ඇත්තටම අපට සංවේද ඉන්ද්‍රියයන් කීයක් තිබෙනවාද?
ඇත්තටම අපට සංවේද ඉන්ද්‍රියයන් කීයක් තිබෙනවාද?
“අවට පරිසරය සමඟ අප කිසිදු ආයාසයක් නොදරමින් මොන තරම් කාර්යක්ෂම ලෙස අන්‍යොන්‍ය සබඳතා පවත්වනවාද කියනවා නම්, සංවේද ඉන්ද්‍රියයන් ආධාරයෙන් අප ලබන ඉතාමත් සුළු සංවේදනයකට පවා හේතු වන ක්‍රියාදාමයන් රාශිය එකින් එක ග්‍රහණය කරගැනීම දුෂ්කරය.”—සුවිශේෂී සංවේදකයන්—මිනිස් අද්දැකීම් අභිභවා යන ලොවක්.
නිසංසල ගම්බද ප්‍රදේශයක පිහිටි පාරක් දිගේ ඔබ බයිසිකලයක් පදිමින් යනවායයි සිතන්න. ඔබේ වේගය පවත්වාගැනීම සඳහා බයිසිකලයේ පෙඩල පාගන විට කොතරම් ආයාසයක් දැරිය යුතුද කියා ඔබට දැනුම් දෙන්නේ ඔබේ පාදවල තිබෙන සංවේදකයන් මගිනි. ඔබේ සමබරතාව පාලනය කරන ඉන්ද්‍රියයන් මගින් ඔබේ සිරුර කෙළින් තබාගනී. ඔබේ නාස්පුඩු මගින් අවට පරිසරයෙන් හමන සුවඳ ආඝ්‍රහණය කරගනී. හාත්පස පැතිරුණු මනරම් දසුන් ඔබේ නෙත ගැටෙයි. කුරුල්ලන්ගේ කිචි බිචි නාදයන් ඔබේ සවනට වැටෙයි. ඔබට දැනෙන පිපාසය සන්සිඳුවන්නට ඔබේ ඇඟිලිවල තිබෙන ස්පර්ශක ප්‍රතිග්‍රාහක ක්‍රියාත්මක වී බයිසිකලයේ සවි කර තිබෙන බෝතලය අතට ගැනීමට සලස්වයි. ඔබ පානය කරන දෙයෙහි රසය ඔබට දැනෙන්න සලස්වන්නේ ඔබේ දිවෙහි තිබෙන රස නහර මගිනි. උණුසුම හා සීතල දන්වන සංවේදකයන් එහි උෂ්ණත්වය ඔබට දැනෙන්න සලස්වයි. පාර හරහා හමන සුළං රැල්ලේ වේගය ඔබට දන්වන්නේ ඔබේ සමෙහි හා සිරුරෙහි කේශවල තිබෙන සංවේදකයන් මගිනි. ඔබේ වේගය කොතරම්ද කියා දැනගැනීමට ඔබගේ ඇස්ද ඔබට ආධාර වේ. පාර අවට උෂ්ණත්වය හා තෙත් ගතිය ඔබට දැනෙන්න සලස්වන්නේ ඔබේ සම මගිනි. මේ අතරතුර ඔබ කොතෙක් දුර බයිසිකලය පැද තිබෙනවාද කියා ඔබට දන්වන්නේ කාලය පිළිබඳව ඔබට තිබෙන දැනුමයි. අවසානයේදී ටිකක් විවේක ගෙන ආහාර ගැනීමට කියා ඔබට බල කර සිටින්නේ අභ්‍යන්තර සංවේද ඉන්ද්‍රියයන් මගිනි. ඇත්තෙන්ම ජීවිතය කියන්නේ සංවේද ඉන්ද්‍රියයන්වල අතිවිශිෂ්ට සුසංයෝගයකි.
තිබෙන්නේ සංවේද ඉන්ද්‍රියයන් පහක් පමණද?
එසේ බයිසිකලයක් පදින විට සංවේද ඉන්ද්‍රියයන් කීයක් ක්‍රියාත්මක වනවාද? සංවේද ඉන්ද්‍රියයන් පහ ලෙස අතීතයේ සිට පිළිගනු ලබන පෙනීම, ඇසීම, සුවඳ, රස හා ස්පර්ශය වැනි දෑ පමණද එහිදී ක්‍රියාත්මක වන්නේ? එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකාහි සඳහන් වන පරිදි මේ සංවේදකයන් පහ දක්වනු ලැබුවේ පුරාණයේ විසූ දාර්ශනික ඇරිස්ටෝටල් විසිනි. ඔහු එසේ දැක්වූ ඉන්ද්‍රියයන් “මොන තරම් කාලයක් පුරා පිළිගැණුනාද කියනවා නම් අද සිටින බොහෝදෙනෙකු පංචේන්ද්‍රියයන් පහ ගැන කතා කරද්දී වෙනත් සංවේද ඉන්ද්‍රියයන් තිබෙන බවවත් සලකන්නේ නැත” කියා එහි සඳහන් වේ.
කෙසේවෙතත් බ්‍රිටැනිකාවෙහි සඳහන් වන ආකාරයට සමෙහි සංවේදීතාව ගැන පමණක් කර තිබෙන අධ්‍යයනවලින් හෙළි වන්නේ “මිනිසුන්ට සංවේද
ඉන්ද්‍රියයන් පහකට වඩා තිබෙන” බවයි. මෙසේ වන්නේ කෙසේද? වරක් ස්පර්ශයේ කොටසක් ලෙස සැලකූ ඇතැම් ක්‍රියාකාරකම් දැන් සලකනු ලබන්නේ වෙනස් සංවේදකයන් ලෙසයි. නිදසුනක් වශයෙන් වේදනාව දැනෙන්න සලස්වන ප්‍රතිග්‍රාහක මගින් යාන්ත්‍ර, තාප හා රසායනික හේතුකාරකවලට ප්‍රතිචාරය දක්වමින් ඒවා වෙන් වෙන්ව හඳුනාගනී. තවත් සංවේදකයන් මගින් සිරුරේ කැසීමක් ඇති බව දැනුම් දෙයි. සාක්ෂිවලින් පෙනෙන්නේ අපට පීඩන සංවේදකයන් අඩුම තරමින් දෙවර්ගයක්වත් තිබෙන බවයි. මින් එකක් මගින් කෙරෙන්නේ සිරුර මත ඇති කරන සැහැල්ලු පීඩන හඳුනාගැනීමයි. අනෙක මගින් ගාඪ (ගැඹුරු) පීඩන හඳුනාගැනේ. අපේ සිරුරේ අභ්‍යන්තර සංවේද ඉන්ද්‍රියයන් ගණනාවක්ද තිබේ. ඒවායේ කාර්යයන් මොනවාද?අභ්‍යන්තර සංවේද ඉන්ද්‍රියයන්
අපේ සිරුර ඇතුළේ සිදු වන වෙනස්කම් හඳුනාගන්නේ අභ්‍යන්තර සංවේද ඉන්ද්‍රියයන් මගිනි. කුසගින්න, පිපාසය, වෙහෙස, අභ්‍යන්තර වේදනා හා හුස්මගැනීමේ මෙන්ම වැසිකිළියට යෑමේ අවශ්‍යතාව දැනුම් දෙන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් මගිනි. දවසක් අවසානයේදී අප වෙහෙසට පත්ව සිටින බව අපට දන්වන්නෙත්, වේලාවන් වෙනස් වන කලාප කිහිපයක් පසු කොට දිගු ගුවන් ගමනක් යෑමෙන් පසු දැනෙන විඩාව දන්වන්නෙත් අපේ අභ්‍යන්තර සංවේදනයන් මගිනි. මේ සඳහා අපේ සිරුරේ ක්‍රියාත්මක වන කාලය නිර්ණය කිරීමේ සංවේදකයේ සහයද ලැබේ. ඇත්තෙන්ම කාලය පිළිබඳව අපට “හැඟීමක්” තිබෙන නිසා වේලාව දැනීමේ හැකියාවද සංවේදක ලැයිස්තුවට එක් කිරීමට යෝජනා කර තිබේ.
අපේ අභ්‍යන්තර කනෙහි ආලින්දීය සංවේදකයක් එනම් සමබරතාව දැනීමේ සංවේදකයක් තිබේ. එය ගුරුත්වය, වේගය හා භ්‍රමණය හඳුනාගෙන ඊට ප්‍රතිචාර දක්වයි. අවසාන වශයෙන් අපට චල වින්දන සංවේද ඉන්ද්‍රියයක්ද තිබේ. මෙමගින් කෙරෙන්නේ මාංශ පේශිවල ආතතිය හා අපේ අත් පාවල චලනයන් හා ඉරියව් හඳුනාගැනීමට අපට උපකාර කිරීමයි. එම සංවේදන හැකියාව නිසා ඇස් වසාගෙන වුවත් අත් පාවල විවිධ ඉරියව් හඳුනාගැනීමට අපට හැකියි.
ඇත්තෙන්ම ඉන්ද්‍රියය සංජානනය (සංවේද ඉන්ද්‍රියයන් මගින් ලබන අවබෝධය) මිනිසුන්ට පමණක් සුවිශේෂ වූ දෙයක් නොවේ. සතුන්ටද විවිධත්වයකින් යුත් සංවේද ඉන්ද්‍රියයන් තිබේ. අපට නැති මුත් ඇතැම් සතුන් සතු විස්මය දනවනසුලු ඉන්ද්‍රියයන්ද ඒවාට ඇතුළත්ය. ඊළඟ ලිපියේදී අපි මේවායින් සමහරක් ගැන පරීක්ෂා කර බලන්නෙමු. මීට අමතරව අප දෙසත් මිහිතලයේ තිබෙන සජීවි දේවල් අතර මිනිසුන්ට සුවිශේෂි තැනක් හිමි කර දෙන අප සතු අද්විතීය ලක්ෂණ දෙසත් අපි සමීප බැල්මක් හෙළමු.
[24වන පිටුවේ කොටුව⁄පින්තූර]
මිනිස් ස්පර්ශය අරුමයකි
ස්පර්ශය නමැති සංවේද්‍යතාව ගැන සලකා බලන කල මිනිසාගේ අත්වලට ඉතා සුවිශේෂී හැකියාවක් තිබෙන බව පෙනී යයි. මයික්‍රෝන තුනක් තරම් උස තිතක් පවා හඳුනාගැනීමට අපේ අත්වලට හැකි බව පර්යේෂකයන් සොයාගෙන තිබෙන බව ස්මිත්සෝනියන් සඟරාවේ සඳහන් වේ. (මිනිසෙකුගේ කෙස් ගසක විෂ්කම්භය මයික්‍රෝන 50ත් 100ත් අතර වේ.) කෙසේවෙතත්, “තිතක් වෙනුවට ගොරෝසු යමක් යොදාගනිමින් කළ පර්යේෂණයකින් පර්යේෂකයන් සොයාගෙන තිබෙන්නේ උස නැනෝමීටර් 75ක් තරම් වූ රළු පෙදෙසක් පවා හඳුනාගැනීමට මිනිසාගේ අත්වලට හැකි බවයි.” නැනෝමීටරයක් යනු මයික්‍රෝනයකින් දාහෙන් එකකි. මෙවන් සුවිශේෂ වූ සංවේදීතාවක් මිනිසාට හිමිවීමට හේතුව ඔහුගේ එක් ඇඟිලි තුඩක පමණක් ස්පර්ශක ප්‍රතිග්‍රාහකයන් 2,000ක් පමණ පිහිටා තිබීමයි.
අපේ සෞඛ්‍යය හා ශුභසිද්ධිය සම්බන්ධයෙන් බලන කලද අපේ ස්පර්ශක සංවේද්‍යතාව මගින් අතිවැදගත් කාර්යභාරයක් ඉටු කෙරේ. “වෙනත් කෙනෙකුගේ මෘදු ස්පර්ශය මගින් වේදනාව සමනය වන අතර එමගින් මනසට සුවයක් ගෙන දෙන හොර්මෝනද නිපදවයි” කියා එක් වාර්තාවක (U.S. News & World Report) සඳහන් වේ. දරුවෙකුට වෙනත් අයගේ ස්පර්ශය තුළින් මුදු සෙනෙහස නොලැබෙන විට දරුවාගේ වර්ධනය බාල වන බව සමහරු විශ්වාස කරති.
[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ඇස: The Complete Encyclopedia of Illustration/J. G. Heck; කන සහ අභ්‍යන්තර කන: © 1997 Visual Language; අත: The Anatomy of Humane Bodies, with figures drawn after the life by some of the best masters in Europe . . . Oxford, 1698, William Cowper