Skip to content

පටුනට යන්න

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

(පහත දක්වා ඇති ප්‍රශ්නවලට එහි සඳහන් කර ඇති බයිබල් පදවලින් පිළිතුරු සොයාගත හැකි අතර, පිළිතුරු 13වන පිටුවේ සපයා ඇත. අමතර කරුණු සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන “ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය” [it, සිංහලෙන් නොමැත] නමැති පොත බලන්න.)

1. මෝසෙස් හා ආරොන් යෙහෝවාව විශුද්ධ කිරීමට අසමත් වී, පොරොන්දු දේශයට ඇතුල් වීමේ වරප්‍රසාදය අහිමි කරගත්තේ කවර ස්ථානයේදීද? (ගණන් කථාව 20:12, 13)

2. යෝබ්ගේ ගවයන් හා කොටළුදෙනුන් සොරකම් කළ, ඔහුගේ මෙහෙකරුවන් මරා දැමූ කොල්ලකරුවන් පිරිස කවර ජාතියේ අයද? (යෝබ් 1:14, 15)

3. දානියෙල්ගේ මිතුරන් තිදෙනා අතුරින් මේෂක් යන නම ලැබුණේ කාටද? (දානියෙල් 1:7)

4. ප්‍රේමය සමඟම ඊළඟට සඳහන්ව ඇති ආත්මයේ පලය නම් කරන්න. (ගලාති 5:22)

5. මහ බබිලෝනියේ ක්ෂණික විනාශය සංකේතවත් කිරීමට බලවත් දේවදූතයා “ඇඹරුම් ගලක් වැනි වූ ගලක්” හෙළුවේ කොහේටද? (එළිදරව් 18:21)

6. ගෙහාසී බොරු කරමින් එලිෂාගේ නාමයෙන් ඉල්ලාගත් තෑගි මොනවාද? (2 රාජාවලිය 5:22)

7. ඊශ්‍රායෙලිතයන් බීමට ජලයවත් නොගන්නා බව පොරොන්දු වුවත්, ඔවුන්ට තම රාජධානිය හරහා යෑමට අවසර නොදුන්නේ කවර අමෝරිය රජද? (ගණන් කථාව 21:21-23)

8. සාරාව භූමදාන කිරීමට ස්ථානයක් ලෙස ආබ්‍රහම්ට මක්පේලායේ ගුහාව වික්කේ කවුද? (උත්පත්ති 23:8-10)

9. හිතෝපදේශ 29:25ට අනුව ‘මනුෂ්‍යයන් කෙරෙහි භයවීම’ තුඩු දෙන්නේ කවර ගැටලුවටද? මෙය වළක්වාගත හැක්කේ කෙසේද?

10. දෙවිගේ ආත්මයේ තුන්වන පලය නම් කරන්න. (ගලාති 5:22)

11. යෙහෝවාව සතුටු කරමින්, ඊශ්‍රායෙලිතයන් 24,000දෙනෙකුව මරා දැමූ වසංගතය නතර කිරීමට සැලැස්වූයේ පීනෙහාස් ගත් කවර ක්‍රියාමාර්ගයද? (ගණන් කථාව 25:6-14)

12. බාත, කැබ්, කෝර්, ඒඵා, හින, හෝමෝරය, හුණ්ඩුව (ලොග්), ඕමෙරය සහ නැළිය (සියා) යන සියල්ල කුමක් ලෙස විස්තර කළ හැකිද? (නික්මයාම 16:32)

13. අන්තියෝකියේ, සිරියාවේ හා සිලීසියාවේ සහෝදරයන්ට ලියද්දී “අත්‍යවශ්‍ය කාරණා” ලෙස ප්‍රේරිතයන් හා යෙරුසලමේ වැඩිමහල්ලන් ලැයිස්තුගත කළේ මොනවාද? (ක්‍රියා 15:28, 29, NW)

14. ෂෙබාහි බිසව යෙරුසලම බලා දිගු ගමනක නිරත වූයේ මන්ද? (1 රාජාවලිය 10:4)

15. ඊශ්‍රායෙල් ජාතිය සඳහා යෙහෝවා විසින් ප්‍රකාශ කරන ලද සියලු ශුද්ධ සභා රැස්වීම්වල කැපීපෙනෙන අංග ලක්ෂණයක් නම් කරන්න. (ලෙවී කථාව 23:7)

16. සුවිශේෂ සතරින් කෙටිම එක කුමක්ද?

17. යේසුස්ව අත්අඩංගුවට ගැනීම සඳහා සමූහයක් පැමිණි විට, පේතෘස් කන කපා දමමින් කඩුවෙන් පහර දුන්නේ කාටද? (යොහන් 18:10, NW)

18. බයිබලය මුලින්ම ලියන ලද්දේ කවර භාෂා තුනෙන්ද? (එස්රා 4:7; එළිදරව් 9:11)

19. එහෙ මෙහෙ ගමන් කරමින්, කූඩාරම්වල ජීවත් වෙමින් එඬේර දිවියක් ගෙවූ ජනතාවක් ලෙස නම් දරුවේ කවර ජාතියද? (යෙරෙමියා 3:2)

20. තම කෙත්වල මුලුවල කරල් කපා නොගන්නට ඊශ්‍රායෙලිතයන්ට පවසන ලද්දේ මන්ද? (ලෙවී කථාව 19:9, 10)

ප්‍රශ්නවලට පිළිතුරු

1. මෙරිබා වතුර අසලය

2. ෂෙබාවරු

3. මීෂායෙල්

4. ප්‍රීතිය

5. මුහුදට

6. “රිදී තලෙන්තයකුත් ඇඳුම් කුට්ටම් දෙකකුත්”

7. සීහොන්

8. හිත්තීය වූ එප්‍රොන්

9. එය මලපතකි. යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමෙනි

10. සමාදානය

11. ඔහු සිමියොන්වරුන්ගේ අධිපතියා වූ සිම්රීව හා වේශ්‍යාකම් කිරීම පිණිස තම කූඩාරමට ගෙනා මිදියන් ස්ත්‍රිය වන කොස්බීව ඝාතනය කළේය

12. මිනුම් ඒකක ලෙස

13. “දේවතා රූපවලට පූජා කළ දේවලින්ද ලෙයින්ද බෙල්ල මිරිකා මැරූ සතුන්ගෙන්ද වේශ්‍යාකමින්ද වැළකී සිටීමය”

14. “සාලමොන්ගේ මුළු ප්‍රඥාව” දකින පිණිසය

15. කිසි බර වැඩක් නොකළ යුතුව තිබිණ

16. මාක්

17. උත්තම පූජකයාගේ දාසයා වූ මැල්කස්

18. හෙබ්‍රෙව්, ඇරමයික සහ ග්‍රීක්

19. අරාබිවරු

20. සමහරක් ධාන්‍ය “දිලින්දාට විදේශියාටද” ඉතිරි කරන පිණිසය