Skip to content

පටුනට යන්න

“පිබිදෙව්! මගේ ජීවිතය බේරුවා!”

“පිබිදෙව්! මගේ ජීවිතය බේරුවා!”

“පිබිදෙව්! මගේ ජීවිතය බේරුවා!”

පිබිදෙව්! සඟරාවේ ප්‍රකාශකයන්ට ඉතාලියේ පාඨකයෙකුගෙන් අගය පළ කරන ලිපියක් ලැබුණා. එයින් කොටසක් පහත දැක්වේ.

“මම අවුරුදු 40ක් පුරා පිබිදෙව්! සඟරා කියවනවා. එම සඟරා තුළ ප්‍රායෝගික විෂයන් බොහොමයක් පිළිබඳව සපයන විස්තර මම අගය කරනවා. මෑතකදී මම වැඩ කරමින් සිටින විට මගේ උදරයේ සහ පපුවේ තද වේදනාවක් දැනුණා. මම හිතුවා ගෙදර ගියොත් හොඳයි කියලා. ඒත් මට ආයෙමත් ඒ වේදනාව දැනෙනකොට මට තේරුණා මගේ ලෙඩේ මොකක්ද කියලා. හෘදයාබාධයක ලක්ෂණ ගැන පැහැදිලි කර තිබූ පිබිදෙව්! ලිපියක් මට හොඳින් මතක තිබුණා. a මම රෝහලට යන්න තීරණය කළා. වෛද්‍යවරයාව හමුවීමට මගේ වාරය පැමිණෙන තුරු මම රෝහලේ සිටින විට මගේ හිස පැත්තට කඩා වැටී මට සිහිය නැතිව ගිහින්. මට මෙය දැනගන්න ලැබුණේ පසු දින දැඩි සත්කාර ඒකකයේදීයි.

“දක්ෂ වෛද්‍යවරුන් කළ ඉක්මන් ප්‍රතිකර්මවලට ස්තුතිවන්ත වන්න අද මම ජීවතුන් අතර ඉන්නවා. ඒ වගේම මම ඔබගේ සඟරාවටත් ප්‍රශංසා කළ යුතුයි. එහි තිබූ තොරතුරු නිසයි මම රෝහලට යෑමට තීරණය කළේ. ඇත්තටම, පිබිදෙව්! මගේ ජීවිතය බේරුවා!”

[පාදසටහන]

a වර්ෂ 1996 දෙසැම්බර් 8 පිබිදෙව්! කලාපයේ 6වන පිටුව බලන්න.—සිංහලෙන් නොමැත.