුස්ව යළි මතකයට ආවා’

‘මතකයෙන් ඈත් වී සිටි යේසුස්ව යළි මතකයට ආවා’

මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොත කියවීමෙන් පසු කැනඩාවේ ක්‍යූබෙක්හි සේන්ට් ජෙරෝම් නගරයේ ජීවත් වන කාන්තාවක් මෙසේ ලිව්වා. “බොහෝවිට චිත්‍ර ශිල්පීන් අතාත්වික ලෙස චිත්‍රයට නඟන, මතකයෙන් ඈත් වී සිටි යේසුස්ගේ නියම ස්වභාවය මා යළි සිහියට නඟාගත්තා. ඇත්තෙන්ම එයින් මගේ උනන්දුව ඇවිස්සුණා.”

එම පොතෙහි ඇති චිත්‍ර පිළිබඳව එම කාන්තාව මෙසේ අදහස් දැක්වුවා. “ඔබේ පොතෙහි දක්නට තිබෙන චිත්‍රවලට මගේ සිත ඇදී ගියා. එහි විවිධ චරිත චිත්‍රයට නඟා ඇත්තේ හරිම තාත්වික ලෙසයි. ඉතා ඔබින ලෙසයි. ඔවුන් හරියට යේසුස් ජීවත් වූ හා දේශනා කළ කාල වකවානුවේ විසූ පුද්ගලයන් වගේමයි.” ඇය ලිපිය අවසන් කරන්නේ මෙලෙසයි. “මෙම පොත සකස් කිරීම ගැන මගේ සතුට පළ කරන්න මා කැමැතියි. එය හරියට, යේසුස්ගේ ඉගැන්වීම් පිළිබඳ සත්‍යය දැනගැනීමට කැමැත්තෙන් සිටින ජනයාට මඟ පෙන්වන මාලිමා යන්ත්‍රයක් වගේයි.”

සුවිශේෂ පොත් සතරේ සඳහන් යේසුස්ගේ ජීවිතයේ සෑම සිද්ධියක්ම ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත තුළ විස්තර කිරීමට වෑයම් කර තිබෙනවා. ඔහු කළ දේශනා, පැවසූ නිදර්ශන සහ සිදු කළ ප්‍රාතිහාර්යයන්ද ඊට ඇතුළත්. හැකිතාක් දුරට තොරතුරු සකස් කිරීමට වෑයම් කර තිබෙන්නේ යම් සිද්ධීන් සිදු වුණායයි විශ්වාස කෙරෙන අනුපිළිවෙළට අනුවයි. තවද ඉහත සඳහන් වන ආකාරයට, පොතෙහි ඉතා සිත්ගන්නාසුලු, තාත්වික චිත්‍ර සොයාගත හැකියි. මේවා නිර්මාණය කර තිබෙන්නේ යේසුස්ගේ සහ ඔහුගේ සමකාලීනයන්ගේ හැඟීම් පිළිබිඹු වන අයුරින්.

පිටු 448කින් යුත් මෙම පොත ලබාගන්න ඔබත් කැමති නම් මේ සමඟ ඇති කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට එවන්න.

□ මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා යන පොතේ පිටපතක් මට එවන්න.

□ නොමිලේ පවත්වන බයිබල් පාඩමක් සඳහා කරුණාකර මා හමු වන්න.