Skip to content

පටුනට යන්න

ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාගය භාරගනී

ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාගය භාරගනී

ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාගය භාරගනී

මෑත වර්ෂවලදී, විභාග කරන මෙන් ඉදිරිපත් කරනු ලබන නඩු 7,000න් ශ්‍රේෂ්ඨාධිකරණය තම තීන්දු ප්‍රකාශය විධිමත්ව ලිඛිතව පළ කිරීම සඳහා වාර්ෂිකව භාරගෙන ඇත්තේ නඩු 80ත් 90ත් අතර ප්‍රමාණයක් පමණි. ඒ කියන්නේ සියයට 1ක් පමණි!

වර්ෂ 2001 මැයි මාසයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට සර්ටියොරාරි පහිණයක් (යම් නඩුවක් පුනරීක්ෂණය කරන මෙන් අවසර ඉල්ලීමක්) සඳහා තම පෙත්සම ඉදිරිපත් කළේ මෙසේ ප්‍රශ්න නඟමිනි. “ගෙයින් ගෙට ගොස් තම ආගමික විශ්වාසයන් ජනයා සමඟ බෙදාගැනීම නමැති ශුද්ධ ලියවිල්ල මත පදනම් වූ සියවස් ගණනාවක් පැරණි සිරිතෙහි නිරත වෙමින් සිටින ආගමික දේවසේවකයන් ව්‍යවස්ථානුකූලව බඩු විකුණන තොරොම්බල්කාරයන්ට සමානද? තවද ඔවුන් බයිබලය ගැන කතා කිරීමට හෝ කිසිදු අය කිරීමකින් තොරව බයිබලය මත පදනම් පොත් පත් ඉදිරිපත් කිරීමට පෙර එම කටයුත්තෙහි නිරත වීම සඳහා නගර සභා බලධාරීන්ගෙන් අවසර ගැනීමේ කොන්දේසියට යටත්ව සිටිනවාද?”

වර්ෂ 2001 ඔක්තෝබර් මස 15වනදා එ.ජ. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වොච්ටවර්හි නීතික අංශයට දැනුම් දෙන ලද්දේ වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝක් ඉන්ක්., සහ අනිකුත් පාර්ශ්වයන්ට එදිරිව ස්ට්‍රැටන් ගම්මානය සහ අදාළ පාර්ශ්වයන් යන නඩුව පුනරීක්ෂණය කිරීම සඳහා භාරගත් බවය!

අධිකරණය භාරගත්තේ කතා කිරීමේ නිදහස හා බැඳි සුවිශේෂ ප්‍රශ්නයක් පමණි. යම් කාරණයක් පිළිබඳව අන් අයට කතා කිරීමට පෙර ආණ්ඩුවේ එක්තරා බලධාරියෙකුට තමන්ව හඳුන්වා දීමේ අවශ්‍යතාව කතා කිරීමේ නිදහස ආරක්ෂා කිරීම පිළිබඳ පළමු සංශෝධනයට ඇතුළත්ද යන්න මෙහිදී විමසා බැලීය.

දැන් මෙම නඩුවේ අන්තර්ගතය පිළිබඳව වාචිකව එ.ජ. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් නවදෙනා ඉදිරියෙහි තර්ක කළ යුතු විය. ඒ සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙනුවෙන් නීතිඥයන් පෙනී සිටිය යුතුව තිබූ අතර, ස්ට්‍රැටන් ගම්මානය සඳහා ප්‍රතිවාදී නීතිඥ පිරිසක්ද පෙනී සිටිය යුතුව තිබිණ. එම නඩු විභාගයේදී සිදු වනු ඇත්තේ කුමක්ද?

[5වන පිටුවේ කොටුව]

පළමු සංශෝධනය යනු කුමක්ද?

“පළමු සංශෝධනයට අනුව (ආගම් පිහිටුවීම, ආගමික නිදහස, කතා කිරීමේ, තොරතුරු දැනුම් දීමේ, එක්රැස්වීමේ නිදහස, පෙත්සමක් හෙවත් අභියාචනයක් ඉදිරිපත් කිරීමේ නිදහස ඇතුළත්ය) ආගමක් පිහිටුවීම සම්බන්ධයෙන් හෝ එම ආගම නිදහසේ පිළිපැදීම තහනම් කිරීම සම්බන්ධයෙන් හෝ කතා කිරීමේ නිදහස හෝ මාධ්‍යයේ නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් හෝ ජනයාට සාමකාමීව එක්රැස්වීමට තිබෙන අයිතිය සම්බන්ධයෙන් හෝ යම් පැමිණිල්ලකට පිළියමක් ලබා දෙන මෙන් ආණ්ඩුවට පෙත්සමක් හෝ අභියාචනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් හෝ කිසිදු නීතියක් පැනවීමට කොන්ග්‍රෙස් සබයට අයිතියක් නොමැත.”—එ.ජ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව.

“පළමු සංශෝධනය යනු එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ අත්තිවාරමය. පළමු සංශෝධනයේ කතා කිරීමේ නිදහස, මාධ්‍යයේ නිදහස, සාමකාමීව එක්රැස්වීමේ නිදහස හෝ පෙත්සමක් ඉදිරිපත් කිරීමේ නිදහස සීමා කරන නීති පැනවීමට කොන්ග්‍රෙස් සබයට තහනම් කර ඇත. බොහෝදෙනා කතා කිරීමේ නිදහස සලකන්නේ වඩාත්ම වැදගත් නිදහස ලෙසය. එමෙන්ම භුක්ති විඳින වෙනත් සෑම නිදහසකම අත්තිවාරම ලෙසය. පළමු සංශෝධනයට අනුව රජයේ නිල ආගමක් පිහිටුවීමට හෝ ආගමික නිදහස සීමා කරන නීති පැනවීමට කොන්ග්‍රෙස් සබයට අවසරයක් නැත.” (The World Book Encyclopedia) කැන්ට්වෙල්ට එදිරිව කොනෙටිකට් 310 U.S. 296 (1940) යන නඩුවේදී එ.ජ. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට බෙහෙවින් හිතකර වීම සිත්ගන්නකි. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ පළමු සංශෝධනයෙන් සහතික කරනු ලබන දේ “කොන්ග්‍රෙස් සබයට” (ෆෙඩරල් ආණ්ඩුවට) පමණක් නොව ප්‍රාදේශීය බලධාරීන්ට (ප්‍රාදේශීය හා නගර සභා බලධාරීන්ට) පවා අදාළ වන බවය. එමනිසා, දෙවනුව සඳහන් පාර්ශ්වයට පවා පළමු සංශෝධනයෙන් ආරක්ෂා කරන අයිතිවාසිකම් හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කෙරෙන නීති පැනවීමට අවසරයක් නැත.

[5වන පිටුවේ පින්තූර]

මේ හා සම්බන්ධව ඉස්මතු වී ඇති ප්‍රශ්න ගෙයින් ගෙට කරන විවිධ සේවාවන්ට බලපායි

[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඡායාරූප: Franz Jantzen, Collection of the Supreme Court of the United States